උත්පත්ති 33:3-11

උත්පත්ති 33:3-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔවුන්ට ඉස්සර වී, පෙරට යමින්, තම සහෝදරයා වෙත ළඟා වෙමින්, හත් වාරයක් බිමට නැමී, වැන්දේ ය. එහෙත් ඒසව් ඔහු හමුවට දුවගෙන ඇවිත්, ඔහු වැලඳ, ඔහුගේ ගෙල බදා, සිප ගත්තේ ය. ඉන්පසු ඔවුහු හඬන්නට වන්හ. පසුව ඒසව් නෙත් ඔසවා බලා, ස්ත්‍රීන් ද දරුවන් ද දැක, “ඔබ සමඟ සිටින මොවුන් කවුරු දැ?” යි ඔහු ඇසී ය. යාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ දයාන්විත ව ඔබේ සේවකයාට දුන් දරුවන් යැ” යි කීවේ ය. ඉන්පසු සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළං වී, බිමට නැමී වැන්දෝ ය. ඊළඟට ලෙයා හා ඇගේ දරුවෝ ළං වී, බිමට නැමී වැන්දෝ ය. සැමට පසු යෝසෙප් හා රාඛෙල් ද බිමට නැමී වැන්දෝ ය. ඒසව් කතා කොට, “මට හමු වූ මේ රංචු සියල්ල කුමක් සඳහා දැ?” යි ඇසී ය. “මගේ ස්වාමියා හමුවේ ප්‍රසාදය ලබන පිණිස යැ” යි යාකොබ් උත්තර දුන්නේ ය. එවිට ඒසව්, “ඕන තරම් මට තියෙනවා මා සහෝදරය, ඔබට ඇති දෑ ඔබ ම තියා ගන්නැ” යි කීවේ ය. එහෙත් යාකොබ් ඇවිටිලි කරමින්, “නැහැ; එසේ නො වෙයි. ඔබ හමුවේ ප්‍රසාදය ලැබෙනවා නම්, මා අතින් මේ තෑග්ග පිළිගන්න. මන්ද ඔබගේ මුහුණ දැකීම, දෙවියන්වහන්සේගේ මුහුණ දැකීම වගෙයි. ප්‍රසාදයෙන් යුතු ව ඔබ මා පිළිගත්තා. දෙවියන්වහන්සේ මට දයාන්විත ව ඇති බැවින් හා අවශ්‍ය හැම දෙයක් ම මා සතු බැවින්, ඔබට ගෙනා මගේ ආශිර්වාදය පිළිගන්නැ” යි කීවේ ය. මෙසේ ඔහු පෙරැත්ත කළෙන්, ඒසව් එය පිළිගත්තේ ය.

උත්පත්ති 33:3-11 Sinhala Revised Old Version (SROV)

ඔවුන්ට ඉස්සරවී, තමාගේ සහෝදරයා ළඟට එන තෙක් සත්වරක් බිමට නැමී වැන්දේය. එවිට ඒසව් ඔහු සම්මුඛවෙන්ට දිවගොස් ඔහු වැළඳගෙන බෙල්ල බදාගෙන ඔහු සිඹගත්තේය. තවද ඔව්හු ඇඬුවෝය. ඒසව් ඇස් ඔසවා ස්ත්‍රීන් හා දරුවන් දැක: නුඹ සමඟ සිටින මොව්හු කවුරුදැයි ඇසුවේය. දෙවියන්වහන්සේ කරුණාවෙන් ඔබගේ මෙහෙකරුවාට දුන් දරුවෝයයි ඔහු කීවේය. එකල දාසීහුද ඔවුන්ගේ දරුවෝද ළංවී වැන්දෝය. ලෙයාද ඇගේ දරුවෝද ළංවී වැන්දෝය. ඉන්පසු යෝසෙප්ද රාඛෙල්ද ළංවී වැන්දෝය. මට සම්බවුණු නුඹේ ඔය පිරිස කුමක් පිණිසදැයි ඒසව් ඇසුවේය. මාගේ ස්වාමිහුගෙන් කරුණාව ලැබෙන පිණිසයයි ඔහු කීවේය. ඒසව්: මට සෑහෙන පමණ තිබේ; මාගේ සහෝදරය, නුඹට තිබෙන දේ නුඹටම තිබේවයි කීය. එවිට යාකොබ්: එසේ නොවේවා; ඔබගෙන් කරුණාව ලදිම්නම් මා අතින් මාගේ තෑග්ග පිළිගතමැනවි. කුමක්හෙයින්ද කෙනෙක් දෙවියන්වහන්සේගේ මුහුණ දකින්නාක් මෙන් මම ඔබගේ මුහුණ දුටුවෙමි, ඔබ මා කෙරෙහි ප්‍රසන්නවූයෙහිය. දෙවියන්වහන්සේ මට කරුණා කළ හෙයින්ද සෑහෙන පමණ මට තිබෙන හෙයින්ද ඔබට ගෙනාවාවූ මාගේ තෑග්ග පිළිගතමැනවියි කියා ඔහුට පෙරැත්ත කෙළේය. එවිට ඔහු ඒක පිළිගත්තේය.

උත්පත්ති 33:3-11 Sinhala New Revised Version (NRSV)

ජාකොබ් ද ඔවුන්ට පෙරටුව ගොස්, තම සොහොයුරා වෙත පැමිණෙන තෙක් සත් වරක් බිමට නැමී වැන්දේ ය. එවිට ඒසව් ඔහු හමුවීමට දිව ගොස් ඔහු බදාගෙන, ඔහුගේ ගෙල වැළඳගෙන ඔහු සිඹගත්තේ ය. පසුව ඔව්හු අඬන්නට වූ හ. ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, “ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය. එවිට සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළඟට පැමිණ, ආචාර කළහ. ලෙයා තම දරුවන් සමඟ පැමිණ ආචාර කළ පසු ජෝසෙප් සහ රාකෙල් ද ළඟට පැමිණ ආචාර කළහ. එවිට ඒසව් ජාකොබ්ට කතා කොට, “මට හමු වූ මේ සතුන් සියල්ලන් ම කුමක් පිණිස දැ”යි ඇසූ විට, “මාගේ ස්වාමීන් ඉදිරියෙහි අනුග්‍රහය ලැබීම පිණිස යැ”යි ඔහු උත්තර දුනි. එකල ඒසව් කතා කොට, “මා සොහොයුර, මට උවමනා තරම් ඇත. ඔබට අයිති දේ ඔබ ම තබා ගන්නැ”යි කීවේ ය. එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය. එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.

උත්පත්ති 33:3-11 Sinhala New Revised Version 2018 (SNRV)