එසකියෙල් 3:12-27
එසකියෙල් 3:12-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ආත්මයාණන්වහන්සේ ඉහළට මා එසවූ සේක. එවිට, මහා ගිගුරුම් හඬක් මට පිටුපසින් ඇසිණ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය උන්වහන්සේගේ වාස භවනේ සිට ප්‍රශංසාවට පත් වේවා! ජීවමාන සත්වයින්ගේ පියාපත්, එකටෙක ඇතිල්ලෙන හඬ ද ඔවුන්ට පසෙකින් වූ රෝදවල හඬ ද මහා ගිගුරුම් හඬක් විණ. මෙසේ, ආත්මයාණන්වහන්සේ මා ඔසවාගත් සේක්, මා ඉවත ගෙන ගිය සේක. මා ගියේ දැඩි තික්තකමකින් ද මා ආත්මයේ වූ කෝපයෙන් ද යුතු ව මා පිට තැබූ ස්වාමින්වහන්සේගේ බලවත් හස්තය ද ඇති ව ය. කෙබාර් නදිය අසබඩ තේල්-ආබීබ්හි වාසය කළ පිටුවහල් ව සිටි ජනයා වෙත මම පැමිණියෙමි. මම එතැන, ඔවුන් විසූ තැන, ඔවුන් මධ්‍යයේ හිඳ හත් දවසක් වික්ෂිප්ත ව, බලා සිටියෙමි. දවස් හතක් අවසානයේ ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය උදෙසා මම ඔබ මුරකරුවකු කළෙමි. එබැවින් මා පවසන වචන අසා, මා කරන අනතුරු ඇඟවීම ඔවුනට දන්වන්න. දුෂ්ට මිනිසකුට මා කතා කොට, ‘ඒකාන්තයෙන් ම නුඹ නසින්නේ යැ’ යි මා කී විටෙක, ඔහුගේ දිවි රැකෙන ලෙස ඔබ ඔහුට අවවාද නො කරන්නේ නම් හෝ ඔහුගේ නපුරු මාර්ග වළක්වා ගැනීමට ඔහුට අනතුරු නො අඟවන්නේ නම්, ඒ දුෂ්ට මිනිසා තමාගේ පාපය නිසා මැරෙනු ඇත. එහෙත් ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි. එහෙත් ඔබ ඒ දුෂ්ට මිනිසාට අවවාද කළ නමුදු, ඔහු තම දුෂ්ටකමින් හෝ තම නපුරු මාර්ගයෙන් ඉවත නො හැරේ නම්, තමාගේ ම පාප නිසා ඔහු මියෙනු ඇත. එහෙත් ඔබ ඔබේ ප්‍රාණය ගලවාගෙන ඇත. “තවද, දමිටු මිනිසකු තම දමිටුකමින් ඉවත හැරී, දුෂ්ටකම් කරන කල, මා ඔහු ඉදිරියේ වැටීයෑමේ හේතුවක් තැබීම නිසා, ඔහු මියෙනු ඇත. ඔබ ඔහුට අනතුරු ඇඟවීමක් නො කළ බැවින්, ඔහු ඔහුගේ ම පාපයෙන් මැරෙනු ඇත. ඔහු විසින් කරන ලද දමිටු ක්‍රියා ද සිහි නො කෙරේ. එහෙත්, ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි. එනමුදු, පව් නො කරන්නට දමිටු මිනිසාට ඔබ අවවාද කළෙන්, ඔහු පව් නො කර සිටී නම්, සැබවින් ම ඔහු ජීවත් වන්නේ ය. ඒ, ඔහු අවවාදය පිළිගත් නිසා ය. ඔබත්, ඔබේ දිවි ගලවාගෙන ඇත.” ස්වාමින්වහන්සේගේ හස්තය එහිදී මා පිට විණ. උන්වහන්සේ මා අමතමින්, “නැගිටින්න, පිටත තැනිතලාවට යන්න. එහිදී මා ඔබට කතා කරන්නෙමි” යි කී සේක. එබැවින් මම නැගී සිට, තැනිතලාවට පිටත් ව ගියෙමි. එවිට මෙන්න, කෙබාර් නදිය අසබඩ මා දුටු පරිද්දෙන් ම ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය එහි නැගී සිට! මම මුහුණ බිමට නමා වැඳ වැටුණෙමි. එවිට ආත්මයාණෝ මා තුළට ඇතුළු ව, මා නැගිට සිට වූ සේක්, මා අමතමින්, “යන්න; ඔබේ ගෙතුළට වැද, දොර වසා ගන්න. මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කඹවලින් ඔබ වෙළා, ජනයා අතරට යා නො හැකි වන සේ, ඔබ බැඳ දමනු ඇත. ඔවුනට තරවටු කිරීමට ඔබට නො හැකි වන පරිදි ඔබ නිහඬ කරවමින්, මම ඔබේ දිව ඔබේ උඩු තල්ලේ ඇලෙන්නට සලස්වන්නෙමි. මන්ද, ඔවුන් කැරලිකාරී වංශයකි. එහෙත් මා ඔබට කතා කරන විට මම ඔබේ මුව විවර කරමි. එවිට ඔබ ඔවුන්ට කතා කොට, ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේකැ’ යි කිය යුතු ය. ප්‍රතික්ෂේප කරන්නෝ ප්‍රතික්ෂේප කරත්වා! මන්ද, ඔවුන් කැරලිකාරී වංශයකි” යි පැවසූහ.
එසකියෙල් 3:12-27 Sinhala Revised Old Version (SROV)
එවිට ආත්මය මා ඔසවාගත්තේය. ස්වකීය ස්ථානයේ සිට ස්වාමීන්වහන්සේගේ මහිමයට ප්‍රශංසාවේවයි කියන මහත් ඝෝෂා ශබ්දයක් මා පස්සෙන් මට ඇසුණේය. එකිනෙකට වැදුණු සත්වයන්ගේ පියාපත්වල ළඟ තිබුණු රෝදවල ශබ්දයද මහත් ඝෝෂා ශබ්දයක්ද මට ඇසුණේය. මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය. එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබීබ් යන ස්ථානයෙහි විසූ වහල්කමේ සිටියවුන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් අතරෙහි විස්මපත්ව හිඳගන උනිමි. තවද සත් දවසකට පසු ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීය: මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න. නුඹ සැබවින් නසින්නෙහියයි මා විසින් දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත්වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාදකිරීමට ඔහුට කථා නොකරන්නෙහි නම්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි. නුමුත් නුඹ දුෂ්ටයාට අවවාදකළාම ඔහු තමාගේ දුෂ්ටකමෙන්ද තමාගේ දුෂ්ට මාර්ගයෙන්ද නොහැරෙන්නේ නම්, ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; නුමුත් නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය. තවද ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර අයුතුකම් කළාම, පැකිලීමට කාරණයක් මම ඔහු ඉදිරියෙහි තබන විට ඔහු නසිනවා ඇත. නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු තමාගේ පාපයෙහි නසිනවා ඇත, ඔහු කළාවූ ඔහුගේ ධර්මිෂ්ඨකම සිහිකරනු නොලබන්නේය; ඔහුගේ ලේද නුඹ අතින් අයකරන්නෙමි. නුමුත් ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස නුඹ ධර්මිෂ්ඨයාට අවවාදකළාම, ඔහු පව් නොකර සිටියොත්, අවවාදය පිළිගත් බැවින් ඔහු සැබවින්ම ජීවත්වන්නේය; නුඹද නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහියයි කීය. එවිට ස්වාමීන්වහන්සේගේ අත එහිදී මා පිටට පැමුණුණේය; උන්වහන්සේද: නැගිට සමභූමියට යන්න, එහිදී නුඹ සමඟ කථාකරන්නෙමියි මට කීසේක. එකල මම නැගිට සමභූමියට ගියෙමි. එවිට කෙබාර් ගඟ ළඟදී මා දුටු තේජස මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි. මම මුහුණින් වැටුණෙමි. නුමුත් ආත්මය මට ඇතුල්ව, මා නැගුටුවා සිටුවා, මා සමඟ කථාකොට: නුඹේ ගෙට වැද දොර වසාගන හිඳින්න. තවද මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹ පිට බැඳුම් දමා, නුඹ ඔවුන් අතරට නේන පිණිස ඒවායින් නුඹ බඳිනවා ඇත. මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්ට සලස්වන්නෙමි, එවිට නුඹ ගොළුවී, ඔවුන්ට තරවටුකරන මනුෂ්‍යයෙක් නොවී සිටිනවා ඇත. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය. එහෙත් මා නුඹ සමඟ කථාකරන කල නුඹේ මුඛය අරින්නෙමි, නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. අසන තැනැත්තේ අසාවා; නාසන තැනැත්තේ නාසා සිටීවා. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්යයි කීසේක.
එසකියෙල් 3:12-27 Sinhala New Revised Version (NRSV)
එවිට ආත්මයාණෝ මා ඔසවාගත්හ. “ස්වකීය වාසස්ථානයේ සිටින සමිඳාණන් වහන්සේගේ මහිමයට ප්‍රශංසා වේ වා!”යි කියන භූමි කම්පාවක් වැනි ඝෝෂාවක් මා පිටුපසින් මට ඇසුණේ ය. මේ වනාහි එකිනෙකට වැදුණු සත්ත්වයන්ගේ පියාපත්වල ශබ්දය ද ඒ ළඟ තිබූ රෝදවල භූමි කම්පාවක ශබ්දය වැනි ශබ්දය ද විය. මෙලෙස ආත්මානුභාවයාණෝ මා ඔසවාගෙන ගියහ. දුකින් හා උදහසින් පිරුණු සිතකින් මම පිටත් ව ගියෙමි. සමිඳාණන් වහන්සේගේ බලය මා කෙරෙහි බලවත් ලෙස පැමිණියේ ය. එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබිබ් යන ස්ථානයෙහි විසූ විප්‍රවාසගතවූවන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් සමඟ බිරාන්ත ව නැවතී සිටියෙමි. තවද, සත් දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය කෙරෙහි මම නුඹ මුරකාරයෙකු වශයෙන් පත් කෙළෙමි. මාගෙන් යම් වචනයක් ඇසෙන සෑම විට ම ඔවුන්ට අවවාද කරන්න. ‘නුඹ සැබැවින් ම නසින්නෙහි ය’යි මා දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කරන පිණිස ඔහුට කතා නොකරන්නෙහි නම්, ඒ දුෂ්ටයා සිය පාපය නිසා මැරෙනු ඇත. එවිට ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි. එහෙත්, නුඹ දුෂ්ටයාට අවවාද කළ විට, ඔහු සිය පාපය හා දුෂ්ට මාර්ගය අත් නොහරින්නේ නම්, ඔහු සිය පාපය නිසා නසිනු ඇත. එහෙත්, නුඹ නුඹේ ජීවය රැකගනු ඇත. “තවද, ධර්මිෂ්ඨ මිනිසෙකු තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර පාපය කළ විට, එය ඔහුගේ වැටීමට හේතුවක් වන්නට මා ඉඩ හැරියොත්, නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු සිය පාපයෙහි නසිනු ඇත. ඔහු කළ ඔහුගේ දැහැමි ක්‍රියා සිහිකරනු නොලබන්නේ ය. ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි. එහෙත්, ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස නුඹ ඔහුට අවවාද කළ විට, ඔහු පව් නොකර සිටියොත්, අවවාද පිළිගත් බැවින් ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. නුඹ ද නුඹේ පණ ගළවා ගන්නෙහි ය.” එවිට, සමිඳාණන් වහන්සේගේ බලය එහි දී මා පිට පැමිණියේ ය. උන් වහන්සේ කතා කොට, “නැඟිට මිටියාවතට යන්න. එහි දී නුඹ සමඟ කතා කරන්නෙමි”යි මට වදාළ සේක. මම ද නැඟිට සමභූමියට ගියෙමි. එවිට, කෙබාර් ගඟ ළඟ දී මා දුටු තේජස මෙන් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය එහි තිබෙනු දිටිමි. මම මුණින්තළා වී වැටුණෙමි. එහෙත්, දේවාත්මයාණෝ මට ඇතුළු වී, මා නැඟිට සිටුවා, මා සමඟ කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගෙට වැද දොර වසාගෙන සිටින්න. මනුෂ්‍ය පුත්‍රය, නුඹ කඹවලින් වෙළා බඳිනු ලැබේ. සෙනඟ අතරට නුඹට යන්නට නොහැකිවනු ඇත. මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්න සලස්වන්නෙමි. එවිට නුඹ ගොළු වී, ඔවුන් කැරලිකාර සෙනඟක් වන බැවින් ඔවුන්ට තරවටු කරන්න නුඹට නොහැකි වන්නේ ය. එහෙත්, මා නුඹ සමඟ කතා කරන කල නුඹට කතා ශක්තිය දෙන්නෙමි. නුඹ ද කතා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නෙහි ය, සවන් දෙන්නෝ සවන් දෙත්වා; සවන් නොදෙන්නෝ සවන් නොදෙත්වා. මන්ද, ඔව්හු කැරලිකාර සෙනඟකි.”
එසකියෙල් 3:12-27 Sinhala New Revised Version 2018 (SNRV)

එසකියෙල් 3:12-27 New International Version (NIV)
Then the Spirit lifted me up, and I heard behind me a loud rumbling sound as the glory of the LORD rose from the place where it was standing. It was the sound of the wings of the living creatures brushing against each other and the sound of the wheels beside them, a loud rumbling sound. The Spirit then lifted me up and took me away, and I went in bitterness and in the anger of my spirit, with the strong hand of the LORD on me. I came to the exiles who lived at Tel Aviv near the Kebar River. And there, where they were living, I sat among them for seven days—deeply distressed. At the end of seven days the word of the LORD came to me: “Son of man, I have made you a watchman for the people of Israel; so hear the word I speak and give them warning from me. When I say to a wicked person, ‘You will surely die,’ and you do not warn them or speak out to dissuade them from their evil ways in order to save their life, that wicked person will die for their sin, and I will hold you accountable for their blood. But if you do warn the wicked person and they do not turn from their wickedness or from their evil ways, they will die for their sin; but you will have saved yourself. “Again, when a righteous person turns from their righteousness and does evil, and I put a stumbling block before them, they will die. Since you did not warn them, they will die for their sin. The righteous things that person did will not be remembered, and I will hold you accountable for their blood. But if you do warn the righteous person not to sin and they do not sin, they will surely live because they took warning, and you will have saved yourself.” The hand of the LORD was on me there, and he said to me, “Get up and go out to the plain, and there I will speak to you.” So I got up and went out to the plain. And the glory of the LORD was standing there, like the glory I had seen by the Kebar River, and I fell facedown. Then the Spirit came into me and raised me to my feet. He spoke to me and said: “Go, shut yourself inside your house. And you, son of man, they will tie with ropes; you will be bound so that you cannot go out among the people. I will make your tongue stick to the roof of your mouth so that you will be silent and unable to rebuke them, for they are a rebellious people. But when I speak to you, I will open your mouth and you shall say to them, ‘This is what the Sovereign LORD says.’ Whoever will listen let them listen, and whoever will refuse let them refuse; for they are a rebellious people.