උත්පත්ති 7:18-24
උත්පත්ති 7:18-24 SNRV
මිහි පිට ජලය නොනැවතී නඟින්න, නඟින්න නැව දියත් විය. පොළොව මත ගංවතුර වේගවත් ලෙස ගැලීමත් සමඟ අහස යට පිහිටි ඉතා උස් කඳු සියල්ල වතුරට යට විය. කඳු යට කර, කඳු මුදුන්වලට ද ඉහළින් මීටර් හතරක් ගංවතුර නැංගේ ය. පොළොව මත විසූ පක්ෂීහු ද ගවමහිෂයෝ ද වන මෘගයෝ ද උරගයෝ ද මිනිසා ද යන සියල්ලෝ මියගියෝ ය. ගොඩබිම විසූ පණ ඇති සියලු සත්ත්වයෝ මියගිය හ. උන් වහන්සේ ජීවමාන සියල්ල වන මිනිසා ද සිවුපාවුන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසා ඔවුන් මිහි පිටින් පහකරදැමූ සේක. නෝවා සහ ඔහු සමඟ නැවේ සිටි අය පමණක් ඉතිරි වූ හ. පොළෝ තලය මත දවස් එකසිය පණහක් ම ජලගැල්ම පැවැතිණි.


