ජෙරෙමියා 29:4-11
ජෙරෙමියා 29:4-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෙරුසලමේ සිට බබිලෝනියට මා විසින් පිටුවහල් කරන ලද සියල්ලන් හට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “නිවෙස් තනා, ඒවායේ පදිංචි වන්න. වතු පිටි වවා, ඒවායේ පලදාව කන්න. අඹුවන් ගෙන, දූ පුතුන් උපද්ද වන්න. ඔබේ පුතුනට අඹුවන් ආවාහ කොට ගෙන, ඔබේ දූවරුන් සැමියනට විවාහ කොට දී, ඔවුනටත් දූ පුතුන් උපදින්නට සලස්වන්න. මෙසේ එහිදී ගණනින් වැඩි වර්ධන වන්න; අඩු නො වන්න. මා විසින් ඔබ පිටුවහල් කරන ලද පුරවරයේ සුබ සිද්ධිය ද සොයන්න. එය උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. මන්ද එහි සෞභාග්‍යය, ඔබගේ සෞභාග්‍යය වේ.” ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔබ අතරේ සිටින දිවැසිවරුන්ට හා පේන කියන්නන්ට ඔබ රවටන්නට ඉඩ නො දෙන්න. ඔබ ඔවුන්ට දකින්නට සලසන සිහිනවලට සවන් නො දෙන්න. ඔවුහු මගේ නාමයෙන් බොරු අනාවැකි පවසති. මම ඔවුන් නො යැවීමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “බබිලෝනිය සඳහා සැත්තෑ වසර සම්පූර්ණ වූ කල, මම නුඹලා සොයා බලා, මේ ස්ථානයට නුඹලා ආපසු ගෙන ඒමේ මගේ පොරොන්දුව, ඉෂ්ට කරන්නෙමි. මන්ද ඔබ උදෙසා මා වෙත ඇති සැලසුම් මම දනිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඒවා සමෘද්ධියේ සැලසුම් ය. ඔබට හානිදායක ඒවා නො වේ. ඔබට අනාගතයක් හා අපේක්ෂාවක් දීමේ සැලසුම් ය.
ජෙරෙමියා 29:4-11 Sinhala Revised Old Version (SROV)
අල්ලාගන්නාලදුව, යෙරුසලමෙන් බබිලෝනියට මා විසින් ගෙන ගියාවූ සියල්ලන්ට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක– නුඹලා ගෙවල් ගොඩනගා එහි වාසයකරන්න; වතු වවා ඒවායේ ඵල කන්න; භාර්යාවන් පාවාගෙන පුත්‍රයන්ද දූවරුන්ද උපදවන්න; නුඹලාගේ පුත්‍රයන්ටත් භාර්යාවන් ගන්න, නුඹලාගේ දූවරුන් විසින් පුත්‍රයන්ද දූවරුන්ද බිහිකරන පිණිස ඔවුන් පුරුෂයන්ට පාවාදෙන්න; මෙසේ නුඹලා එහි අඩු නොවී වැඩිවෙන්න. මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි. තවද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අතරෙහි සිටින නුඹලාගේ ප්‍රොපේතවරුන්ටද පේනකියන්නන්ටද නොරැවටෙන්න, නුඹලා දකින නුඹලාගේ ස්වප්නවලටත් ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති. මම ඔවුන් නොඑවුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ජෙරෙමියා 29:4-11 Sinhala New Revised Version (NRSV)
“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ හිරකරුවන් වශයෙන් ජෙරුසලමෙන් බබිලෝනියට ගෙන යන්නට ඉඩ හැරිය සියල්ලන්ට උන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා ගෙවල් ගොඩනඟා, එහි වාසය කරන්න; වතු වවා ඒවායින් ලැබෙන පල කන්න; විවාහ වී දරුදැරියන් ලබාගන්න; නුඹලාගේ පුත්‍රයන්ට භාර්යාවන් ද දූවරුන්ට පුරුෂයන් ද ලබා දී දරුදැරියන් ලැබීමට ඔවුන්ට ඉඩ සලසා දෙන්න. මෙසේ නුඹලාගේ සංබ්‍යාව අඩුවන්නට ඉඩ නොදී වැඩි කරන්න. මම නුඹලා හිරකරුවන් වශයෙන් යම් නගරයකට පැමිණෙවුවෙම් ද එහි යහපත පිණිස වැඩ කරන්න. ඒ උදෙසා මට යාච්ඤා කරන්න. ඒ නගරයේ සෞභාග්‍යය ඇති වුවහොත්, නුඹලාගේ සෞභාග්‍යයත් ඇති වන්නේ ය.’ ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා අතරෙහි සිටින නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද නොරැවටෙන්න; ඔවුන් දකින සිහින ගණනකට නොගන්න. මන්ද, ඔව්හු මාගේ නාමයෙන් නුඹලාට බොරු දිවැස් වැකි පවසති. මම ඔවුන් නොඑව්වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’ “තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි. නුඹලාගේ සෞභාග්‍යය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ජෙරෙමියා 29:4-11 Sinhala New Revised Version 2018 (SNRV)

ජෙරෙමියා 29:4-11 New International Version (NIV)
This is what the LORD Almighty, the God of Israel, says to all those I carried into exile from Jerusalem to Babylon: “Build houses and settle down; plant gardens and eat what they produce. Marry and have sons and daughters; find wives for your sons and give your daughters in marriage, so that they too may have sons and daughters. Increase in number there; do not decrease. Also, seek the peace and prosperity of the city to which I have carried you into exile. Pray to the LORD for it, because if it prospers, you too will prosper.” Yes, this is what the LORD Almighty, the God of Israel, says: “Do not let the prophets and diviners among you deceive you. Do not listen to the dreams you encourage them to have. They are prophesying lies to you in my name. I have not sent them,” declares the LORD. This is what the LORD says: “When seventy years are completed for Babylon, I will come to you and fulfill my good promise to bring you back to this place. For I know the plans I have for you,” declares the LORD, “plans to prosper you and not to harm you, plans to give you hope and a future.