“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ හිරකරුවන් වශයෙන් ජෙරුසලමෙන් බබිලෝනියට ගෙන යන්නට ඉඩ හැරිය සියල්ලන්ට උන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා ගෙවල් ගොඩනඟා, එහි වාසය කරන්න; වතු වවා ඒවායින් ලැබෙන පල කන්න; විවාහ වී දරුදැරියන් ලබාගන්න; නුඹලාගේ පුත්‍රයන්ට භාර්යාවන් ද දූවරුන්ට පුරුෂයන් ද ලබා දී දරුදැරියන් ලැබීමට ඔවුන්ට ඉඩ සලසා දෙන්න. මෙසේ නුඹලාගේ සංබ්‍යාව අඩුවන්නට ඉඩ නොදී වැඩි කරන්න. මම නුඹලා හිරකරුවන් වශයෙන් යම් නගරයකට පැමිණෙවුවෙම් ද එහි යහපත පිණිස වැඩ කරන්න. ඒ උදෙසා මට යාච්ඤා කරන්න. ඒ නගරයේ සෞභාග්‍යය ඇති වුවහොත්, නුඹලාගේ සෞභාග්‍යයත් ඇති වන්නේ ය.’ ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා අතරෙහි සිටින නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද නොරැවටෙන්න; ඔවුන් දකින සිහින ගණනකට නොගන්න. මන්ද, ඔව්හු මාගේ නාමයෙන් නුඹලාට බොරු දිවැස් වැකි පවසති. මම ඔවුන් නොඑව්වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’ “තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි. නුඹලාගේ සෞභාග්‍යය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ජෙරමියා 29 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ජෙරමියා 29:4-11
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ