ජෝබ් 13:13-16
ජෝබ් 13:13-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“නිශ්ශබ්ද වන්න; කතා කරන්නට මට ඉඩ දෙන්න; ඉන්පසු මට වන දෙයක් වුණා වේ! මා මගේ ජීවිතය අවදානමකට ලක් කරන්නේ මන්ද? මගේ ජීවිතය මගේ අත්වලට ගන්නේ කුමට ද? උන්වහන්සේ මා මරා දැමුවත්, උන්වහන්සේ තුළ මම බලාපොරොත්තු තබමි. උන්වහන්සේගේ මුහුණට ම මගේ නිදහසට කරුණු කියමි. මේ කාරණය ම මගේ ගැලවීමට හේතු වනු ඇත; මන්ද කිසි අභක්තික මිනිසෙක් උන්වහන්සේ ඉදිරියට ඒමට එඩිතර නො වේ!
ජෝබ් 13:13-16 Sinhala Revised Old Version (SROV)
නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න. සිද්ධවෙන දෙයක් සිද්ධවුණාවේ. මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙත් මාගේ ප්රාණය මාගේ අතේ තබාගන ඉන්නෙත් මක්නිසාද? උන්වහන්සේ මා මරනවා ඇත; මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි. මේකත් මාගේ ගැළවීම වන්නේය; මක්නිසාද අභක්තිකයෙක් උන්වහන්සේ ඉදිරියට නොඑන්නේය.
ජෝබ් 13:13-16 Sinhala New Revised Version (NRSV)
නිශ්ශබ්ද වන්න; මට කතා කරන්න ඉඩ දෙන්න: වන දෙයක් වුණා වේ. මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි; දිවි නසාගන්නට පවා සූදානම් ය. එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි. මෙසේ මුහුණ පෑම ම මාගේ ගැළවීම විය හැක. මන්ද යත්, අභක්තික කිසිවෙකු එතුමාණන්ට මුහුණ නොපාන බව මම දනිමි.
ජෝබ් 13:13-16 Sinhala New Revised Version 2018 (SNRV)
නිශ්ශබ්ද වන්න; මට කතා කරන්න ඉඩ දෙන්න: වන දෙයක් වුණා වේ. මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි; දිවි නසාගන්නට පවා සූදානම් ය. එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි. මෙසේ මුහුණ පෑම ම මාගේ ගැළවීම විය හැක. මන්ද යත්, අභක්තික කිසිවෙකු එතුමාණන්ට මුහුණ නොපාන බව මම දනිමි.
ජෝබ් 13:13-16 New International Version (NIV)
“Keep silent and let me speak; then let come to me what may. Why do I put myself in jeopardy and take my life in my hands? Though he slay me, yet will I hope in him; I will surely defend my ways to his face. Indeed, this will turn out for my deliverance, for no godless person would dare come before him!