උත්පත්ති 32:22-26

උත්පත්ති 32:22-26 SNRV

ඒ රාත්‍රියේ ඔහු නැඟිට, තමාගේ භාර්යාවන් දෙදෙන ද සේවිකාවන් දෙදෙන ද පුතුන් එකොළොස්දෙන ද රැගෙන ජබ්බොක් නම් තොටුපොළෙන් එගොඩ විය. ඔහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු, තමා සතු දේ ද එතෙරට යැවී ය. එහෙත් ජාකොබ් තනි ව සිටියේ ය. එවිට එක්තරා මිනිසෙක්, පහන් වන තුරු ඔහු සමඟ පොරබැදී ය. ඒ තැනැත්තා ද ජාකොබ්ගෙන් තමාට ජය නොලැබෙන බව දුටු විට, ඔහුගේ කලවා සන්ධියට පහරක් ගැසී ය. එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්ධි විය. ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි.