ජෙරෙමියා 7:9-14

ජෙරෙමියා 7:9-14 SROV

නුඹලා සොරකම්කර, මිනීමරා, කාමමිථ‍්‍යාචාරයකර, බොරුවට දිවුරා, බාල්ට සුවඳදුම් ඔප්පුකර, නුඹලා නොදන්නා අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස්, පසුව ඇවිත්, මාගේ නාමය තබා තිබෙන මේ ගෘහයේදී මා ඉදිරියෙහි සිට: අපි ගැළවුණෙමුයයි කියන්නේ මේ සියලු පිළිකුල්කම් කරන පිණිසද? මාගේ නාමය තබා තිබෙන මේ ගෘහය සොරුන්ගේ ගුහාවක්යයි නුඹලා සිතනවාද? මටත්, එසේය මටත් පෙනෙනවායයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් පළමු මා විසින් මාගේ නාමය තැබූ ෂීලෝහිවූ මාගේ ඉඩමට ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න. ඉතින් නුඹලා මේ සියලු ක්‍රියාවල් කළ නිසාත්, මා නුඹලාට කථාකළ නුමුත්, අලුයම් වේලේ පටන්ම කථාකළ නුමුත්, නුඹලා ඇසුවේවත් මා නුඹලාට අඬගැසූ නුමුත් නුඹලා උත්තරදුන්නේවත් නැති නිසාත්, මාගේ නාමය තබා තිබෙන්නාවූ, නුඹලා විශ්වාසය තැබූ ගෘහයටත් මා නුඹලාට සහ නුඹලාගේ පියවරුන්ට දුන්නාවූ ස්ථානයටත් මම ෂිලෝට කළ ලෙස කරන්නෙමි.