යෙසායා 55:1-5 - Compare All Versions

යෙසායා 55:1-5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“එන්න! පිපාසිත හැම කෙනෙක් ම වතුර වෙත එන්න. මුදල් නැත්තෙනි, එන්න; ධාන්‍ය රැගෙන, කන්න. එන්න. මුදල් නැතිව, ගාස්තුවක් නැතිව, මිදි යුෂ හා කිරි අරගන්න. අහර නො වන දේට ඔබේ මුදල් වියදම් කරන්නේ ඇයි? සෑහීමක් නො දෙන දේට ඔබේ ශ්‍රමය වැය කරන්නේ ඇයි? මට හොඳින් සවන් දී, හොඳ දෑ අහරට ගන්න. ප්‍රණීත අහරින් ඔබ ම සොම්නස් වන්න. සවන් යොමා, මවෙත එන්න; ඔබ ජීවත් වන පිණිස, මට ඇහුම්කන් දෙන්න. විශ්වසනීය ව, දාවිත්ට මා පොරොන්දු වූ නොමියෙන ප්‍රේමයෙන් යුතු ව, මම ඔබ සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි. බලන්න! මා ඔහු සෑදුවේ, ජාතීන්ට සාක්ෂිකරුවෙක් වශයෙනි; ජනයින්ට නායකයකු හා අණ දෙන්නකු වශයෙනි. ඔන්න ඔබ, ඔබ නො දත් ජාතියක් කැඳවනු ඇත. ඔබ ගැන නො දන්නා ජාතියක් වහ වහා ඔබ වෙත එනු ඇත. එසේ වන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ නිසා ය. මන්ද උන්වහන්සේ, ඔබ තේජසට පමුණුවා ඇති බැවිනි.

බෙදාගන්න
යෙසායා 55 SCV

යෙසායා 55:1-5 SROV (Sinhala Revised Old Version)

එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න. කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිඳීවා. නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි. බලව, උන්වහන්සේ ජනයන්ට සාක්ෂිකාරයෙක්ද ජනයන්ට අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්ද කොට දුනිමි. බලව, නුඹ නොදන්න ජාතියක් නුඹ අඬගසාගන්නෙහිය, නුඹව නොදැන සිටි ජාතියක්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සහ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා නුඹ ළඟට දුව එනවා ඇත. මක්නිසාද උන්වහන්සේ නුඹට ගෞරවකර තිබේ.

බෙදාගන්න
යෙසායා 55 SROV

යෙසායා 55:1-5 NRSV (Sinhala New Revised Version)

“පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න. කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.” “මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි. දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි. මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි. නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්, නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.”

බෙදාගන්න
යෙසායා 55 NRSV

යෙසායා 55:1-5 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 55 SNRV

යෙසායා 55:1-5 NIV (New International Version)

“Come, all you who are thirsty, come to the waters; and you who have no money, come, buy and eat! Come, buy wine and milk without money and without cost. Why spend money on what is not bread, and your labor on what does not satisfy? Listen, listen to me, and eat what is good, and you will delight in the richest of fare. Give ear and come to me; listen, that you may live. I will make an everlasting covenant with you, my faithful love promised to David. See, I have made him a witness to the peoples, a ruler and commander of the peoples. Surely you will summon nations you know not, and nations you do not know will come running to you, because of the LORD your God, the Holy One of Israel, for he has endowed you with splendor.”

බෙදාගන්න
යෙසායා 55 NIV