උත්පත්ති 32:22-26

උත්පත්ති 32:22-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ රැයේ නැගුටුණු යාකොබ් තම බිරින්දෑවරුන් දෙදෙනා ද තම සේවිකාවන් දෙදෙනා ද තම පුතුන් එකොළොස් දෙනා ද කැටිව, යබ්බොක් තොටින් එතෙර වූයේ ය. ඔහු ඇළෙන් එගොඩට ඔවුන් යවා, තමා සතු ව තිබූ සියල්ල ද එතෙර කරවී ය. මෙසේ යාකොබ් හුදකලා විය. එවිට මනුෂ්‍යයෙක් පහන් වන තෙක් ඔහු සමඟ පොර බැදී ය. තමාට ඔහු පැරදවිය නො හැකි වග දුටු ඒ තැනැත්තා, යාකොබ්ගේ උකුල් සන්ධියට ගැසී ය. එවිට ඒ තැනැත්තා සමඟ පොරබදද්දී ඔහුගේ උකුල් ඇටය පැන්නේ ය. එවිට ඒ මනුෂ්‍යයා, “එළි වේගෙන එන නිසා මට යන්නට දෙන්නැ” යි පැවසී ය. එහෙත් යාකොබ්, “ඔබ මට ආශිර්වාද කරන තෙක්, මා ඔබට යන්නට දෙන්නේ නැහැ” යි කීවේ ය.

උත්පත්ති 32:22-26 Sinhala New Revised Version 2018 (SNRV)

ඒ රාත්‍රියේ ඔහු නැඟිට, තමාගේ භාර්යාවන් දෙදෙන ද සේවිකාවන් දෙදෙන ද පුතුන් එකොළොස්දෙන ද රැගෙන ජබ්බොක් නම් තොටුපොළෙන් එගොඩ විය. ඔහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු, තමා සතු දේ ද එතෙරට යැවී ය. එහෙත් ජාකොබ් තනි ව සිටියේ ය. එවිට එක්තරා මිනිසෙක්, පහන් වන තුරු ඔහු සමඟ පොරබැදී ය. ඒ තැනැත්තා ද ජාකොබ්ගෙන් තමාට ජය නොලැබෙන බව දුටු විට, ඔහුගේ කලවා සන්ධියට පහරක් ගැසී ය. එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්ධි විය. ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි.