එස්රා 4:11-22
එස්රා 4:11-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
(ඔවුන් විසින් අර්තාෂස්තා වෙත එවන ලද ලිපියේ පිටපතකි මෙය) අර්තාෂස්තා රජතුමනි, ගඟ එතෙර පළාතේ සිටින ඔබගේ සේවකයින් වන මිනිසුන් වෙතිනි: ශුභ සිද්ධ වේවා! අප ඔබට ලියන්නේ, ඔබ වෙතින් අප වෙත ආ යුදෙව්වෝ යෙරුසලමට ගිය වගයි; ඔවුහු ඒ කැරලිකාර, දුෂ්ට පුරවරය යළි ගොඩ නගන වග රජතුමා දැන ගනීවා. ඔවුහු පවුරු පිළිසකර කරමින්, අත්තිවාරම් අලුත්වැඩියා කරමින් සිටිති. තවද මේ පුරවරය යළි ඉදි කොට, එහි පවුරු සම්පූර්ණ කළහොත්, ඔවුන් තවදුරටත් වරිපණම්, පඬුරු හා බදු ගෙවනු නැත. එවිට රජුගේ ආදායම් පහළ බසිනු ඇති වග රජතුමා දැන ගනීවා. මේ දක්වා අප රජ මැදුරේ ලුණු පරිභෝජන කරන බැවින්, රජුට නින්දාවක් වනු දැකීම අපට යුතු නැත. අප මේ පණිවුඩය රජුට දන්වා එවන්නේ, ඔබගේ පියවරුන්ගේ ලේඛන පිරික්සනු පිණිස ය. එවිට එම වාර්තාවලින් මේ පුරවරය කැරලිකාර පුරවරයක් වගත්, රජවරුන්ට හා පළාත්වලට කරදරකාරී වූ පුරාණ කාලවල පටන් කැරලිකාර ස්ථානයක් වූ වගත් දැනගත හැක. මෙපුර විනාශ වී ඇත්තේ එබැවිනි. මේ පුරවරය ඉදි කොට, එහි පවුරු සම්පූර්ණ කළහොත්, ඉන්පසු ගඟින් එගොඩ පළාතෙහි ඔබට කිසිවක් ඉතිරි නො වන වග අපි රජු දැනුම්වත් කරන්නෙමු. ඊට රජු මෙසේ පිළිතුරු එවී ය: අණ දෙන නිලධාරී රෙහූම්, ලේකම් ෂිම්ෂයි හා සමාරියේත්, ගඟෙන් එගොඩ පළාතේත් වසන ඔවුන්ගේ හවුල්කරුවන් වෙත: ශුභ සිද්ධ වේවා! ඔබ විසින් අප වෙත එවන ලද ලිපිය මා ඉදිරිපිට පැහැදිලි ව කියවන ලදී. මම නියෝගයක් නිකුත් කොට, සෝදිසි මෙහෙයුමක් ද දියත් කළෙමි. එවිට මේ පුරවරය පුරාණ කාලවල පටන් රජුන් විරෝධී තැනක් වගත්, කැරලිකාරී හා ද්‍රෝහි උසිගැන්වීමේ ස්ථානයක් වගත් දැනගන්නට ලැබිණි. ගඟෙන් එගොඩ මුළු පෙදෙස පාලනය කළ බලවත් රජවරු යෙරුසලමෙහි සිට ඇත. වරිපණම්, පඬුරු හා බදු ඔවුන්ට ගෙවනු ලැබිණ. වැඩ නවත්වන ලෙසට ඒ මිනිසුන්ට නියෝගයක් නිකුත් කරන්න. මා නියෝග කරන තුරු මේ පුරවරය යළි ඉදි කිරීම නො කළ යුතු ය. මේ කාරණය නො සලකා නොහරින්නට වග බලා ගන්න. රජුට හානියක් වන මේ අනතුර වර්ධන වන්නට ඉඩ තබන්නේ මන්ද?
එස්රා 4:11-22 Sinhala Revised Old Version (SROV)
ඔවුන් අර්තක්ෂස්තා රජු වෙතට ලියා ඇරිය ලියුමේ පිටපත මේය: ගඟ මෙගොඩ සිටින මනුෂ්‍යයන් ආදිවූ ඔබගේ දාසයන් විසින් ලියා එවන වග නම්– ඔබ වෙතින් අප ළඟට ආ යුදෙව්වන් යෙරුසලමට පැමිණ ඒ කැරළිකාර නපුරු නුවර ගොඩනගන බවත් පවුරු තීන්දුකර අත්තිවාරම අලුත්වැඩියාකරන බවත් රජතුමා දැනගනීවා. ඉතින් මේ නුවර ගොඩනගා පවුරු තීන්දුකළොත් මොවුන් තීරුවවත් ආදායමවත් සුංගමවත් නොදෙන බවත් මෙසේ අන්තිමේදී රජුන්ට එයින් අලාභ සිද්ධවෙන බවත් රජතුමා දැනගනීවා. ඉතින් අප මාලිගාවේ ලුණු කමින් සිටියදී රජ්ජුරුවන්ට අලාභ පැමිණෙනවා බලා ඉදීම අපට නුසුදුසු බැවින් ඔබගේ පියවරුන්ගේ ලේකම් පොත විභාගකරන පිණිස රජ්ජුරුවන්ට දන්වා එවීමුව. මෙසේ ඔබ ලේකම් පොතෙහි සොයා බැලුවොත් මේ නුවර කැරළිකාරවූ, රජවරුන්ටත් රටවලටත් අලාභකරන්නාවූ නුවරක් බවත්, පුරාණ කාලයේ පටන් එහි ද්‍රෝහිකම් උපදවනලද බවත්, එම කාරණය නිසා ඒ නුවර නාස්තිකරනලද බවත් ඔබට දැනගන්ට ලැබෙනවා ඇත. මේ නුවර ගොඩනගා පවුරු සාදා නිමකළොත් ගඟ මෙගොඩ ඔබට කිසි කොටසක් ඉතුරු නොවන බව අපි රජ්ජුරුවන්ට දන්වා සිටිමුව යනුය. එවිට රජ්ජුරුවෝ රෙහුම් ආණ්ඩුකාරයාටත් ෂිම්ෂයි ලේකම්ටත් සමාරියේ වාසයකළ ඔවුන්ගේ අනික් සහකාරයන්ටත් ගඟ එගොඩ සිටින අනික් තැනැත්තන්ටත් උත්තරයක් වශයෙන් ලියා ඇරියේ මෙසේය: සමාදානය වේවා යනාදියෙන් ලියා එවන වගනම්– නුඹලා අපට එවූ ලියුම මා ඉදිරියෙහි පැහැදිලිලෙස කියවනලද්දේය; මා විසින් අණදෙන ලදුව විභාගයක්ද කරනලද්දේය. එවිට ඒ නුවර පුරාණ කාලයේ විරුද්ධකම්කළ බවත් එහි කැරළිද ද්‍රෝහිකම්ද සිදුවූ බවත්, ගඟ එගොඩ තිබෙන මුළු රට ආණ්ඩුකළ බලවත් රජුන් යෙරුසලමෙහි සිටි බවත් තීරුවද ආදායම්ද සුංගම්ද ඔවුන්ට දෙනලද බවත් දැනගන්ට ලැබුණේය. එබැවින් මා විසින් නියෝගයක් කරන තුරු ඒ නුවර ගොඩ නොනගන පිණිස ඒ මනුෂ්‍යයන් නවත්වන හැටියට නියෝගයක් කරන්න. අප්‍රමාදව මේක කරන ලෙස බලාගන්න. රජවරුන්ට අලාභ පැමිණෙන හැටියට අනතුරු වැඩිවෙන්ට ඉඩදෙන්නේ මක්නිසාද යනුයි.
එස්රා 4:11-22 Sinhala New Revised Version (NRSV)
ඔව්හු අර්තක්ෂස්තා රජු වෙත මෙසේ ලියා යැවූ හ: “ගඟින් එතෙර වාසය කරන සෙනඟ වන අපි, රජතුමා වෙත මෙසේ ලියා එවමු: ඔබ කෙරෙන් අප වෙත ආ ජුදෙව්වන් ජෙරුසලමට පැමිණ ඒ කැරලිකාර නපුරු නගරය ගොඩනඟන බව ඔබ තුමාට දැන්විය යුතු ය. පවුරුවල වැඩ නිම කරන්නට ළඟ ය. ඔව්හු අත්තිවාරම අලුත්වැඩියා කරගෙන යති. ඉතින් මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත් මොවුන් තීරු බද්ද වත්, ආදායම් බද්ද වත්, සුංගම් වත් නොදෙන බව ද මෙසේ අන්තිමේ දී රජුට එයින් අලාභ හානි සිද්ධ වන බව ද ඔබ තුමාට දැන්විය යුතු ය. ඉතින් අපි ඔබ තුමාට ණයගැති ව සිටිය දී ඔබට අලාභ හානි පැමිණෙනු බලා සිටීම අපට නුසුදුසු බැවින්, ඔබේ පියවරුන්ගේ ලේඛනාගාරයේ වාර්තා පොත විභාග කරන පිණිස ඔබ තුමාට දන්වා එවමු. මෙසේ ඔබ වාර්තා පොතෙහි සොයා බැලුවොත්, මේ නගරය කැරලිකාර, රජුටත් රටවලටත් අලාභ හානි කරන නගරයක් බවත්, පෙර සිට ම එහි ද්‍රෝහිකම්වලට තුඩු දීම් සිදු වූ බවත්, එම කාරණය නිසා ඒ නගරය වනසනු ලැබූ බවත් ඔබට දැනගන්නට ලැබෙනු ඇත. මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත්, යුප්‍රටීස් ගඟින් මෙගොඩ ඔබට කිසි පෙදෙසක් අයිති නොවන බව අපි ඔබ තුමාට දන්වා සිටිමු.” එවිට රජතුමා මේ පිළිතුර යැවී ය: “රෙහුම් ආණ්ඩුකාරයාටත්, ෂිම්ෂයි ලේකම්ටත්, සමාරියේ වාසය කරන ඔවුන්ගේ සෙසු සහකාරයන්ටත්, යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සෙසු අයටත් සෙත් වේ වා! ඔබ අප වෙත එවූ ලිපිය පරිවර්තනය කර මා ඉදිරියෙහි පැහැදිලි ලෙස කියවන ලද්දේ ය. මා අණ දුන් පරිදි විභාගයක් ද කරන ලද්දේ ය. ඒ අනුව, මේ නගරය පුරාණ කාලයේ සිට රජවරුන්ට එදිරිවාදිකම් කර ඇති බවත්, එහි කැරලිගැසීම් ද ද්‍රෝහිකම් ද සිදු වී ඇති බවත් පෙනී ගොස් තිබේ. තවද, යුප්‍රටීස් ගඟින් එගොඩ තිබෙන මුළු රට ආණ්ඩු කළ රජුන් ජෙරුසලමෙහි සිටි බවත්, තීරු බද්ද ද ආදායම් බද්ද ද සුංගම් ද ඔවුන්ට දෙන ලද බවත් දැනගන්නට ලැබී ඇත. එබැවින් මා විසින් නියෝගයක් පමුණුවන තුරු ඒ නගරය ගොඩනොනඟන පිණිස ඒ මිනිසුන්ගේ වැඩ නවත්වන හැටියට නියෝගයක් කරන්න. රජුට අලාභ හානි වන විධියේ අනතුරු වැඩි වන්නට ඉඩ නොහරින පිණිස අප්‍රමාද ව මෙය කරන ලෙස වගබලාගන්න.”
එස්රා 4:11-22 Sinhala New Revised Version 2018 (SNRV)

එස්රා 4:11-22 New International Version (NIV)
(This is a copy of the letter they sent him.) To King Artaxerxes, From your servants in Trans-Euphrates: The king should know that the people who came up to us from you have gone to Jerusalem and are rebuilding that rebellious and wicked city. They are restoring the walls and repairing the foundations. Furthermore, the king should know that if this city is built and its walls are restored, no more taxes, tribute or duty will be paid, and eventually the royal revenues will suffer. Now since we are under obligation to the palace and it is not proper for us to see the king dishonored, we are sending this message to inform the king, so that a search may be made in the archives of your predecessors. In these records you will find that this city is a rebellious city, troublesome to kings and provinces, a place with a long history of sedition. That is why this city was destroyed. We inform the king that if this city is built and its walls are restored, you will be left with nothing in Trans-Euphrates. The king sent this reply: To Rehum the commanding officer, Shimshai the secretary and the rest of their associates living in Samaria and elsewhere in Trans-Euphrates: Greetings. The letter you sent us has been read and translated in my presence. I issued an order and a search was made, and it was found that this city has a long history of revolt against kings and has been a place of rebellion and sedition. Jerusalem has had powerful kings ruling over the whole of Trans-Euphrates, and taxes, tribute and duty were paid to them. Now issue an order to these men to stop work, so that this city will not be rebuilt until I so order. Be careful not to neglect this matter. Why let this threat grow, to the detriment of the royal interests?