උත්පත්ති 7:18-24
උත්පත්ති 7:18-24 SROV
ජලය බලවත්ව පොළොව පිට බොහෝසෙයින් වැඩිවිය; නැවද ජල මතුයෙහි ගියාය. ජලය පොළොව පිට අතිශයින් බලවත්විය; මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසීගියේය. කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය. පක්ෂීහුද සිව්පාවෝද මෘගයෝද පොළොවෙහි බඩගා යන සියල්ලෝද සියලු මනුෂ්‍යයෝද යන පොළොව පිට හැසිරෙන මාංසමයවූ සියල්ලෝ නැසුණෝය. තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම ඇත්තාවූ එනම් ගොඩබිම සිටි සියල්ලෝම මළෝය. මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්ෂියාද දක්වා භූමිය මතුපිට සිටි සියලු ප්‍රාණීහුම විනාශකරන ලද්දෝය; ඔව්හු පොළොවෙන් විනාශ කරනලද්දෝය. නෝවා සහ ඔහු සමඟ නැවෙහි සිටියාහු පමණක් ඉතිරිවූවෝය. ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය.


