විනිශ්චයකාරයන්ගේ පොත 9:1-2
විනිශ්චයකාරයන්ගේ පොත 9:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක්, තම මවගේ සහෝදරයින් වෙත ෂෙකෙම්ට ගොස්, ඔවුන්ට ද තම මවගේ පියවංශික මුළු පෙළපතට ද කතා කරමින්, “ෂෙකෙම්හි සියලු නායකයින් අසා සිටියදී මෙසේ කියන්න: ‘නුඹලාට වඩා හොඳ කොයි එක ද? යෙරුබ්බාල්ගේ පුතුන් හැත්තෑදෙනා ඔබේ පාලකයින් වෙනවාට ද? නැතහොත් එක් කෙනකු පමණක් ඔබ පාලනය කරනවාට ද?’ මතක තබා ගන්න, මා ඔබේ ම ඇට හා ඔබේ මාංසය යැ” යි කීවේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 9:1-2 Sinhala Revised Old Version (SROV)
යෙරුබ්බාල්ගේ පුත්රවූ අබිමෙලෙක් ෂෙකෙම්හි සිට තමාගේ මවුගේ සහෝදරයන් ළඟට ගොස් ඔවුන්ටත් තමාගේ මවුගේ පිය වංශයේ මුළු පවුලටත් කථාකොට: නුඹලාට කොයි එක වඩා හොඳද–යෙරුබ්බාල්ගේ සියලු පුත්රයන් එනම් සැත්තෑදෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද නොහොත් එක්කෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද කියා ෂෙකෙම්හි සියලු වැසියන් ඉදිරියෙහි කථාකරනලෙස නුඹලාගෙන් ඉල්ලමි; මා වනාහි නුඹලාගේ ඇට හා මාංසය බවත් සිහිකරන්නැයි කීවේය.
විනිශ්චයකාරයන්ගේ පොත 9:1-2 Sinhala New Revised Version (NRSV)
ජෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක් ෂෙකෙම්හි සිටි තමාගේ මවගේ සහෝදරයන් ළඟට ගොස්, ඔවුන්ටත්, තමාගේ මවගේ පිය වංශයේ මුළු පවුලටත් කතා කොට, “ෂෙකෙම්හි සියලු වැසියන්ගෙන් මෙසේ ප්රශ්න කරන්න, ‘ඔබට වඩා හොඳ සේ පෙනෙන්නේ කුමක් ද? ජෙරුබ්බාල්ගේ සියලු පුත්රයන් එනම්, සැත්තෑදෙනෙකු ඔබ කෙරෙහි අධිපතිකම් කිරීම ද නැතහොත් එක් කෙනෙකු අධිපතිකම් කිරීම ද?’ මා වනාහි ඔබේ ම ලේ නෑයෙකු බවත් සිහි කරන්නැ”යි කීවේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 9:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
ජෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක් ෂෙකෙම්හි සිටි තමාගේ මවගේ සහෝදරයන් ළඟට ගොස්, ඔවුන්ටත්, තමාගේ මවගේ පිය වංශයේ මුළු පවුලටත් කතා කොට, “ෂෙකෙම්හි සියලු වැසියන්ගෙන් මෙසේ ප්රශ්න කරන්න, ‘ඔබට වඩා හොඳ සේ පෙනෙන්නේ කුමක් ද? ජෙරුබ්බාල්ගේ සියලු පුත්රයන් එනම්, සැත්තෑදෙනෙකු ඔබ කෙරෙහි අධිපතිකම් කිරීම ද නැතහොත් එක් කෙනෙකු අධිපතිකම් කිරීම ද?’ මා වනාහි ඔබේ ම ලේ නෑයෙකු බවත් සිහි කරන්නැ”යි කීවේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 9:1-2 New International Version (NIV)
Abimelek son of Jerub-Baal went to his mother’s brothers in Shechem and said to them and to all his mother’s clan, “Ask all the citizens of Shechem, ‘Which is better for you: to have all seventy of Jerub-Baal’s sons rule over you, or just one man?’ Remember, I am your flesh and blood.”