ජෙරෙමියා 7:9-14

ජෙරෙමියා 7:9-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ ‘නුඹලා සොරකම් කර, මිනී මරා, පරදාර සේවනයේ ගැලී, බොරු දිවුරුම් දී, බාල් දේවතාවාට සුවඳ දුම් පුදා, නුඹ නො දන්නා අන්‍ය දෙවිවරුන් පසු පස්සේ ගොස්, ඉන්පසු පැමිණ මගේ නාමය දරන මේ ගෘහයේ මා ඉදිරියේ සිටගෙන, “අපි ගලවනු ලබන්නෙමු” යි කියන්නේ මේ සියලු පිළිකුල්කම් කර ගෙන යන පිණිස ද? මගේ නාමය දරන මෙම ගෘහය නුඹලාගේ ඇස්වලට සොර-ගුහාවක් වී ද? ඔන්න, මම ම එය දුටුවෙමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ ‘මා මුලින් මගේ නාමය වාසය කර වූ ෂීලෝහි මගේ ස්ථානය වෙත දැන් ගොස්, ඉශ්‍රායෙල් මගේ ජනයාගේ දුෂ්ටකම් හේතුවෙන් මා ඊට කළ දේ බලනුයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන්නේ, නුඹලා මේ සියලු දෑ කරන අතරේ මම නැවත, නැවතත් නුඹලාට කතා කළෙමි. එහෙත්, නුඹලා ඇහුම්කන් දුන්නේ නැත. මම නුඹලාට අඬ ගැසීමි. එහෙත් නුඹලා පිළිතුරු දුන්නේ නැත. එබැවින් නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා දුන් ස්ථානය හා නුඹලා විශ්වාසය තැබූ ස්ථානය වන මගේ නාමය දරන මෙම ගෘහයට, මම ෂීලෝට කළ දේ ම කරන්නෙමි.

ජෙරෙමියා 7:9-14 Sinhala Revised Old Version (SROV)

නුඹලා සොරකම්කර, මිනීමරා, කාමමිථ‍්‍යාචාරයකර, බොරුවට දිවුරා, බාල්ට සුවඳදුම් ඔප්පුකර, නුඹලා නොදන්නා අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස්, පසුව ඇවිත්, මාගේ නාමය තබා තිබෙන මේ ගෘහයේදී මා ඉදිරියෙහි සිට: අපි ගැළවුණෙමුයයි කියන්නේ මේ සියලු පිළිකුල්කම් කරන පිණිසද? මාගේ නාමය තබා තිබෙන මේ ගෘහය සොරුන්ගේ ගුහාවක්යයි නුඹලා සිතනවාද? මටත්, එසේය මටත් පෙනෙනවායයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් පළමු මා විසින් මාගේ නාමය තැබූ ෂීලෝහිවූ මාගේ ඉඩමට ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න. ඉතින් නුඹලා මේ සියලු ක්‍රියාවල් කළ නිසාත්, මා නුඹලාට කථාකළ නුමුත්, අලුයම් වේලේ පටන්ම කථාකළ නුමුත්, නුඹලා ඇසුවේවත් මා නුඹලාට අඬගැසූ නුමුත් නුඹලා උත්තරදුන්නේවත් නැති නිසාත්, මාගේ නාමය තබා තිබෙන්නාවූ, නුඹලා විශ්වාසය තැබූ ගෘහයටත් මා නුඹලාට සහ නුඹලාගේ පියවරුන්ට දුන්නාවූ ස්ථානයටත් මම ෂිලෝට කළ ලෙස කරන්නෙමි.

ජෙරෙමියා 7:9-14 Sinhala New Revised Version (NRSV)

නුඹලා සොරකම් කර, මිනීමරා, කාමමිථ්‍යාචාරය කර, බොරුවට දිවුරා, බාල් දෙවියන්ට සුවඳ දුම් ඔප්පු කර, නුඹලා නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගියහු ය. ඉන්පසු නුඹලා අවුත්, මාගේ නාමය දරන මේ මාලිගාවේ දී මා ඉදිරියේ සිට, ‘අපි ගැළවී සිටිමු’යි කියන්නේ, මේ සියලු පිළිකුල්කම් කරගෙන යන පිණිස ද? මාගේ නාමය දරන මේ මාලිගාව සොරුන්ගේ ගුහාවකැ යි නුඹලා සිතන්නහු ද? නුඹලා කරන දේ සැබැවින් ම මට පෙනේ. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය. මා නමස්කාරය ලබන පිණිස මා මුලින් ම තෝරාගත් ස්ථානය වන ෂිලෝවට ගොස්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න. මා සඳහන් කළ සියලු පව් නුඹලා කර ඇත. මා නුඹලාට නැවත නැවත ඕනෑකමින් කතා කළ නමුත්, නුඹලා මට සවන් නොදුන්නහු ය. මා නුඹලාට අඬගැසූ නමුත්, නුඹලා මට පිළිතුරු නුදුන්නහු ය. ඒ නිසා මාගේ නාමය දරන, නුඹලාගේ විශ්වාසය තබා ඇති මේ මාලිගාවටත්, මා නුඹලාට හා නුඹලාගේ පියවරුන්ට දුන් මේ ස්ථානයටත් ෂිලෝවට කළ දේ මම කරන්නෙමි.

ජෙරෙමියා 7:9-14 Sinhala New Revised Version 2018 (SNRV)