විනිශ්චයකාරයන්ගේ පොත 5:1-9

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ දවසේ දෙබොරා හා අබිනොවම්ගේ පුත් බාරාක් මෙසේ ගායනා කළහ. “ඉශ්‍රායෙල්හි නායකයින් පෙරමුණ ගත් කල, ජනයා කැමැත්තෙන් ම ඉදිරිපත් වූ කල, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්! “රජවරුනි මේ අහන්න! පාලකයිනි සවන් දෙන්න! ස්වාමින්වහන්සේට මම එසේය, මම ගයන්නෙමි! ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මම මධුර ස්වර නගන්නෙමි. “අහෝ ස්වාමින්වහන්ස, ඔබ සේයිර් වෙතින් පිටත් ව ගිය කල, ඒදොම් පෙදෙසේ සිට ගමනේ යෙදුන කල, පොළොව සලිත විණ. අහස වැගිරිණ. වලාකුළින් ජලය කඩා හැලිණ. සීනයිහි තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි කඳු හෙල්ලුම් කැවිණ. “අනාත්ගේ පුත් ෂම්ගර්ගේ දවස්වල යායෙල්ගේ දවස්වල මහ මාවත පාළුවට යැවිණ. ගමන් ගන්නන් ගියේ අතුරු පාරවලිනි. ඉශ්‍රායෙල් ගැමි ජන ජීවිත නැවතිණ. මා නැගිටින තෙක් ඔවුන් නැවතිණ. දෙබොරා වන මා ඉශ්‍රායෙල් මවක ව, නැගිටින තෙක්, නැවතිණ. නව දෙවිවරුන් තෝරා ගැනුණු කල, යුද්ධය, නගර දොරටුව අබියස ය. එහෙත්, ඉශ්‍රායෙල්හි හතළිස් දහසක් අතරේ පලිහක් හෝ හෙල්ලයක් දක්නට වූයේ නැත. මගේ හදවත ඉශ්‍රායෙල් සෙන්පතීන් වෙත, ජනයා අතරින් කැමැත්තෙන් ම ඉදිරිපත් වූ අය වෙත යයි. ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්!

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-9 Sinhala Revised Old Version (SROV)

ඉක්බිති ඒ දවසේදී දෙබොරාද අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක්ද මෙසේ ගීතිකාකළෝය: අධිපතීන් ඉශ්‍රායෙල්හි මූලිකව ගිය බැවින්ද, සෙනඟ කැමැත්තෙන්ම ඉදිරියට ආ බැවින්ද, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න. රජදරුවෙනි, අසන්න; අධිපතියෙනි, කන්දෙන්න; මම, එසේය, මම, ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි; ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි. ස්වාමීන්වහන්ස, ඔබ සේයිර් සිට නික්මගිය කලද ඒදොම් පළාතේ සිට නැගී ආකලද පොළොව වෙවුලුවාය, අහසෙන් වැසි වැස්සේය, එසේය, වළාකුල්වලින් වතුර වෑස්සුණේය. කඳු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද අර සීනයි කන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද දියව ගියේය. අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ගේ දවස්වලද යායෙල්ගේ දවස්වලද මාවත් හිස්ව තිබුණේය, මගීහුද අතුරු පාරවලින් ගියෝය. දෙබොරානම් මා නැගිටින තෙක්, මා ඉශ්‍රායෙල්හි මවක් ව නැගිටිනතෙක්, ඉශ්‍රායෙල්හි ප්‍රධානියෝ නැතුව සිටියෝය. නැතුවම සිටියෝය. ඔව්හු අමුතු දෙවිවරුන් තෝරා ගත්තෝය; එවිට යුද්ධය දොරටුවලට පැමුණුණේය. ඉශ්‍රායෙල්හි සතළිස් දහසක් අතරේ පලිහක්වත් හෙල්ලයක්වත් දකිනුලැබුයේද? සෙනඟ අතරෙන් කැමැත්තෙන්ම ඉදිරියට ආ ඉශ්‍රායෙල් ආණ්ඩුකාරයන් කෙරේ මාගේ සිත ඇලුම්වේ; ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-9 Sinhala New Revised Version (NRSV)

ඒ දවසේ දී දෙබොරා ද අබිනොවම්ගේ පුත් බාරාක් ද මෙසේ ගී ගැයූ හ: “අධිපතීන් ඉශ්රායෙල්හි මූලික ව ගිය බැවින්, සෙනඟ සිය කැමැත්තෙන් ඉදිරියට ආ බැවින්, සමිඳුන් හට දෙව් ගී පැසසුම්. රජ දරුවෙනි අසන්න; අධිපතියෙනි කන් දෙන්න; සමිඳුන් හට මම ගී ගයමි. ඉශ්රායෙල්හි දෙවි සමිඳුන් හට පැසසුම් දෙමි. සමිඳුනි, ඔබ සේයිර් සිට නික්ම ගිය කල, ඒදොම් සිට නැඟී ආ විට දෙරණ දෙදරා ගියේ ය; ගුවනින් වැසි වැස්සේ ය; මේඝයෙන් වතුර වෑස්සුණේ ය. සීනයි කන්දේ සමිඳුන් ඉදිරියේ, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳුන් හමුයේ කඳු කම්පා වී ගියේ ය. අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ. දෙබොරා නම් මා නැඟී එන තෙක්, ඉශ්රායෙල්ට මා මවක වන තෙක් ඉශ්රායෙල්හි ප්‍රධානීහු කොහෙත් ම නොසිටියෝ ය. ඔවුන් අමුතු දෙවිවරුන් තෝරාගත් කල, දොරටු කරා යුද්ධය පැමිණියේ ය. ඉශ්රායෙල්හි සතළිස්දහසක් අතරේ පලිහක් වත්, හෙල්ලයක් වත් දකින්නට ලැබුණේ ද? සෙනඟ අතරෙන් සිය කැමැත්තෙන් ම, ඉදිරියට ආ සෙනෙවියන් කෙරේ මාගේ සිත ඇලුම් වේ. සමිඳුන් හට ගී පසස් දෙව්.

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-9 Sinhala New Revised Version 2018 (SNRV)