ජෙරෙමියා 29:4-11

ජෙරෙමියා 29:4-11 SROV

අල්ලාගන්නාලදුව, යෙරුසලමෙන් බබිලෝනියට මා විසින් ගෙන ගියාවූ සියල්ලන්ට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක– නුඹලා ගෙවල් ගොඩනගා එහි වාසයකරන්න; වතු වවා ඒවායේ ඵල කන්න; භාර්යාවන් පාවාගෙන පුත්‍රයන්ද දූවරුන්ද උපදවන්න; නුඹලාගේ පුත්‍රයන්ටත් භාර්යාවන් ගන්න, නුඹලාගේ දූවරුන් විසින් පුත්‍රයන්ද දූවරුන්ද බිහිකරන පිණිස ඔවුන් පුරුෂයන්ට පාවාදෙන්න; මෙසේ නුඹලා එහි අඩු නොවී වැඩිවෙන්න. මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි. තවද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අතරෙහි සිටින නුඹලාගේ ප්‍රොපේතවරුන්ටද පේනකියන්නන්ටද නොරැවටෙන්න, නුඹලා දකින නුඹලාගේ ස්වප්නවලටත් ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති. මම ඔවුන් නොඑවුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.