යෙසායා 47:1-7 - Compare All Versions
යෙසායා 47:1-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“පහතට බැස, දූලියෙහි හිඳගන්න, එම්බා බබිලෝනි කන්‍යා දියණියනි; සිහසුනක් නැතිව බිම හිඳගන්න, එම්බා කල්දිවර දියණියනි. මින් මතු, සිවුමැලි ය, කෝමල යයි ඔබ ගැන කියනු නැත. ඇඹරුම් ගල් ගෙන, පිටි අඹරන්න. ඔබගේ මුහුණු වැස්ම ඉවතලන්න. ඔබගේ සාය ඔසවා, කකුල් නිරාවරණ කොට, වතුරට බැස, ගංගා මැදින් යන්න. නුඹේ නග්න භාවය නිරාවරණ කෙරේ. නුඹේ විලි ලජ්ජා නැතිකම පෙන්නුම් කෙරේ. මම පළිය ගන්නෙමි. එකෙකුදු ඉතිරි නො කරන්නෙමි.” අපගේ මිදුම්කරුවාණෝ, සේනාංකවල ස්වාමින්වහන්සේ යන නාමය දරන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය. “නිහඬ ව හිඳ, අන්ධකාරය තුළට යන්න, එම්බා කල්දිවරුන්ගේ දියණිය. මන්ද රාජධානිවල රැජින යැයි තවදුරටත් නුඹ අමතනු ලබන්නේ නැත. මම මගේ ජනයා ගැන කෝප වී, මගේ උරුමය අපවිත්‍ර කළෙමි. මම ඔවුන් නුඹ අතට බාර දුනිමි; නුඹ ඔවුන්ට දයාවක් පෑවේ නැත: මහලු අය පිට පවා නුඹ මහ බර වියගහක් පැටවී ය. ‘සදාතන රැජින ව මම වැජඹෙමි’ යි නුඹ පැවසී ය. එහෙත් මේ දෑ නුඹ කල්පනාවට ගත්තේ නැත. අන්තිමට කුමක් සිදු වේ දැයි නුඹ සිතා බැලුවේ නැත.
යෙසායා 47:1-7 SROV (Sinhala Revised Old Version)
කන්‍යාවවූ බබිලොන් දියණිය, බැස ධූලියෙහි හිඳගන්න; කල්දිවරුන්ගේ දියණිය, සිංහාසනයක් නැතුව බිම හිඳගන්න. මක්නිසාද: මෘදුවූ සිව්මැළිවූ තැනැත්තීයයි තවත් නුඹට කියනු නොලැබේ. ඇඹරුම් ගල්ගෙන පිටි අඹරන්න. නුඹේ මුහුණු වැස්ම අහක්කොට, පිට ඇඳුම ගළවා දමා, කකුල් නග්නකර, ගංගාවලින් එගොඩවෙන්න. නුඹේ නග්න භාවය ප්‍රකාශවන්නේය, නුඹේ ලජ්ජාවත් පෙනෙන්නේය. මම පළිගන්නෙමි, කිසි මනුෂ්‍යයෙකු පිළි නොගන්නෙමි. අපේ මිදුම්කාරයා නම් සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය. කල්දිවරුන්ගේ දියණිය, නිශ්ශබ්දව ඉඳ අන්ධකාරයට ඇතුල්වෙන්න. මක්නිසාද නුඹ: රාජ්‍යවල ස්වාමිදුවයයි තවත් කියනු නොලබන්නීය. මම මාගේ සෙනඟ කෙරෙහි උදහස්වී, මාගේ උරුමය කෙලහා, ඔවුන් නුඹ අතට දුනිමි. නුඹ ඔවුන්ට අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන් පිට නුඹේ වියගහ ඉතා බර කෙළෙහිය. මම සෑම කල්ම ස්වාමිදුවව සිටින්නෙමියි නුඹ කීවෙහිය. මෙසේ නුඹ මේ දේවල් සිතට ගත්තේවත්, එහි අන්තිමය සිහිකළේවත් නැත.
යෙසායා 47:1-7 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය. ඇඹරුම් ගල් ගෙන පිටි අඹරන්න. මුහුණු වැස්ම ඉවත දමන්න. උඩ සළුව ගලවාදමා, කකුල් නග්න ව තබාගෙන, ගංගාවලින් එගොඩ වී යන්න. නුඹේ නග්න භාවය පෙනෙන්නේ ය; නුඹේ ලජ්ජාව එළි වන්නේ ය. මම පළිගන්නෙමි. කිසිවෙකුට මා නතර කළ නොහැකි ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ අප නිදහස් කරන සේක. එතුමාණන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. බබිලොන් අඟන නිශ්ශබ්ද ව අන්ධකාරයට ඇතුළු වන්න. තවත් ‘නුඹ ජාතීන්ගේ රැජින ය’යි නොකියනු ලබන්නෙහි ය. මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය. නුඹ සැම කල්හි ම රැජිනක ව සිටිනු ඇතැ යි සිතා, මේ දේවල් සිතට ගත්තේ වත්, ඒවායේ ප්‍රතිඵල සිහි කෙළේ වත් නැත.
යෙසායා 47:1-7 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 47:1-7 NIV (New International Version)
“Go down, sit in the dust, Virgin Daughter Babylon; sit on the ground without a throne, queen city of the Babylonians. No more will you be called tender or delicate. Take millstones and grind flour; take off your veil. Lift up your skirts, bare your legs, and wade through the streams. Your nakedness will be exposed and your shame uncovered. I will take vengeance; I will spare no one.” Our Redeemer—the LORD Almighty is his name— is the Holy One of Israel. “Sit in silence, go into darkness, queen city of the Babylonians; no more will you be called queen of kingdoms. I was angry with my people and desecrated my inheritance; I gave them into your hand, and you showed them no mercy. Even on the aged you laid a very heavy yoke. You said, ‘I am forever— the eternal queen!’ But you did not consider these things or reflect on what might happen.