එසකියෙල් 37:1-9

එසකියෙල් 37:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේගේ හස්තය මා පිට විය. උන්වහන්සේ ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මගින් මා පිටතට ගෙනවුත්, මිටියාවතක් මැද මා සිටුවී ය. එය ඇටකටුවලින් පිරී තිබිණ. ඒවා අතරෙහි උන්වහන්සේ, මා ඔබ මොබ ගෙන ගිය සේක. මිටියාවත් බිමේ ඇටකටු අති මහත් ගොන්නක් මම දිටිමි. ඒ ඇටකටු බෙහෙවින් වියළී තිබිණ. උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ?” යි ඇසූ සේක. මම උත්තර දෙමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබ පමණක් එය දන්නා සේකැ” යි කීවෙමි. එවිට උන්වහන්සේ මට කතා කොට, “මේ ඇටකටුවලට දිවැසි වැකි පවසමින්, ඒවාට මෙසේ කියන්න: ‘එම්බා වියළි ඇටකටු, ස්වාමින්වහන්සේගේ වචනය අසනු! මේ ඇටකටුවලට පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම නුඹලා තුළට හුස්ම පිඹින්නෙමි. එවිට නුඹලා ජීවත් වනු ඇත. මම නුඹලා පිට නහර තබා, මාංසය හටගන්වා, නුඹලා සමින් වසන්නෙමි. මම නුඹලා තුළට හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවනයට එනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇතැ’ යි” පැවසූහ. එබැවින් අණ ලද පරිදි මම දිවැසි වැකි පැවසීමි. මා දිවැසි වැකි පවසන අතරේ ශබ්දයක් ද සට සට රාවයක් ද විය. ඇටයක් ඇටයකට යන වශයෙන් ඒ ඇටකටු එක් වන්නට විය. මා බැලූ කල, මෙන්න! ඒවා පිට නහර හට ගැන්වී, මාංසය මතු වී, ඒවා සමින් වැසී ගියේ ය. එහෙත් ඒවා තුළ හුස්ම නො වී ය. එවිට උන්වහන්සේ මා අමතමින්, “දිවැසි වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, හුස්මට දිවැසි වැකි පවසමින්, ඊට මෙසේ කියන්න. ‘එම්බා ජීවන හුස්ම, සතර සුළං වෙතින් පැමිණ සිටින, මැරුම් කනු ලැබ සිටින මොවුන් යළි ජීවත් වන පිණිස, මොවුන් තුළට හුස්ම හෙළනු! යි’ පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක කියා කියන්නැ” යි පැවසූ සේක.

එසකියෙල් 37:1-9 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේගේ අත මා පිටට පැමිණ, ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් මා පිටතට පමුණුවා, සමභූමිය මැද සිටෙවුවේය; ඒක ඇටවලින් පිරී තිබුණේය; උන්වහන්සේ ඒවා අතරේ වටකර එහා මෙහා යන්ට මට සැලැස්සූසේක. එවිට සමභූමිය මතුපිට ඒවා බහුලව තිබෙනවා දුටිමි; ඒවා හොඳටම වියළී තිබුණේය. එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට ජීවත්වේදැයි මාගෙන් ඇසූසේක. මමද: ස්වාමිවූ දෙවියන්වහන්ස, එය දන්නේ ඔබයයි උත්තරදුනිමි. උන්වහන්සේ නැවත මට කථාකොට: නුඹ මේ ඇට කෙරෙහි අනාගතවාක්‍ය කියමින් ඒවාට මෙසේ කියන්න–වියළි ඇට, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මේ ඇටවලට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹලා ජීවත්වන ලෙස මම නුඹලා තුළට ආත්මය පමුණුවන්නෙමි. මම නුඹලා පිට නහර තබා, නුඹලා කෙරෙහි මාංස හටගන්වා, නුඹලා සමින් වසා, නුඹලා ජීවත්වන ලෙස නුඹලා තුළ ආත්මය තබන්නෙමි; නුඹලා මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත කියා කියන්නැයි කීය. එවිට මට අණකළ ලෙස මම අනාගතවාක්‍ය කීමි. මා අනාගතවාක්‍ය කියද්දී ශබ්දයක්ද භූමිකම්පාවක්ද විය, එක එක ඇටය ස්වකීය ඇටවලට ළංවිය. මම බැලූවිට නහර ඒවා පිට තිබෙනවා දුටිමි, මාංසය හටගැනී, ඒ උඩ සමින් වැසුණේය. නුමුත් ඒවා තුළ ආත්මයක් නොවීය. එවිට උන්වහන්සේ මට කථාකොට: නුඹ සුළඟට අනාගතවාක්‍ය කියන්න, මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියමින් සුළඟට කථාකොට–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ආත්මය, නුඹ සතර දිග සුළංවලින් ඇවිත් මැරුම්කෑවාවූ මොවුන් ජීවත්වන ලෙස මොවුන් තුළට හුස්ම හෙළන්න කියා කියන්නැයි මට කීය.

එසකියෙල් 37:1-9 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේ ය. උන් වහන්සේ සිය ආත්මානුභාවයෙන් මා පිටතට පමුණුවා ඇටකටුවලින් පිරී තිබුණ මිටියාවතක් මැද මා සිටෙවු සේක. උන් වහන්සේ මට ඒවා අතරේ ඔබමොබ යන්න සැලැසූ සේක. එවිට මිටියාවතේ ඇටකටු බහුල ව තිබෙනු මම දිටිමි. ඒවා හොඳට ම වියළී තිබුණේ ය. උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ”යි මාගෙන් ඇසූ සේක. මම ද “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එය දන්නේ ඔබ ය”යි උත්තර දිනිමි. උන් වහන්සේ යළිත් මට කතා කොට, “නුඹ මේ ඇටකටුවලට දිවැස් වැකි පවසා, මෙසේ කියන්න: අහෝ වියළි ඇටකටු! සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. මේ ඇටකටුවලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මෙන්න, නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුළට ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මම නුඹලාට නහර දෙමි; නුඹලා පිට මාංසය හටගන්වා, නුඹලා සමින් වසා, ජීවත් වන පිණිස නුඹලා තුළ ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා ද දැනගනු ඇත.” එවිට මට අණ කළ ලෙස මම දිවැස් වැකි පැවසීමි. මා දිවැස් වැකි පවසද්දී ශබ්දයක් ද සට සට ගාන හඬක් ද ඇති වී එක එක ඇටය එකට එක එකතු විය. මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංසය හටගැනී ඒවා සමින් වැසුණේ ය. එහෙත්, ඒවා තුළ ජීවන හුස්ම නො වී ය. එවිට උන් වහන්සේ මට කතා කොට, “නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”

එසකියෙල් 37:1-9 Sinhala New Revised Version 2018 (SNRV)