උත්පත්ති 37:26-36

උත්පත්ති 37:26-36 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට යූදා තම සහෝදරයින් අමතමින්, “අපේ සහෝදරයා මරා, අප ඔහුගේ ලේ වසන් කිරීමෙන්, ඉන් අපට අත්වන සෙත කුමක් ද? එන්න! මේ ඉෂ්මායෙල්වරුනට අපි ඔහු විකුණමු. ඔහුට අත නො තබමු. කොහොම වුණත්, ඔහු අපගේ සහෝදරයායි; අපගේ ම මාංසය හා ලේ යැ” යි කීවේ ය. ඔහුගේ සහෝදරයෝ ඊට එකඟ වූහ. මෙසේ මිදියන් වෙළඳුන් එතැන පසු කර යද්දී, යෝසෙප් වළෙන් ගොඩ ගත් ඔවුහු, රිදී කාසි විස්සකට ඉෂ්මායෙල්වරුන්ට ඔහු වික්කෝ ය. ඔවුහු යෝසෙප් ඊජිප්තුවට ගෙන ගියහ. රූබෙන් වළ වෙත යළි ආ කල, යෝසෙප් එහි නො වූ වග දුටුවේ ය. එබැවින් තම වස්ත්‍ර ඉරා ගත් ඔහු, තම සොහොයුරන් වෙත ගොස්, “ළමයා නැත. මං කොයි අත හැරෙන්න දැ?” යි කීවේ ය. ඉන්පසු ඔවුහු එළුවකු මරා, යෝසෙප්ගේ කබාය ගෙන, ලෙයින් පෙඟවූහ. පසුව ඔවුහු වර්ණවත් එම කබාය තම පියා වෙත ගෙන ගොස්, “අපට මෙය සම්බ වුණා. මෙය ඔබේ පුතාගේ කබාය ද, නැද්දැයි පරීක්ෂා කර බලන්නැ” යි කීහ. යාකොබ් එය හැඳින්නේ ය. “මෙය මා පුතුගේ කබාය තමයි. වන මෘගයෙක් ඔහු කා දමන්නට ඇති. නිසැක ව ම කෑලිවලට යෝසෙප් ඉරා දමනු ලබන්නට ඇති” යි කීවේ ය. ඉන්පසු යාකොබ් තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඉඟ දවටා, බොහෝ දිනක් තම පුත්‍රයා උදෙසා ශෝක වූයේ ය. ඔහුගේ සියලු පුත්තු හා දූවරු ඔහු සනසන්නට ආහ. එහෙත් සනසනු ලැබීම ප්‍රතික්ෂේප කළ ඔහු, “නෑ. මා වැලපෙමින්, මගේ පුතු ළඟට මිනී වළට බැස යනවා” යි කීවේ ය. මෙසේ ඔහුගේ පියා, ඔහු උදෙසා වැලපුණේ ය. මේ අතර මිදියන්වරු ඊජිප්තුවේදී පාරාවෝ රජුගේ නිලධාරියකු වන ආරක්ෂක සෙන්පති පොතිෆර්ට යෝසෙප් විකුණූහ.

උත්පත්ති 37:26-36 Sinhala Revised Old Version (SROV)

එවිට යූදා තම සහෝදරයන්ට කථාකොට: අපගේ සහෝදරයා මරා ඔහුගේ ලේ සැඟවීමෙන් කවර ප්‍රයෝජනයක්ද? එන්න, අර ඉෂ්මායෙල්වරුන්ට ඔහු විකුණමු, අපගේ අත ඔහු පිට නොපැමිණේවා; කුමක්හෙයින්ද ඔහු අපගේ සහෝදරයාත් අපගේ මාංසයත්යයි කීවේය. ඔහුගේ සහෝදරයෝ ඊට එකඟවුණෝය. මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය. රූබෙන් වළ ළඟට හැරී ආයේය; ඔහු යෝසෙප් වළේ නැති බව දැක තමාගේ වස්ත්‍ර ඉරාගෙන තමාගේ සහෝදරයන් ළඟට හැරීගොස්: ළමයා නැත; අනේ මම කොතැනට යම්දැයි කීය. ඔව්හු යෝසෙප්ගේ සළුව ගෙන, එළුවෙකු මරා සළුව ලෙයෙහි ගල්වා, අත් ඇති ඒ දිග වස්ත්‍රය තමන් පියා ළඟට යවමින්: මේක අපට සම්බවුණේය; මේක ඔබගේ පුත්‍රයාගේ සළුවද නැද්දැයි බැලුව මැනවැයි කීවෝය. ඔහු ඒක හැඳින: මේ මාගේ පුත්‍රයාගේ සළුවය; චණ්ඩ මෘගයෙක් ඔහු කාදමා තිබේ; යෝසෙප් ඉරාදමනු ලැබුවාට අනුමාන නැතැයි කීවේය. තවද යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරාගන, ගෝණි රෙදි තමාගේ ඉණේ බැඳගන, තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැලපුණේය. ඔහුගේ සියලු පුත්‍රයෝද දූවරුද ඔහු සනසන්ට ආවෝය; එහෙත් ඔහු සැනසෙන්ට නොකැමති වී: මම වැලපෙමින් මාගේ පුත්‍රයා වෙතට මිනීවළට යන්නෙමියි කීවේය. මෙසේ ඔහුගේ පියා ඔහු නිසා හැඬුවේය. මිදියන්වරු ඔහු මිසරයේදී ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකද වූ පෝතිඵර්ට වික්කෝය.

උත්පත්ති 37:26-36 Sinhala New Revised Version (NRSV)

එවිට ජුදා තම සොහොයුරන් අමතමින්, “අපේ සහෝදරයා මරා දමා, ඔහුගේ ලේ සැඟවීමෙන් කුමන පලක් ද? එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ. මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ. එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන, සිය සොහොයුරන් වෙත නැවත පැමිණ, “ළමයා නැත, ඉතින් මම කුමක් කරන්න දැ”යි කී ය. ඔව්හු ද එළු පැටියෙකු මරා, ජෝසෙප්ගේ වස්ත්‍රය ගෙන, එය එහි ලේවල ගැල්වූ හ. පසුව අත් ඇති, දිග, එම විශේෂ ඇඳුම තමන්ගේ පියා වෙත ගෙනැවිත්, “මෙය අපට සම්බ විය, එය ඔබ පුත්‍රයාගේ වස්ත්‍රය ද, නැද්දැ යි කියා සොයා බලන්නැ”යි කී හ. ඔවුන්ගේ පියා වන ජාකොබ් ද, එය බලා හඳුනාගෙන, “මෙය මාගේ පුතාගේ වස්ත්‍රය ම යි. නපුරු සතෙකු අනුමානයක් නැති ව ම ඔහු කෑලිවලට ඉරාදමා ඇත” කියා, දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම ඉණ වටා හණ රෙදි ඇඳගෙන, බොහෝ දිනක් තම පුත්‍රයා නිසා වැලපුණේ ය. ඔහුගේ පුත්තු හා දූවරු සියල්ලෝ ම ඔහු සනසන්නට නැඟිට ආහ. එහෙත් ඔහු සනසනු ලැබීමට අකමැති ව, “මම වැලපෙමින් ම මාගේ පුතු වෙත මිනීවළට යන්නෙමි”යි කී ය. මෙලෙස ඔහුගේ පියා ඔහු නිසා හඬා වැලපුණේ ය. මිදියන්වරු, මිසරයේ දී පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වන පොතිපර්ට ජෝසෙප් විකුණුවෝ ය.

උත්පත්ති 37:26-36 Sinhala New Revised Version 2018 (SNRV)