යෙසායා 26:1-13
යෙසායා 26:1-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ දවසේ යූදා දේශයේ මේ ගීතය ගායනා කෙරෙනු ඇත: අපට ප්‍රබල පුරවරයක් ඇත. උන්වහන්සේ ගැලවීම පිහිටුවන්නේ පවුරු හා කොටු තාප්ප වශයෙනි. ඇදහිල්ලේ පවතින දමිටුකමේ ජාතිය ඇතුල් වන පිණිස දොරටු අරින්න. ඔබ කෙරේ විශ්වාසය තබන බැවින්, ස්ථිර සිත ඇති තැනැත්තා, ඔබ පරිසමාප්ත සාමයෙහි තබනු ඇත. ස්වාමින්වහන්සේ කෙරේ සදහට විශ්වාසය තබන්න. මන්ද ස්වාමින්වහන්සේ එසේය, ස්වාමින්වහන්සේ සදාතනික පර්වතයාණන් ය. අහංකාර පුරවරයෙහි, උසස් තැන්හි වෙසෙන්නවුන් උන්වහන්සේ යටහත් කරන සේක. උන්වහන්සේ එය බිමෙහි ම හොවන සේක. දූලියෙහි හෙළන සේක. පීඩිතවූවන්ගේ පාදවලින්, දුප්පතුන්ගේ අඩිවලින් එය පයින් පාගා දැමේ. දමිටුන්ගේ මාවත සමතල ය. අහෝ සෘජුගුණ ඇත්තාණනි, ඔබ දමිටුනගේ මාර්ගය සුමට කරවන සේක. එසේය ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන්ගේ මාවත ඇතුළත අපි ඔබ ගැන බලා හිඳින්නෙමු. ඔබගේ නාමය හා ඔබගේ මතකය අප ජීවයේ අභිලාෂයයි. මගේ ජීවය රෑ කල ඔබ කෙරේ ලොල් වෙයි. මගේ ආත්මය මා තුළ දැඩි ඕනෑකමින් ඔබ සොයයි. මන්ද ඔබගේ විනිශ්චයන් මිහි පිට ඇති කල, ලෝක වාසි ජනයා ධර්මිෂ්ඨකම උගෙනිති. දුෂ්ටයිනට කරුණා අනුග්‍රහ පෑව ද, ඔහු ධර්මිෂ්ඨකම ඉගෙන ගන්නේ නැත. යුක්තියේ දේශයේ සිටිමින් වුව ද, ඔහු අයුක්තියෙහි ම ගැලෙයි. ස්වාමින්වහන්සේගේ මහානුභාවය ද ඔහු නො සලකයි. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ හස්තය ඉහළට එසවී ඇත. එහෙත් ඔවුනට එය නො පෙනේ. ඔබගේ ජනතාව වෙතැති ඔබගේ උද්යෝගය දැක, ඔවුහු ලජ්ජාවට පත් වෙත්වා. ඔබගේ සතුරන් සඳහා වූ ගින්නෙන් ඔවුන් දැවී යෙත්වා. අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අප උදෙසා සාමය පනවන සේක. අප ඉටු කළ සියල්ල අප උදෙසා ඔබ ම ඉටු කළ සේක. අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, ඔබ හැර වෙනත් ස්වාමිවරු ද අප පාලනය කළහ. එහෙත් ඔබේ නාමය පමණක් ම ය අප සිහියට නැගෙන්නේ.
යෙසායා 26:1-13 Sinhala Revised Old Version (SROV)
ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක. විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න. ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක. ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය. මක්නිසාද උන්වහන්සේ උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් හෙළාදැමූසේක. උන්වහන්සේ එය පහත්කරනසේක, බිමටම ඒක පහත්කර ධූලියටම පමුණුවනසේක. පාදය ඒක පාගන්නේය; දිළිඳුන්ගේ පාදත් දුර්වලයන්ගේ අඩිත් ඒක පාගනවා ඇත. ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක. එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය. මාගේ ආත්මයෙන් මම රාත්‍රියෙහි ඔබ කෙරෙහි ආශාවීමි; එසේය, මා තුළ මාගේ ආත්මයෙන් අලුයම ඔබ සොයන්නෙමි. මක්නිසාද ඔබගේ විනිශ්චයන් පොළොවේ ඇතිකල්හි ලෝ වැසියෝ ධර්මිෂ්ඨකම ඉගෙනගනිති. දුෂ්ටයාට කරුණාව ලැබෙන නුමුත් ඔහු ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත; යුක්තිය ඇති දේශයෙහිත් ඔහු අපරාධ ක්‍රියාකරනවා ඇත, ඔහු ස්වාමීන්වහන්සේගේ මහන්තත්ත්වයද නොදක්නේය. ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය. ස්වාමීන්වහන්ස, ඔබ අප උදෙසා සමාදානය ප්‍රදානයකරනසේක. මක්නිසාද අපේ සියලු කාරණාම ඔබ අප උදෙසා කරදුන්සේක. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඇර වෙන ස්වාමිවරු අප ආණ්ඩුකළෝය; නුමුත් අපි ඔබ සහ ඔබගේ නාමය පමණක් සඳහන්කරන්නෙමුව.
යෙසායා 26:1-13 Sinhala New Revised Version (NRSV)
ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය. හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව. තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක. සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක. එතුමාණෝ උඩඟු අය පහත් කළ සේක; ඔවුන් විසූ බලවත් නගර බිඳ හෙළූ සේක. එහි පවුරු පොඩිපට්ටම් කොට දූවිල්ලට ඇද දැමූ සේක. පීඩිත වූවෝ ඒ මත දැන් ඇවිදිති. ඔවුන්ගේ පාදවලින් ඔව්හු ඒවා පාගාදමති. සමිඳුනි, ඔබ දමිටුන්ගේ මාර්ගය සූදානම් කර ඇත; ඔවුන් යන මඟ සමතලා කර ඇත. අපි ඔබ කැමැත්ත අනුව යමු; අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය. අපේ මුළු ආසාව ඔබේ නම පැසසුම ය. රාත්‍රියේ දී මාගේ මුළු සිතින් මම ඔබට ආසා කරමි. ඉතා ආශාවෙන් අලුයම් වේලේ මම ඔබ සොයන්නෙමි. ඔබ පොළොව සහ එහි සෙනඟ විනිශ්චය කරන කල යුක්තිය කුමක් දැ යි ඔව්හු දැනගන්නෝ ය. දුෂ්ටයන්ට ඔබ කරුණාව පෑවත්, යුක්තිය කුමක් දැ යි ඔව්හු කිසි කලෙක ඉගෙන නොගනිති. දමිටු අය සිටින මේ දේශයෙහි වුව ද තවමත් ඔව්හු වැරදි කරන්නෝ ය. ඔබේ මහිමතාව ඔව්හු නොපිළිගන්නෝ ය. ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව. සමිඳුනි, ඔබ අපට සෞභාග්‍යය දෙන සේක. අප ඉෂ්ට කරන හැම දේ ඔබේ ක්‍රියාවේ ප්‍රතිඵලයකි. අපේ දේව ස්වාමීනි, ඔබ හැර අන් ස්වාමිවරු ද අප පාලනය කළෝ ය. එහෙත්, ඔබ පමණක් ස්වාමීහු ය. ඔබේ නාමය පමණක් අපි පිළිගනිමු.
යෙසායා 26:1-13 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 26:1-13 New International Version (NIV)
In that day this song will be sung in the land of Judah: We have a strong city; God makes salvation its walls and ramparts. Open the gates that the righteous nation may enter, the nation that keeps faith. You will keep in perfect peace those whose minds are steadfast, because they trust in you. Trust in the LORD forever, for the LORD, the LORD himself, is the Rock eternal. He humbles those who dwell on high, he lays the lofty city low; he levels it to the ground and casts it down to the dust. Feet trample it down— the feet of the oppressed, the footsteps of the poor. The path of the righteous is level; you, the Upright One, make the way of the righteous smooth. Yes, LORD, walking in the way of your laws, we wait for you; your name and renown are the desire of our hearts. My soul yearns for you in the night; in the morning my spirit longs for you. When your judgments come upon the earth, the people of the world learn righteousness. But when grace is shown to the wicked, they do not learn righteousness; even in a land of uprightness they go on doing evil and do not regard the majesty of the LORD. LORD, your hand is lifted high, but they do not see it. Let them see your zeal for your people and be put to shame; let the fire reserved for your enemies consume them. LORD, you establish peace for us; all that we have accomplished you have done for us. LORD our God, other lords besides you have ruled over us, but your name alone do we honor.