එසකියෙල් 22
22
යෙරුසලමේ පාප
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ:
2“මනුෂ්‍ය පුත්‍රය, ඔබ, ඇය විනිශ්චය කරනවා ද? ලේ හලන මේ පුරවරය විනිශ්චය කරනවා ද? එසේ නම් ඇගේ සියලු පිළිකුල් ක්‍රියා මාර්ග ඇගේ මූණට ම කියා පාමින්, 3මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: තමන් මධ්‍යයේ ලේ හැලීමෙන් විපත්තිය තමන් පිටට ම කැඳවාගන්නා වූත්, දේව පිළිම සාදා ගැනීමෙන් තමන් ම අපවිත්‍ර කර ගන්නා වූත් පුරවරය, 4නුඹ වැගිරූ ලේ නිසා, නුඹ වරදකරුවකු වී සිටී. නුඹ සාදා ගත් දේව පිළිම නිසා, නුඹ අපවිත්‍ර වී සිටී. මෙසේ නුඹ නුඹේ අන්තිම දවස් ළං කර ගෙන ඇත. නුඹේ අවුරුදුවල අවසානය ද පැමිණ ඇත. එබැවින් මම ජාතීන්ට නුඹ අවමානයක් වන්නට සලස්වමි. සියලු රටවලට නුඹ සිනහවට හේතුවක් වන්නට සලස්වමි. 5වියවුලෙන් පිරි එම්බා අපකීර්තිමත් පුරවරය, ළඟ පාත මෙන් ම දුර බැහැර සිටින්නෝ නුඹට සමච්චල් කරන්නෝ ය.
6“ ‘බලනු! නුඹ අතරෙහි සිටින ඉශ්රායෙල් අධිපතීන් හැම කෙනකු ම ලේ හැලුමට තම බලය පාවිච්චි කරන හැටි! 7නුඹ අතරෙහි ඔවුන් තම මව් පියනට සැලකූයේ නින්දිත අයුරිනි. නුඹ අතරෙහි ඔවුහු විදෙස්සන්ට හිංසා-පීඩා කළහ; පියා නැති අනාථ දරුවන්ට හා වැන්දඹුවනට ද නුඹ අතරෙහි ඔවුන් සැලකූයේ අයුතු ලෙසිනි. 8මගේ ශුද්ධ දෑ නීච කොට සැලකූ නුඹලා මගේ සබත් කෙලෙසූහ. 9අපහාස කතා පතුරුවන, ලේ හැලීමට නැඹුරු වූවෝ නුඹ අතරේ වෙති. කඳු උඩ දෙවොල්හි පිදුම් අනුභව කරන්නෝ ද සල්ලාලකම් කරන්නෝ ද නුඹ අතරෙහි වෙති. 10තම පියාගේ විවා යහන කෙලෙසන්නෝ නුඹ අතරෙහි වෙති. මාසික ඔසප් දවස්හි අපවිත්‍ර ව සිටින කාන්තාවන්ට බලහත්කාරකම් කරන්නෝ ද නුඹ අතරෙහි වෙති. 11නුඹ අතරෙහි සිටින කෙනෙක් තම අසල්වැසියාගේ බිරිඳ සමඟ නින්දිත වරදක ගැලෙයි; අනෙකෙක් අධම ලෙස තම ලේළිය අපවිත්‍ර කරයි; තවත් කෙනෙක් තම පියාගේ දියණිය වන තමාගේ ම සහෝදරියට බලහත්කාරකම් කරයි. 12නුඹ අතරෙහි සිටින මිනිස්සු ලේ වැගිරීමට අල්ලස් ගනිති. ඔහු පොලී අය කර ණය දෙන්නේවත්, පොලී එකතු කර ණය අය කරන්නේවත් නැත. අයුතු වාසි ගනිමින්, නුඹ නුඹේ අසල්වැසියා ගසා කයි; තවද නුඹ මා අමතක කර දැමී යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
13“ ‘නුඹ මධ්‍යයේ නුඹ විසින් සලසා ගන්නා ලද අයුතු වාසි ගැන ද නුඹ විසින් වගුරු වන ලද ලේ ගැන ද මම මගේ දෑත් එකට ගසා ගන්නෙමි. 14මම ඔබ සමඟ ගනුදෙනුව බේරන දවසේදී ඊට මුහුණ දෙන්නට නුඹට ධෛර්යය තියේ ද? නුඹේ අත් සවිමත් ද? ස්වාමින්වහන්සේ වන මම කතා කළෙමි. මම ම එය ඉටු කරන්නෙමි. 15මම ජාතීන් අතරට නුඹ පන්නා, රට-රටවල් අතරේ නුඹ විසුරුවා හරිමි. නුඹේ අපවිත්‍රකම මම කෙළවර කරන්නෙමි. 16ජාතීන්ගේ ඇස් හමුවෙහි නුඹ කෙලෙසුණු පසු, ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගනු ඇතැ’ යි කී සේක.”
17ඉන්පසු ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 18“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය මට ලෝහ-මණ්ඩි මෙන් වී ඇත. ඔවුන් සැවොම උදුන ඇතුළත ඉතිරි වූ තඹ, බෙලෙක්, යකඩ හා ඊයම් ය; ඔවුන් රිදී මණ්ඩි පමණි. 19එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘නුඹලා සැවොම ලෝහ-මණ්ඩි බවට පත් ව ඇති නිසා, මම යෙරුසලම තුළට නුඹලා එකතු කරමි. 20මිනිසුන් රිදී ද තඹ ද යකඩ ද ඊයම් හා බෙලෙක් ද ගිනි පිඹ උණු කරන්නට උදුන තුළට දමන්නාක් මෙන් මගේ කෝපයෙන් හා මගේ උදහසින් යුතු ව මම නුඹලා එකතු කර, පුරවරය තුළට නුඹලා දමා, නුඹලා උණු කරන්නෙමි. 21මම නුඹලා එකතු කොට, මගේ ගිනිමය උදහස නුඹලා පිට පිඹින්නෙමි. නුඹලා ඒ තුළ උණු කෙරේ. 22උදුනක් තුළ රිදී උණු කරන්නාක් මෙන් නුඹලාත් ඇය තුළ උණු කරනු ලැබේ. එවිට ස්වාමින්වහන්සේ වන මම, නුඹලා පිට මගේ උදහස වගුරා ඇති වග නුඹලා දැනගනු ඇත.’ ”
23 ස්වාමින්වහන්සේගේ වචනය යළි මා වෙත පැමිණියේ ය. 24“මනුෂ්‍ය පුත්‍රය, දේශයට මෙසේ පවසන්න: ‘උදහසේ දවසේ පිරිසිදු කරනු නො ලැබූ හෝ වැසි නො වැටුනු දේශය ඔබයි.’ 25ගොරවන සිංහයකු තම ගොදුර ඉරා දමන්නා සේ, එපුර දිවැසිවරුන් අතරේ කුමන්ත්‍රණයක් තියේ. ඔවුහු ජනතාව කා දමමින්, වස්තුව හා වටිනා දෑ පැහැර ගනිමින්, එපුර වැන්දඹුවන් ගණනින් වැඩි කරති. 26ඇගේ පූජකවරු මගේ ව්‍යවස්ථාවට බලහත්කාරකම් කරමින්, මගේ ශුද්ධ දෑ කෙලෙසති. ශුද්ධ හා සාමාන්‍ය දෑ අතරෙහි වෙනස ඔවුහු නො හඳුනති. අපවිත්‍ර හා පවිත්‍ර දෑ අතරෙහි වෙනසක් නැතැයි ඔවුහු උගන්වති. ඔවුන් අතරෙහි මා කෙලෙසනු ලබන පිණිස, මගේ සබත් පැවැත්වීමෙහි ලා ඔවුහු දෑස් පියා ගනිති. 27ඇය තුළ සිටින ඇගේ අධිපතීන් තමන්ගේ ගොදුර ඉරා දමන වෘකයින් වැන්න. අයුතු ලාභ පතා ඔවුහු ලේ වගුරුවමින්, ජනයා මරා දමති. 28ඇගේ දිවැසිවරු ව්‍යාජ දර්ශන හා මුසා පේනකීම් මගින් ඔවුන්ගේ එම අනිටු ක්‍රියා මත සුදු හුණු ගාති. ස්වාමින්වහන්සේ කිසිවක් නො පැවසූ කල්හිත් ඔවුහු කතා කොට, ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පැවසූ සේකැ’ යි කියති. 29දේශයේ ජනයා ගසාකෑම් හි යෙදෙති. මංකොල්ල කති. ඔවුහු දුගියනට හා අසරණයනට පීඩා කරති. විදෙස්සනට යුක්තිය කිරීම පිටුදකිමින් ඔවුන්ට අකටයුතුකම් කරති.
30“මවිසින් දේශය විනාශ නො කරන පිණිස, දේශය උදෙසා පවුරු ගොඩ නගන්නට හා මා ඉදිරියේ ඇති හිඩැස අවුරා සිටගන්නට මිනිසකු ඔවුන් අතරෙහි මම සොයා බැලීමි. එහෙත් කිසිවකුත් හමු නො විණ. 31එබැවින්, ඔවුන් කළ සියලු දෑ ඔවුන්ගේ හිස පිටට ම ගෙනෙමින්, මම මගේ උදහස ඔවුන් පිට වගුරුවා මගේ ගිනිමය උදහස ඔවුන් දවා දමන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 22: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.