උත්පත්ති 48:18-22

උත්පත්ති 48:18-22 NRSV

පියාට කතා කොට, “පියාණෙනි, මෙසේ නොවේ. කුලුඳුලා මොහු ය, ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ”යි කීවේ ය. එහෙත්, ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මම එය දනිමි, මා පුත, මම එය දනිමි, ඔහු ද ජනතාවක් වන්නේ ය. ඔහු ද බලවතෙක් වන්නේ ය. එහෙත් සැබැවින් ම ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වන්නේ ය, ඔහුගේ පෙළපත විශාල සෙනඟක් වන්නේ ය”යි කී ය. එදින ඔහු ඔවුන්ට ආශීර්වාද කරමින්, “ඉශ්රායෙල් ජනතාව අතර ආසිරි පැතුමක් දෙන විට ඔබේ නමින් මෙසේ කියමින් දෙවියන් වහන්සේ ඔබ එප්‍රායිම් සහ මනස්සේ සමාන කරන සේක් වා කියනු ඇතැ”යි කී ය. මෙලෙස ඔහු එප්‍රායිම් මනස්සේට පෙරටුව තැබී ය. ඉන්පසු ඉශ්රායෙල් ජෝසෙප් අමතමින්, “බලන්න, මාගේ අවසානය ළඟ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිට, ඔබ නැවත ඔබේ පියවරුන්ගේ දේශයට ගෙනෙන සේක. තවද, ඔබේ සහෝදරයන්ට මා දුන්නාට වැඩියෙන් මාගේ කඩුවෙන් සහ දුන්නෙන් මා අමෝරිවරුන්ගෙන් රැගත් ෂෙකෙම් පෙදෙස, මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.