උත්පත්ති 28:16-22
උත්පත්ති 28:16-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තම නින්දෙන් පිබිදුණු යාකොබ්, “ස්වාමින්වහන්සේ සැබවින් ම මෙතැන සිටින සේක. ඒ වග මා දැන සිටියේ නැතැ” යි පැවසී ය. ඔහු භයපත් ව, “මොන තරම් භයංකර තැනක් ද මේ! මේ අන් කවරක් හෝ නො ව දෙවියන්වහන්සේගේ ගෘහයයි. මේ ස්වර්ගයේ දොරටුවයි” පැවසී ය. අලුයම් උදෙන් ම පිබිදුණු යාකොබ් තම හිසට යටින් තබා ගත් ගල ගෙන, සැමරුම් කණුවක් කොට සිටුවා, එහි මුඳුන මත තෙල් වත් කළේ ය. ඔහු එම ස්ථානයට බෙතෙල් යයි නම් තැබී ය. කලින්, ඒ නගරය හැඳින්වූයේ ලූස් නමිනි. ඉන්පසු යාකොබ් බාරයක් වෙමින්, “දෙවියන්වහන්සේ මා සමඟ සිටිමින්, මා යන මේ ගමනේදී මා රැක බලා ගනිමින්, මට කෑමට ආහාර ද ඇඳීමට ඇඳුම් ද සපයා දෙමින්, මගේ පියාගේ ගෙදරට මා සුරැකි ව ආපසු එන පිණිස කටයුතු කරන්නේ නම්, ස්වාමින්වහන්සේ මගේ දෙවියන්වහන්සේ වන සේක. සැමරුම් කණුවක් කොට මා පිහිටූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේ ය. ඔබ මට දෙන සියල්ලෙන් දසයෙන් කොටසක් මම ඔබට දෙන්නෙමි” යි පැවසී ය.
උත්පත්ති 28:16-22 Sinhala Revised Old Version (SROV)
යාකොබ් තමාගේ නින්දෙන් පිබිද: ඒකාන්තයෙන්ම ස්වාමීන්වහන්සේ මෙතැන සිටිනසේක; මම ඒ බව නොදත්තෙමියි කියා භයවී: මේක කොපමණ භයානක ස්ථානයක්ද! ඒකාන්තයෙන්ම මේක දෙවියන්වහන්සේගේ ගෘහයය, මේක ස්වර්ගයේ දොරටුවයයි කීවේය. යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබනලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත්කොට, ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය. යාකොබ් භාරයක් වී: මාගේ පියාණන්ගේ ගෙට නැවත සමාදානයෙන් එන පිණිස දෙවියන්වහන්සේ මා සමඟ සිට මා යන මේ මාර්ගයෙහි මා ආරක්ෂාකොට මට කන්ට භෝජනද අඳින්ට වස්ත්‍රද දෙනසේක් නම්, ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක, කණුවක්කොට මා සිටෙවූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේය. ඔබවහන්සේ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමියි කීවේය.
උත්පත්ති 28:16-22 Sinhala New Revised Version (NRSV)
ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය. ඔහු බිය වී, “මේ ස්ථානය කෙතරම් බියකරු ද? මෙය අනෙකක් නොව දෙවියන් වහන්සේගේ ගෘහයකි; මෙය ස්වර්ගයේ දොරටුව ය”යි පැවසී ය. ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය. තවද, ඔහු ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ ගෘහය යන අර්ථය ඇති බෙතෙල් යයි නම් කෙළේ ය. එහෙත් ඒ නගරයට ඊට කලින් තිබූ නම ලූස් ය. ඔහු භාරයක් ඔප්පු කරමින්, “දෙවියන් වහන්සේ මා සමඟ වැඩසිට, මෙසේ මා යන මඟ ආරක්ෂා කර, මට කන්නට ආහාර ද අඳින්නට වස්ත්‍ර ද දෙන සේක් නම්, අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක. තවද, සිහිවටනයක් මෙන් මා සිටවූ මේ ගල දෙවියන් වහන්සේගේ ගෘහය වන්නේ ය. ඔබ මට දෙන සියල්ලෙන් සැබැවින් ම මම ඔබට දසයෙන් කොටසක් දෙන්නෙමි”යි කී ය.
උත්පත්ති 28:16-22 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 28:16-22 New International Version (NIV)
When Jacob awoke from his sleep, he thought, “Surely the LORD is in this place, and I was not aware of it.” He was afraid and said, “How awesome is this place! This is none other than the house of God; this is the gate of heaven.” Early the next morning Jacob took the stone he had placed under his head and set it up as a pillar and poured oil on top of it. He called that place Bethel, though the city used to be called Luz. Then Jacob made a vow, saying, “If God will be with me and will watch over me on this journey I am taking and will give me food to eat and clothes to wear so that I return safely to my father’s household, then the LORD will be my God and this stone that I have set up as a pillar will be God’s house, and of all that you give me I will give you a tenth.”