ඒ රැයේ නැගුටුණු යාකොබ් තම බිරින්දෑවරුන් දෙදෙනා ද තම සේවිකාවන් දෙදෙනා ද තම පුතුන් එකොළොස් දෙනා ද කැටිව, යබ්බොක් තොටින් එතෙර වූයේ ය. ඔහු ඇළෙන් එගොඩට ඔවුන් යවා, තමා සතු ව තිබූ සියල්ල ද එතෙර කරවී ය. මෙසේ යාකොබ් හුදකලා විය. එවිට මනුෂ්‍යයෙක් පහන් වන තෙක් ඔහු සමඟ පොර බැදී ය. තමාට ඔහු පැරදවිය නො හැකි වග දුටු ඒ තැනැත්තා, යාකොබ්ගේ උකුල් සන්ධියට ගැසී ය. එවිට ඒ තැනැත්තා සමඟ පොරබදද්දී ඔහුගේ උකුල් ඇටය පැන්නේ ය. එවිට ඒ මනුෂ්‍යයා, “එළි වේගෙන එන නිසා මට යන්නට දෙන්නැ” යි පැවසී ය. එහෙත් යාකොබ්, “ඔබ මට ආශිර්වාද කරන තෙක්, මා ඔබට යන්නට දෙන්නේ නැහැ” යි කීවේ ය.
උත්පත්ති 32 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 32:22-26
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ