උත්පත්ති 49:1-4
උත්පත්ති 49:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු, යාකොබ් තම පුතුන් කැඳවා, “මා වටා රැස් වන්න. මතු දවස්වල ඔබට සිදුවන දෑ මා ඔබට කියා දෙන්නම්” යි කීවේ ය. “එම්බා යාකොබ්ගේ පුත්‍රයිනි, එක් රැස් වී, සවන් දෙන්න. ඔබේ පියා වන ඉශ්රායෙල්ට කන් දෙන්න. “රූබෙන්, නුඹ මගේ කලුඳුලා ය; මගේ බල වික්‍රමය ය. මගේ සවියේ නාඹුල් පලය ය. ගෞරවයේ විශිෂ්ටත්වය ය. බලයේ විශිෂ්ටත්වය ය. ජලය මෙන් මැඩලිය නො හැකි නුඹට තවදුරටත් විශිෂ්ටත්වය නො ලැබේ. මන්ද නුඹ, නුඹේ පියාගේ යහනට වැද, මගේ ම ඇඳට නැග, එය කෙලෙසූ බැවිනි.
උත්පත්ති 49:1-4 Sinhala Revised Old Version (SROV)
එවිට යාකොබ් තමාගේ පුත්‍රයන් කැඳවා: මතු කාලයේදී නුඹලාට පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට දන්වන පිණිස රැස්වෙන්න. යාකොබ්ගේ පුත්‍රයෙනි, රැස්ව අසන්න; නුඹලාගේ පියවූ ඉශ්රායෙල්ට කන්දෙන්න. රූබෙන්, නුඹ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය. ජලය මෙන් අස්ථිරවූ නුඹට ප්‍රධානකම නොලැබෙන්නේය. කුමක්හෙයින්ද නුඹ නුඹේ පියාගේ ඇඳට නැගුණෙහිය. එකල නුඹ එය කිලුටුකෙළෙහිය. ඔහු මාගේ යහනට නැගුණේය.
උත්පත්ති 49:1-4 Sinhala New Revised Version (NRSV)
ජාකොබ් තම පුතුන්ට කතා කොට මෙසේ කීවේ ය: “මතු දවස නුඹලාට පැමිණෙන්නට යන දේ ගැන, මා නුඹලා හට ප්‍රකාශ කරන පිණිස එකට රැස් වන්න. ජාකොබ්ගේ පුතුනි, එක්රැස් වන්න, සවන් දෙන්න, ඔබ පිය ඉශ්රායෙල් හට කන් දෙන්න. රූබන්, ඔබ මාගේ කුලුඳුලා ය, ඔබ මාගේ බල විකුම ය, මාගේ පුරුෂ ශක්තියේ නාඹුල් පලය ඔබ ය. ඔබ උදාරත්වයෙන් අගතැන්පත් වේ. බල මහිමෙන් මුදුන්මල්කඩ වේ. එහෙත්, ඔබ මැඩලිය නොහැකි ගංවතුරකි, ඔබට ප්‍රමුඛත්වය නොලැබෙන්නේ ය. ඒ මන්ද, ඔබ පියාගේ යහනට නැඟ, මා දුක් ගන්වා, එය කෙලෙසූ බැවිනි.
උත්පත්ති 49:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
ජාකොබ් තම පුතුන්ට කතා කොට මෙසේ කීවේ ය: “මතු දවස නුඹලාට පැමිණෙන්නට යන දේ ගැන, මා නුඹලා හට ප්‍රකාශ කරන පිණිස එකට රැස් වන්න. ජාකොබ්ගේ පුතුනි, එක්රැස් වන්න, සවන් දෙන්න, ඔබ පිය ඉශ්රායෙල් හට කන් දෙන්න. රූබන්, ඔබ මාගේ කුලුඳුලා ය, ඔබ මාගේ බල විකුම ය, මාගේ පුරුෂ ශක්තියේ නාඹුල් පලය ඔබ ය. ඔබ උදාරත්වයෙන් අගතැන්පත් වේ. බල මහිමෙන් මුදුන්මල්කඩ වේ. එහෙත්, ඔබ මැඩලිය නොහැකි ගංවතුරකි, ඔබට ප්‍රමුඛත්වය නොලැබෙන්නේ ය. ඒ මන්ද, ඔබ පියාගේ යහනට නැඟ, මා දුක් ගන්වා, එය කෙලෙසූ බැවිනි.
උත්පත්ති 49:1-4 New International Version (NIV)
Then Jacob called for his sons and said: “Gather around so I can tell you what will happen to you in days to come. “Assemble and listen, sons of Jacob; listen to your father Israel. “Reuben, you are my firstborn, my might, the first sign of my strength, excelling in honor, excelling in power. Turbulent as the waters, you will no longer excel, for you went up onto your father’s bed, onto my couch and defiled it.