හොසියා 2:14-23

හොසියා 2:14-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“එබැවින් මෙන්න! මම ඇය පොලඹවා ගෙන, පාළුකරයට කැඳවාගෙන ගොස්, මුදු වදනින් ඇයට කතා කරන්නෙමි. එහිදී මම ඇගේ මිදි වතු ආපසු ඇයට දී, ආකොර් මිටියාවත, බලාපොරොත්තුවේ දොරක් කරන්නෙමි. එහිදී ඇය ඇගේ යෞවනයේ දවස්හි දී මෙන් ඇය ඊජිප්තු දේශයෙන් පැමිණි දවස්හි දී මෙන් මට ප්‍රතිචාර දක්වනු ඇත. “ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ‘ඒ දවසේදී ඔබ මට, “මගේ සැමියා” යි කියනු ඇත. තවදුරටත් ඔබ මට, “මගේ බාල් යැ” යි කියනු නැත. මන්ද මම ඇගේ දෙතොලතරින් බාල් දේවතා නාම පහ කරන්නෙමි. තවදුරටත් ඔවුන්ගේ නාම භාවිත කෙරෙන්නේ නැත. ඒ දවසේ මම ඔවුන් උදෙසා, වන මෘගයින් ද අහස් පක්ෂීන් ද බිම බඩ ගා ඇදෙන උරගයින් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. සැමට ම සුරැකි ව වෙසෙනු හැකි වන පිණිස දුන්න ද කඩුව ද සංග්‍රාමය ද මම දේශයෙන් අවලංගු කර දමන්නෙමි. මම සදහට ම ඔබ සරණ පාවා ගනිමි. දමිටුකමින් ද යුක්තියෙන් ද නොමියෙන ප්‍රේමයෙන් හා දයානුකම්පාවෙන් ද මම ඔබ සරණ පාවා ගනිමි. විශ්වාසවන්තකමින් මම ඔබ සරණ පාවා ගනිමි. එවිට ඔබ ස්වාමින්වහන්සේ හැඳින ගනු ඇත. “ ‘ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ඒ දවසේ මම ප්‍රතිචාර දක්වන්නෙමි.’  මම අහස්වලට ප්‍රතිචාර දක්වන්නෙමි; එවිට එය පොළොවට ප්‍රතිචාර දක්වන්නේ ය. එවිට පොළොව ප්‍රතිචාර දක්වන්නේ ධාන්‍ය ද අලුත් මිදි යුෂ ද තෙල් ද සමඟිනි. මෙසේ ඒවා යෙස්රෙයෙල් වෙත ප්‍රතිචාර දක්වනු ඇත. දේශය තුළ මම මට ම, ඇය පැළකර ගන්නෙමි, ‘අනුකම්පා නො ලද්දී’ යි මා කී තැනැත්තියට මම මගේ අනුකම්පාව දක්වමි. ‘මගේ ජනයා නො වේ’ යි මා කී අයට, ‘මගේ ජනයා ඔබ යැ’ යි කියන්නෙමි. එවිට, ‘මගේ දෙවියන්වහන්සේ ඔබ යැ’ යි ඔබ පවසනු ඇත.”

හොසියා 2:14-23 Sinhala Revised Old Version (SROV)

එබැවින් මම ඈ කැමැතිකරවාගෙන, ඈ කාන්තාරයට පමුණුවා, ඈට කරුණාවෙන් කථාකරන්නෙමි. එතැන් පටන් ඇගේ මිදිවතුද පැතීමේ දොරක් පිණිස ආකොර් මිටියාවතද ඈට දෙන්නෙමි. එහි ඇගේ යෞවන දවස්වලදී මෙන්ද ඈ මිසර දේශයේ සිට ආ කාලයේදී මෙන්ද ඈ උත්තරදෙනවා ඇත. ඒ කාලයේදී බාලී කියා නුඹ තවත් මට නොකියා, ඉෂීයයි කියනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම බාල් දේවතාවුන්ගේ නාම ඇගේ කටින් පහකර දමන්නෙමි, ඒ දේවතාවෝ ඔවුන්ගේ නාමයෙන් තවත් කියනු නොලබන්නෝය. ඒ කාලයේදී මම ඔවුන් උදෙසා වනයේ මෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද භූමියේ බඩගායන සතුන්ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. දුන්නද කඩුවද යුද්ධයද දේශයෙන් නැතිකරදමා, ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි. මම නුඹ සදාකාලේටම පාවාගන්නෙමි; එසේය, ධර්මිෂ්ඨකමද විනිශ්චයද කරුණාවද අනුකම්පාවද ඇතුව නුඹ පාවාගන්නෙමි. විශ්වාසකමින් නුඹ පාවාගන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේ ඇඳිනගන්නෙහිය. ඒ කාලයේදී මම උත්තරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. අහසට උත්තරදෙන්නෙමි, අහස පොළොවට උත්තරදෙන්නේය; පොළොව ධාන්‍යවලටත් මිදියුසයටත් තෙල්වලටත් උත්තරදෙනවා ඇත; ඒවාද යෙස්‍රෙයෙල්ට උත්තරදෙනවා ඇත. මම ඈ දේශයෙහි මට වපුරාගන, කරුණාව නොලත් ඇත්තීට අනුකම්පාකරන්නෙමි; මාගේ සෙනඟ නොවූවන්ට: නුඹ මාගේ සෙනඟයයි කියන්නෙමි; ඒ අයද: ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.

හොසියා 2:14-23 Sinhala New Revised Version (NRSV)

“එහෙත්, දැන් මම ඇගේ සිත දිනාගෙන, මරුකතරට ඈ කැඳවාගෙන කරුණාවෙන්‍ ඈට කතා කරන්නෙමි. ඈ සතු ව තිබූ මිදි වතු මම ඈට ආපසු දෙමි. ආකොර් නම් අවාසනා නිම්නය වාසනා දොරටුවක් බවට පමුණුවන්නෙමි. එහි දී ඈ යොවුන් වියේ දී මෙන්, මිසර දෙසින් ආ කල මෙන් මට පිළිතුරු දෙනු ඇත.” සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “එවිට ඈ තවත් මට ‘මාගේ බාල් දෙවියා’ කියා නොකියා, ‘මාගේ සැමියා’ කියා මා අමතන්නී ය. මම බාල් දෙවිවරුන්ගේ නම් ඇගේ මුවින් ඉවත් කරන්නෙමි. ඒ නාම තවත් පවසනු නොලබන්නේ ය. එවිට මම ඉශ්රායෙල් සෙනඟ වෙනුවෙන්‍ වන සතුන් ද අහසේ පක්ෂීන් ද බිම බඩගා යන සතුන් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. මම දුන්න ද කඩුව ද යුද අවි ද දේශයෙන් පහකර දමා, මාගේ සෙනඟ සුව සේ විසීමට සලස්වන්නෙමි. එම්බා ඉශ්රායෙල් දේශය, මම නුඹ සදහට ම සරණ පාවා ගතිමි. දැහැමින් හා යුක්තියෙන්, ස්ථිර ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන්‍ මම නුඹ සරණ පාවා ගතිමි. විශ්වාසයෙන් නුඹ සරණ පාවා ගතිමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ හැඳිනගන්නෙහි ය. ඒ කාලයේ දී මම මාගේ සෙනඟගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. මම අහසින් පොළොවට වැසි වස්වන්නෙමි. ධාන්‍ය ද මිදි ද ඔලීව ද පොළොවේ හටගන්නේ ය. එවිට ඉශ්රායෙල් සරුසාර වන්නේ ය. මාගේ සෙනඟ දේශයේ ස්ථිර කොට පිහිටුවා වර්ධනය කරන්නෙමි. ‘ලෝ-රුහාමා’යි කී සෙනඟට මම අනුකම්පාව දක්වන්නෙමි. ‘ලෝ-අම්මී’යි කී ජනයාට ‘නුඹලා මාගේ සෙනඟ ය’ කියා කියන්නෙමි. ඔව්හු පිළිතුරු දෙමින්, ‘ඔබ අපගේ දෙවියන් වහන්සේ ය’යි කියන්නෝ ය.”

හොසියා 2:14-23 Sinhala New Revised Version 2018 (SNRV)

“එහෙත්, දැන් මම ඇගේ සිත දිනාගෙන, මරුකතරට ඈ කැඳවාගෙන කරුණාවෙන් ඈට කතා කරන්නෙමි. ඈ සතු ව තිබූ මිදි වතු මම ඈට ආපසු දෙමි. ආකොර් නම් අවාසනා නිම්නය වාසනා දොරටුවක් බවට පමුණුවන්නෙමි. එහි දී ඈ යොවුන් වියේ දී මෙන්, මිසර දෙසින් ආ කල මෙන් මට පිළිතුරු දෙනු ඇත.” සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “එවිට ඈ තවත් මට ‘මාගේ බාල් දෙවියා’ කියා නොකියා, ‘මාගේ සැමියා’ කියා මා අමතන්නී ය. මම බාල් දෙවිවරුන්ගේ නම් ඇගේ මුවින් ඉවත් කරන්නෙමි. ඒ නාම තවත් පවසනු නොලබන්නේ ය. එවිට මම ඉශ්රායෙල් සෙනඟ වෙනුවෙන් වන සතුන් ද අහසේ පක්ෂීන් ද බිම බඩගා යන සතුන් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. මම දුන්න ද කඩුව ද යුද අවි ද දේශයෙන් පහකර දමා, මාගේ සෙනඟ සුව සේ විසීමට සලස්වන්නෙමි. එම්බා ඉශ්රායෙල් දේශය, මම නුඹ සදහට ම සරණ පාවා ගතිමි. දැහැමින් හා යුක්තියෙන්, ස්ථිර ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන් මම නුඹ සරණ පාවා ගතිමි. විශ්වාසයෙන් නුඹ සරණ පාවා ගතිමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ හැඳිනගන්නෙහි ය. ඒ කාලයේ දී මම මාගේ සෙනඟගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. මම අහසින් පොළොවට වැසි වස්වන්නෙමි. ධාන්‍ය ද මිදි ද ඔලීව ද පොළොවේ හටගන්නේ ය. එවිට ඉශ්රායෙල් සරුසාර වන්නේ ය. මාගේ සෙනඟ දේශයේ ස්ථිර කොට පිහිටුවා වර්ධනය කරන්නෙමි. ‘ලෝ-රුහාමා’යි කී සෙනඟට මම අනුකම්පාව දක්වන්නෙමි. ‘ලෝ-අම්මී’යි කී ජනයාට ‘නුඹලා මාගේ සෙනඟ ය’ කියා කියන්නෙමි. ඔව්හු පිළිතුරු දෙමින්, ‘ඔබ අපගේ දෙවියන් වහන්සේ ය’යි කියන්නෝ ය.”