උත්පත්ති 49:1-4
උත්පත්ති 49:1-4 SROV
එවිට යාකොබ් තමාගේ පුත්‍රයන් කැඳවා: මතු කාලයේදී නුඹලාට පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට දන්වන පිණිස රැස්වෙන්න. යාකොබ්ගේ පුත්‍රයෙනි, රැස්ව අසන්න; නුඹලාගේ පියවූ ඉශ්‍රායෙල්ට කන්දෙන්න. රූබෙන්, නුඹ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය. ජලය මෙන් අස්ථිරවූ නුඹට ප්‍රධානකම නොලැබෙන්නේය. කුමක්හෙයින්ද නුඹ නුඹේ පියාගේ ඇඳට නැගුණෙහිය. එකල නුඹ එය කිලුටුකෙළෙහිය. ඔහු මාගේ යහනට නැගුණේය.

