යෙසායා 9:2-3
යෙසායා 9:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අන්ධකාරයේ ඇවිදන ජනයා, මහත් ආලෝකයක් දුටහ. ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ. ඔබ, ජාතිය පුළුල් කළ සේක්, ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක. අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ, කොල්ලය බෙදා ගන්නා කල මිනිසුන් ප්‍රීති වන්නා සේ, ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති.
යෙසායා 9:2-3 Sinhala Revised Old Version (SROV)
අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය. ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති.
යෙසායා 9:2-3 Sinhala New Revised Version (NRSV)
අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය. ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.
යෙසායා 9:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය. ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.
යෙසායා 9:2-3 New International Version (NIV)
The people walking in darkness have seen a great light; on those living in the land of deep darkness a light has dawned. You have enlarged the nation and increased their joy; they rejoice before you as people rejoice at the harvest, as warriors rejoice when dividing the plunder.

