එසකියෙල් 22:26-30 - Compare All Versions
එසකියෙල් 22:26-30 SROV (Sinhala Revised Old Version)
ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩකොට මාගේ ශුද්ධවූ දේ කෙලහුවෝය. ඔවුන් ශුද්ධ එකද අශුද්ධ එකද අතරේ වෙනසක් කළේවත් අපවිත්‍ර එකද පවිත්‍ර එකද අතරේ තිබෙන වෙනස දැන්නුවේවත් නැත, මාගේ සබත්ද ඔව්හු නොසලකා ඇරියෝය, මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමුණුණේය. එහි තුළ සිටින ඇගේ අධිපතීහු අයුතු ලාභ ලබාගන්නා පිණිස ලේ වැගිරවීමටත් ප්‍රාණ නැතිකිරීමටත් සිටින ගොදුර ඉරන්නාවූ වෘකයන්ට සමානය. ඇගේ ප්‍රොපේතවරුද ප්‍රයෝග දර්ශන දැක, ඔවුන්ට බොරු පේන කියා, ස්වාමීන්වහන්සේ කථා නොකළ නුමුත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියා පදම් නොකළ බදාම ගෑවෝය. දේශයේ සෙනඟ බලාත්කාරකම්කොට කොල්ලකෑවෝය; අසරණයාටද දිළින්දාටද පීඩාකොට, අයුතුලෙස විදේශියාට බලාත්කාර කළෝය. මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනගා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මනුෂ්‍යයෙකු සෙවීමි. නුමුත් කිසිවෙක් මට සම්බනූණේය.
එසකියෙල් 22:26-30 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇගේ පූජකවරු මගේ ව්‍යවස්ථාවට බලහත්කාරකම් කරමින්, මගේ ශුද්ධ දෑ කෙලෙසති. ශුද්ධ හා සාමාන්‍ය දෑ අතරෙහි වෙනස ඔවුහු නො හඳුනති. අපවිත්‍ර හා පවිත්‍ර දෑ අතරෙහි වෙනසක් නැතැයි ඔවුහු උගන්වති. ඔවුන් අතරෙහි මා කෙලෙසනු ලබන පිණිස, මගේ සබත් පැවැත්වීමෙහි ලා ඔවුහු දෑස් පියා ගනිති. ඇය තුළ සිටින ඇගේ අධිපතීන් තමන්ගේ ගොදුර ඉරා දමන වෘකයින් වැන්න. අයුතු ලාභ පතා ඔවුහු ලේ වගුරුවමින්, ජනයා මරා දමති. ඇගේ දිවැසිවරු ව්‍යාජ දර්ශන හා මුසා පේනකීම් මගින් ඔවුන්ගේ එම අනිටු ක්‍රියා මත සුදු හුණු ගාති. ස්වාමින්වහන්සේ කිසිවක් නො පැවසූ කල්හිත් ඔවුහු කතා කොට, ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පැවසූ සේකැ’ යි කියති. දේශයේ ජනයා ගසාකෑම් හි යෙදෙති. මංකොල්ල කති. ඔවුහු දුගියනට හා අසරණයනට පීඩා කරති. විදෙස්සනට යුක්තිය කිරීම පිටුදකිමින් ඔවුන්ට අකටයුතුකම් කරති. “මවිසින් දේශය විනාශ නො කරන පිණිස, දේශය උදෙසා පවුරු ගොඩ නගන්නට හා මා ඉදිරියේ ඇති හිඩැස අවුරා සිටගන්නට මිනිසකු ඔවුන් අතරෙහි මම සොයා බැලීමි. එහෙත් කිසිවකුත් හමු නො විණ.
එසකියෙල් 22:26-30 NRSV (Sinhala New Revised Version)
ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩ කොට මාගේ ශුද්ධ දේ කෙලෙසූ හ. ඔවුන් කැප දේ ද අකැප දේ ද අතරේ වෙනසක් කෙළේ වත්, අපවිත්‍ර දේ ද පවිත්‍ර දේ ද අතරේ තිබෙන වෙනස දැන්නුවේ වත් නැත; මාගේ සබත් දවස් ඔව්හු නොසලකා හැරියෝ ය. මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමිණියේ ය. ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය. එහි දිවැසිවරු ද මායම්කාර දර්ශන දැක, බොරු පේන පවසා, සමිඳාණන් වහන්සේ කතා නොකළ නමුත්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක’ කියා බිත්තියක හුණු ගාන්නාක් මෙන් සිය පාප වසන් කරගත්හ. දේශයේ සෙනඟ බලහත්කාරකම් කොට කොල්ලකෑහ; අසරණයාට ද දිළින්දාට ද පීඩා කළහ; අයුතු ලෙස විදේශිකයාට බලහත්කාරකම් කළහ. දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනඟා දේශය ආරක්ෂා කරන පිණිස කපොලුවල සිටිය හැකි මිනිසෙකු මම ඔවුන් අතරේ සෙවීමි. එහෙත්, කිසිවෙක් මට සම්බ නො වී ය.
එසකියෙල් 22:26-30 SNRV (Sinhala New Revised Version 2018)

එසකියෙල් 22:26-30 NIV (New International Version)
Her priests do violence to my law and profane my holy things; they do not distinguish between the holy and the common; they teach that there is no difference between the unclean and the clean; and they shut their eyes to the keeping of my Sabbaths, so that I am profaned among them. Her officials within her are like wolves tearing their prey; they shed blood and kill people to make unjust gain. Her prophets whitewash these deeds for them by false visions and lying divinations. They say, ‘This is what the Sovereign LORD says’—when the LORD has not spoken. The people of the land practice extortion and commit robbery; they oppress the poor and needy and mistreat the foreigner, denying them justice. “I looked for someone among them who would build up the wall and stand before me in the gap on behalf of the land so I would not have to destroy it, but I found no one.