උත්පත්ති 7:18-24

උත්පත්ති 7:18-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ජලය බෙහෙවින් නැගි නැගී වැඩි වෙත් ම, නැව ජල මතු පිට පා විණි. මිහි මත වඩ වඩා නැගී ආ මහ ජල කඳ, අහසින් යට තිබූ උස් කඳු සියල්ල යට කර දැමී ය. එසේ නැගුණු ජල කඳ, කඳුවලට රියන් පහළොවක් ඉහළින් වැසී ගත්තේ ය. මිහි පිට ගැවසුණු සජීව සියල්ලන් වූ පක්ෂීහු, ගව-මහීෂාදී සත්තු, වන සත්තු හා පොළොව පිට ඇදෙන සියලු ජීවීන් ද මුළු මිනිස් වර්ගයා ද විනාශ වූහ. නාස් පුඩුවල ජීවන හුස්ම ඇති ව ගොඩ බිම සිටි සැවොම මළහ. උන්වහන්සේ, මිනිසුන් සහ සතුන් ද බිම බඩගාන උරගයන් හා අහස් පක්ෂීන් ද පොළොවෙන් තුරන් කර දැමූ සේක. පොළෝ තලයේ විසූ ජීවමාන සියල්ල සහමුලින් ම විනාශ කෙරිණි. නෝවා පමණක් නැවෙහි ඔහු හා සිටි අය සමඟ ඉතිරි විය. ජලය දින එකසිය පනහක් ම පොළොව යට කර පැවතියේ ය.

උත්පත්ති 7:18-24 Sinhala Revised Old Version (SROV)

ජලය බලවත්ව පොළොව පිට බොහෝසෙයින් වැඩිවිය; නැවද ජල මතුයෙහි ගියාය. ජලය පොළොව පිට අතිශයින් බලවත්විය; මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසීගියේය. කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය. පක්ෂීහුද සිව්පාවෝද මෘගයෝද පොළොවෙහි බඩගා යන සියල්ලෝද සියලු මනුෂ්‍යයෝද යන පොළොව පිට හැසිරෙන මාංසමයවූ සියල්ලෝ නැසුණෝය. තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම ඇත්තාවූ එනම් ගොඩබිම සිටි සියල්ලෝම මළෝය. මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්ෂියාද දක්වා භූමිය මතුපිට සිටි සියලු ප්‍රාණීහුම විනාශකරන ලද්දෝය; ඔව්හු පොළොවෙන් විනාශ කරනලද්දෝය. නෝවා සහ ඔහු සමඟ නැවෙහි සිටියාහු පමණක් ඉතිරිවූවෝය. ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය.

උත්පත්ති 7:18-24 Sinhala New Revised Version (NRSV)

මිහි පිට ජලය නොනැවතී නඟින්න, නඟින්න නැව දියත් විය. පොළොව මත ගංවතුර වේගවත් ලෙස ගැලීමත් සමඟ අහස යට පිහිටි ඉතා උස් කඳු සියල්ල වතුරට යට විය. කඳු යට කර, කඳු මුදුන්වලට ද ඉහළින් මීටර් හතරක් ගංවතුර නැංගේ ය. පොළොව මත විසූ පක්ෂීහු ද ගවමහිෂයෝ ද වන මෘගයෝ ද උරගයෝ ද මිනිසා ද යන සියල්ලෝ මියගියෝ ය. ගොඩබිම විසූ පණ ඇති සියලු සත්ත්වයෝ මියගිය හ. උන් වහන්සේ ජීවමාන සියල්ල වන මිනිසා ද සිවුපාවුන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසා ඔවුන් මිහි පිටින් පහකරදැමූ සේක. නෝවා සහ ඔහු සමඟ නැවේ සිටි අය පමණක් ඉතිරි වූ හ. පොළෝ තලය මත දවස් එකසිය පණහක් ම ජලගැල්ම පැවැතිණි.

උත්පත්ති 7:18-24 Sinhala New Revised Version 2018 (SNRV)