උත්පත්ති 48:18-22
උත්පත්ති 48:18-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝසෙප් තම පියාට කතා කොට, “එහෙම නො වේ මගේ පියාණෙනි, මොහුයි කුලුඳුලා. ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ” යි කීවේ ය. එහෙත් ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මා දන්නවා, මා පුත, මා දන්නවා. ඔහුත් ජනතාවක් වෙනවා ඇති; ඔහුත් ශ්‍රේෂ්ඨ වනු ඇති. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහුගෙන් පැවත එන්නෝ ජාතීන් සමූහයක් බවට පත් වන්නෝ යැ” යි පැවසී ය. මෙසේ ඒ දවසේ ඔහු ඔවුන්ට ආශිර්වාද කරමින්, “ඉශ්‍රායෙල්වරුන් ආශිර්වාද ප්‍රකාශ කිරීමට ඔබේ නම යොදා ගනිමින්, ‘දෙවියන්වහන්සේ, ඔබ එප්‍රායිම් හා මනස්සේ මෙන් වෙන්නට සලසත්වා!’ කියා කියනු ඇතැ” යි කීවේ ය. මෙසේ ඔහු එප්‍රායිම්, මනස්සේට පෙරටුවෙන් තැබී ය. ඉන්පසු ඉශ්‍රායෙල්, යෝසෙප්ට කතා කොට, “මා මිය යන්නට ළං වෙලා. දෙවියන්වහන්සේ නුඹලා සමඟ වන සේක්, නුඹලාගේ පියවරුන්ගේ දේශයට නුඹලා නැවත ගෙන යන සේක. අමෝරිවරුන් අතින් මගේ කඩුවෙන් හා මගේ දුන්නෙන් මා ලබා ගත් දෙයින්, ඔබේ සහෝදරයින්ට දුන්නාට වඩා එක් පංගුවක් මම නුඹට දෙන්නෙමි” යි කීවේ ය.
උත්පත්ති 48:18-22 Sinhala Revised Old Version (SROV)
තවද යෝසෙප්: මාගේ පියාණෙනි, එසේ නොවේවා. මොහු කුලුඳුලාය; ඔබගේ දකුණත මොහුගේ හිස පිට තැබුවමැනවැයි තම පියාට කීවේය. ඔහුගේ පියා ඊට කැමතිනොවී: මම දනිමි, මාගේ පුත්‍රය, මම දනිමි. ඔහුද සෙනඟක් වන්නේය, ඔහුද උත්තම වන්නේය. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා උතුම් වන්නේය, ඔහුගේ වංශයද ජාති සමූහයක් වන්නේයයි කීය. ඔහු ඒ දවසෙහි ඔවුන්ට ආශීර්වාදකොට: දෙවියන්වහන්සේ නුඹ එප්‍රායිම් මෙන්ද මනස්සේ මෙන්ද කරනසේක්වයි කියමින් ඉශ්‍රායෙල්වරු නුඹ ගැන ආශීර්වාදකරන්නෝයයි කීවේය. ඔහු වනාහි එප්‍රායිම් මනස්සේට වඩා උතුම් කොට තැබුවේය. ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: බලව, මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිට නුඹලාගේ පියවරුන්ගේ දේශයට නැවත නුඹලා පමුණුවනසේක. ඇරත් මම නුඹේ සහෝදරයන්ට වඩා එක් කොටසක් නුඹට දුනිමි, ඒක මාගේ දුන්නෙන් සහ කඩුවෙන් අමෝරිවරුන්ගේ අතින් ගතිමියි කීවේය.
උත්පත්ති 48:18-22 Sinhala New Revised Version (NRSV)
පියාට කතා කොට, “පියාණෙනි, මෙසේ නොවේ. කුලුඳුලා මොහු ය, ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ”යි කීවේ ය. එහෙත්, ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මම එය දනිමි, මා පුත, මම එය දනිමි, ඔහු ද ජනතාවක් වන්නේ ය. ඔහු ද බලවතෙක් වන්නේ ය. එහෙත් සැබැවින් ම ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වන්නේ ය, ඔහුගේ පෙළපත විශාල සෙනඟක් වන්නේ ය”යි කී ය. එදින ඔහු ඔවුන්ට ආශීර්වාද කරමින්, “ඉශ්රායෙල් ජනතාව අතර ආසිරි පැතුමක් දෙන විට ඔබේ නමින් මෙසේ කියමින් දෙවියන් වහන්සේ ඔබ එප්‍රායිම් සහ මනස්සේ සමාන කරන සේක් වා කියනු ඇතැ”යි කී ය. මෙලෙස ඔහු එප්‍රායිම් මනස්සේට පෙරටුව තැබී ය. ඉන්පසු ඉශ්රායෙල් ජෝසෙප් අමතමින්, “බලන්න, මාගේ අවසානය ළඟ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිට, ඔබ නැවත ඔබේ පියවරුන්ගේ දේශයට ගෙනෙන සේක. තවද, ඔබේ සහෝදරයන්ට මා දුන්නාට වැඩියෙන් මාගේ කඩුවෙන් සහ දුන්නෙන් මා අමෝරිවරුන්ගෙන් රැගත් ෂෙකෙම් පෙදෙස, මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.
උත්පත්ති 48:18-22 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 48:18-22 New International Version (NIV)
Joseph said to him, “No, my father, this one is the firstborn; put your right hand on his head.” But his father refused and said, “I know, my son, I know. He too will become a people, and he too will become great. Nevertheless, his younger brother will be greater than he, and his descendants will become a group of nations.” He blessed them that day and said, “In your name will Israel pronounce this blessing: ‘May God make you like Ephraim and Manasseh.’ ” So he put Ephraim ahead of Manasseh. Then Israel said to Joseph, “I am about to die, but God will be with you and take you back to the land of your fathers. And to you I give one more ridge of land than to your brothers, the ridge I took from the Amorites with my sword and my bow.”