උත්පත්ති 48:18-22
උත්පත්ති 48:18-22 SROV
තවද යෝසෙප්: මාගේ පියාණෙනි, එසේ නොවේවා. මොහු කුලුඳුලාය; ඔබගේ දකුණත මොහුගේ හිස පිට තැබුවමැනවැයි තම පියාට කීවේය. ඔහුගේ පියා ඊට කැමතිනොවී: මම දනිමි, මාගේ පුත්‍රය, මම දනිමි. ඔහුද සෙනඟක් වන්නේය, ඔහුද උත්තම වන්නේය. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා උතුම් වන්නේය, ඔහුගේ වංශයද ජාති සමූහයක් වන්නේයයි කීය. ඔහු ඒ දවසෙහි ඔවුන්ට ආශීර්වාදකොට: දෙවියන්වහන්සේ නුඹ එප්‍රායිම් මෙන්ද මනස්සේ මෙන්ද කරනසේක්වයි කියමින් ඉශ්‍රායෙල්වරු නුඹ ගැන ආශීර්වාදකරන්නෝයයි කීවේය. ඔහු වනාහි එප්‍රායිම් මනස්සේට වඩා උතුම් කොට තැබුවේය. ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: බලව, මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිට නුඹලාගේ පියවරුන්ගේ දේශයට නැවත නුඹලා පමුණුවනසේක. ඇරත් මම නුඹේ සහෝදරයන්ට වඩා එක් කොටසක් නුඹට දුනිමි, ඒක මාගේ දුන්නෙන් සහ කඩුවෙන් අමෝරිවරුන්ගේ අතින් ගතිමියි කීවේය.

