“ ‘නුඹලා සොරකම් කර, මිනී මරා, පරදාර සේවනයේ ගැලී, බොරු දිවුරුම් දී, බාල් දේවතාවාට සුවඳ දුම් පුදා, නුඹ නො දන්නා අන්‍ය දෙවිවරුන් පසු පස්සේ ගොස්, ඉන්පසු පැමිණ මගේ නාමය දරන මේ ගෘහයේ මා ඉදිරියේ සිටගෙන, “අපි ගලවනු ලබන්නෙමු” යි කියන්නේ මේ සියලු පිළිකුල්කම් කර ගෙන යන පිණිස ද? මගේ නාමය දරන මෙම ගෘහය නුඹලාගේ ඇස්වලට සොර-ගුහාවක් වී ද? ඔන්න, මම ම එය දුටුවෙමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ ‘මා මුලින් මගේ නාමය වාසය කර වූ ෂීලෝහි මගේ ස්ථානය වෙත දැන් ගොස්, ඉශ්‍රායෙල් මගේ ජනයාගේ දුෂ්ටකම් හේතුවෙන් මා ඊට කළ දේ බලනුයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන්නේ, නුඹලා මේ සියලු දෑ කරන අතරේ මම නැවත, නැවතත් නුඹලාට කතා කළෙමි. එහෙත්, නුඹලා ඇහුම්කන් දුන්නේ නැත. මම නුඹලාට අඬ ගැසීමි. එහෙත් නුඹලා පිළිතුරු දුන්නේ නැත. එබැවින් නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා දුන් ස්ථානය හා නුඹලා විශ්වාසය තැබූ ස්ථානය වන මගේ නාමය දරන මෙම ගෘහයට, මම ෂීලෝට කළ දේ ම කරන්නෙමි.
යෙරමියා 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 7:9-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ