නික්මයාම 4:1-17
නික්මයාම 4:1-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “ඇතැම් විට ඔවුන් මා විශ්වාස නො කර, මා කියන දේ නො අසා, ‘ඔබට ස්වාමින්වහන්සේ පෙනුණේ නැත’ කියා පවසනු ඇතැ” යි කී ය. එවිට ස්වාමින්වහන්සේ ඔහු අමතා, “ඔබේ අතේ ඔය තියෙන්නේ කුමක් දැ?” යි ඇසූ සේක. “සැරයටියකැ” යි ඔහු පැවසී ය. “එය බිම හෙළන්නැ” යි ස්වාමින්වහන්සේ කී සේක. මෝසෙස් එය බිම දැමී ය. එය සර්පයකු බවට පත් විය. මෝසෙස් එයින් ඉවතට දිව්වේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතා, “ඔබේ අත දිගු කොට, වලිගයෙන් ඌ අල්ලා ගන්නැ” යි කී සේක. මෝසෙස් තම අත දිගු කොට, ඌ අල්ලා ගත්තේ ය. ඔහුගේ අතේ යළි එය සැරයටියක් බවට පත් විය. එවිට ස්වාමින්වහන්සේ, “මෙය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වූ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පෙනුණු වග ඔවුන් විශ්වාස කරන පිණිස යැ” යි කී සේක. ස්වාමින්වහන්සේ යළි මෝසෙස් අමතමින්, “ඔබේ අත, කබාය ඇතුළතින් ඔබේ ළයේ තබන්නැ” යි කී සේක. එවිට ඔහු තම අත, කබාය අස්සෙන් ළයේ තැබී ය. ඔහු එය යළි පිටතට ගත් කල, මෙන්න! ඔහුගේ අතේ කුෂ්ඨය වැලදී, හිම මෙන් සුදු වී තිබුණේ ය. “දැන් ඔබේ අත නැවතත් ළයේ තබන්නැ” යි උන්වහන්සේ පැවසූහ. ඔහු යළිත් තම අත, කබාය තුළින් ළයෙහි තැබී ය. ඔහු අත පිටතට ගත් කල, මෙන්න! එය ඔහුගේ සිරුරේ සෙසු මාංසය මෙන් ප්‍රකෘතිමත් ව තිබිණ. එවිට උන්වහන්සේ, “ඔවුන් ඔබ විශ්වාස නො කළත්, පළමු හාස්කම් ලකුණ ගැන නො සැලකුවත් දෙවැන්න විශ්වාස කරනු ඇත. එහෙත් මේ ලකුණු දෙක ම ඔවුහු විශ්වාස නො කරත් නම්, ඔබ කියන දේ නො අසත් නම්, නයිල් ගඟේ වතුර, ටිකක් ගෙන වියළි බිමෙහි වත් කරන්න. එවිට ගඟින් ඔබ ගත් වතුර වියළි බිම මත ලේ බවට පත් වනු ඇතැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, “අහෝ මා ස්වාමිනි, මීට ඉස්සර හෝ ඔබගේ සේවක මා සමඟ ඔබ කතා කළ පසුව හෝ කිසි දිනෙක මා කතාවෙහි දක්ෂයකු නො වේ. කීමෙහි-බිණීමෙහි මම අදක්ෂයෙක්මි” යි කීවේ ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “මිනිසාගේ මුඛය සෑදුවේ කවුරු ද? ඔහු ගොළු හෝ බිහිරි කරවන්නේ කවුරු ද? ඔහුට පෙනීම දෙන්නේ හෝ අන්ධවීමට සලසන්නේ කවුරු ද? ස්වාමින්වහන්සේ වන මම නො වෙම් ද? එබැවින් දැන් යන්න; කතාවට මම ඔබට උපකාර කරන්නෙමි. ඔබ කිය යුත්තේ මොනවාදැයි කියා දෙන්නෙමි” යි කී සේක. එහෙත් මෝසෙස්, “අහෝ ස්වාමිනි, කරුණාකර වෙන කෙනකු යවනු මැනවි” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේගේ කෝපය, මෝසෙස්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ කතා කරමින්, “ලෙවී වංශික ඔබේ සහෝදර ආරොන් ගැන කෙසේ ද? ඔහු චතුර ලෙස කතා කරන වග මම දනිමි. ඔහු දැනටමත් ඔබ හමුවට එමින් සිටියි. ඔබ දකින කල, ඔහුගේ හද පිනා යනු ඇත. ඔබ ඔහු අමතා, ඔහුගේ මුවට වචන දිය යුතු ය. මම ඔබ දෙදෙනාට කතාවට උපකාර කරමින්, කළ යුතු දෑ කියා දෙන්නෙමි. ඔබ වෙනුවට ඔහු ජනතාවට කතා කරනු ඇත. එය හරියට ඔහු, ඔබගේ මුඛය වීම ද ඔබ, ඔහුගේ දෙවියන්වහන්සේ මෙන් වීම ද වැනි ය. එහෙත් මේ සැරයටිය, ඔබගේ අතේ ගෙන යන්න. එමඟින් ඔබ අනුහස් ලකුණු පානු ඇතැ” යි කී සේක.
නික්මයාම 4:1-17 Sinhala Revised Old Version (SROV)
එවිට මෝසෙස් උත්තර දෙමින්: එහෙත් බැලුව මැනව, ඔවුන් මා විශ්වාස නොකොට, මාගේ හඬට ඇහුම්කන් නොදී, ස්වාමීන්වහන්සේ නුඹට නොපෙනුණුසේකැයි කියනවා ඇතැයි කීය. එවිට ස්වාමීන්වහන්සේ: නුඹේ අතේ තිබෙන්නේ මොකක්දැයි ඔහුගෙන් ඇසූසේක. සැරයටියක්යයි ඔහු කීවේය. උන්වහන්සේ: ඒක බිම හෙලන්නැයි කීසේක. ඔහු ඒක බිම හෙළූ විට ඒක සර්පයෙක් විය; මෝසෙස් ඌ ඉදිරියෙන් දිවුවේය. ස්වාමීන්වහන්සේ: නුඹේ අත දිගුකොට ඌ වල්ගෙන් අල්වා ගන්නැයි මෝසෙස්ට කීසේක. (ඔහු තමාගේ අත දිගුකොට ඌ අල්වාගත්තේය, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් වුණේය.) ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙනුණු බව ඔවුන් විසින් විශ්වාස කරන පිණිස එසේ කරන්නැයි කීසේක. තවද ස්වාමීන්වහන්සේ: නුඹේ අත නුඹේ ළයෙහි තබන්නැයි ඔහුට කීසේක. ඔහු අත තමාගේ ළයෙහි තැබීය. ඔහු ඒක අහකට ගත්විට, බලව, ඔහුගේ අත හිම මෙන් කුෂ්ඨයෙන් සුදුවී තිබුණේය. උන්වහන්සේ: නුඹේ අත නැවත ළයෙහි තබන්නැයි කීසේක. (ඔහු තමාගේ අත නැවත ළයෙහි තැබීය; ඔහු ඒක තමාගේ ළයෙන් පිටතට ගත් විට, බලව, එය ඔහුගේ අනික් මාංසය මෙන් හරිගැහී තිබුණේය.) ඔව්හු නුඹ විශ්වාස නොකරන්නෝ නම්, පළමුවෙනි ලකුණේ හඬට කන්නොදෙන්නෝ නම්, ඔවුන් අනික් ලකුණේ හඬ විශ්වාස කරනවා ඇත. තවද ඔව්හු මේ ලකුණු දෙකම විශ්වාසනොකර නුඹේ හඬට කන්නොදෙන්නෝ නම්, ගංගාවෙන් වතුර රැගෙන වියළි බිමට වත්කරන්න. එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර භූමිය මතුයෙහි ලේ වන්නේයයි කීසේක. මෝසෙස්: අහෝ, ස්වාමීනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි ස්වාමීන්වහන්සේට කීයේය. එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද? එබැවින් දැන් යව, මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමියි ඔහුට කීසේක. ඔහු: අහෝ ස්වාමීනි, ඔබවහන්සේ යවන්ට කැමැත්තෙකු අත යැවුව මැනවයි කීය. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස මෝසෙස්ට විරුද්ධව ඇවුළුණේය, උන්වහන්සේ: නුඹේ සහෝදරවූ ලෙවීයයාවූ ආරොන් ඉන්නවා නොවේද? ඔහුට ව්‍යක්ත ලෙස කථාකරන්ට පුළුවන් බව දනිමි. බලව, ඔහු නුඹ සම්බවන්ට එන්නේය. ඔහු නුඹ දුටුවාම තමන් සිතින් සන්තෝෂවන්නේය. නුඹ ඔහුට කථාකොට ඔහුගේ කටට වචන දෙන්නෙහිය. මම නුඹේ මුඛයත් ඔහුගේ මුඛයත් සමඟ සිට නුඹලා විසින් කටයුතු දේ නුඹලාට උගන්වන්නෙමි. ඔහු නුඹ වෙනුවට සෙනඟට කථාකරන්නේය. මෙසේ ඔහු නුඹට මුඛයක් වන්නේය, නුඹ ඔහුට දෙවියන්වහන්සේ මෙන් වන්නෙහිය. නුඹ විසින් හාස්කම් දක්වන්ට මේ සැරයටිය නුඹේ අතින් ගනුවයි කීසේක.
නික්මයාම 4:1-17 Sinhala New Revised Version (NRSV)
එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “හොඳයි, ඔව්හු මා විශ්වාස නොකොට, මාගේ හඬට සවන් නො දී, සමිඳාණන් වහන්සේ ඔබට දර්ශනය නො වූ සේකැ’යි කීවොත් කුමක් කරන්න දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ අතේ තිබෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. ඔහු, “සැරයටියකැ”යි කී ය. උන් වහන්සේ කතා කොට, “එය බිම දමන්නැ”යි වදාළ සේක. ඔහු එය බිම දැමී ය, එය සර්පයෙක් විය. එවිට මෝසෙස් ඌ ඉදිරියෙන් අහකට පැන්නේ ය. සමිඳාණන් වහන්සේ ඔහු අමතමින්, “නුඹේ අත දිගු කොට උගේ වල්ගයෙන් අල්ලාගන්නැ”යි වදාළ සේක. මෝසෙස් ද අත දිගු කොට, ඌ වල්ගයෙන් අල්ලා ගත් විට, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් බවට හැරිණි. උන් වහන්සේ ද, “ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹට දර්ශනය වූ බව ඔවුන් විශ්වාස කරන පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක. තවදුරටත් උන් වහන්සේ ඔහුට කතා කරමින්, “දැන් නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ සේක. ඔහු තම අත ළයෙහි තැබී ය. ඔහු එය අහකට ගත් විට, පුදුමයකි, ඔහුගේ අත හිම මෙන් සුදු කුෂ්ඨයකින් වැසී තිබිණි. යළිත් උන් වහන්සේ කතා කොට, “නැවත නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ විට ඔහු තම අත ළයෙහි තැබී ය. එය ළයෙන් ඉවතට ගත් විට, පුදුමයකි, එය තම මාංසය මෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිණි. එවිට උන් වහන්සේ ඔහු අමතමින්, “පළමු වන හාස්කමින් ඔව්හු නුඹ විශ්වාස නොකරත් නම්, නුඹේ හඬට සවන් නොදෙත් නම්, දෙ වන හාස්කමින් ඔවුන් නුඹේ කීම විශ්වාස කරනු ඇත. ඔව්හු මේ හාස්කම් දෙක ම විශ්වාස නොකරත් නම්, නුඹ ගංගාවෙන් වතුර රැගෙන වියළි පොළොවට වත් කරන්න; එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර වියළි පොළොව මත ලේවලට හැරෙන්නේ ය”යි වදාළ සේක. ඉන්පසු මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “මාගේ ස්වාමීනි, ඔබ වහන්සේ ඔබේ දාසයා හා සමඟ කතා කළ පසු වේ වා, ඊට පෙර වේ වා, මම ව්‍යක්ත කථිකයෙක් නො වීමි. කීමෙහි බිණීමෙහි දුබල ය, දිව ගොතගහන සුලු ය”යි කී ය. සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “මිනිසාගේ මුඛය නිර්මාණය කෙළේ කවරෙක් ද? යමෙකු ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ යමෙකුට පෙනීම දෙන්නේ හෝ යමෙකු අන්ධයෙකු කරන්නේ හෝ කවරෙක් ද? එසේ කරනුයේ සමිඳාණන් වහන්සේ වන මම නොවෙම් ද? එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක. එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “අනේ මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබ කැමැති අන් කෙනෙකු යැව්ව මැනවැ”යි කී ය. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ උදහසින් ඇවිළී, “නුඹේ සහෝදරයා වන ලෙවීයකු වූ ආරොන් ඉන්නවා නොවේ ද? ඔහු කතාවට දක්ෂයෙකු බව මම දනිමි. මෙන්න, නුඹ හමු වීමට ඔහු එනු ඇත; ඔහු ද නුඹ දකින විට තම හද පත්ලෙන් සතුටු වනු ඇත. නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි. ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය. ඇරත්, නුඹ මේ සැරයටිය අතේ ගෙන ගොස් එයින් හාස්කම් පෑ යුතු ය”යි වදාළ සේක.
නික්මයාම 4:1-17 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 4:1-17 New International Version (NIV)
Moses answered, “What if they do not believe me or listen to me and say, ‘The LORD did not appear to you’?” Then the LORD said to him, “What is that in your hand?” “A staff,” he replied. The LORD said, “Throw it on the ground.” Moses threw it on the ground and it became a snake, and he ran from it. Then the LORD said to him, “Reach out your hand and take it by the tail.” So Moses reached out and took hold of the snake and it turned back into a staff in his hand. “This,” said the LORD, “is so that they may believe that the LORD, the God of their fathers—the God of Abraham, the God of Isaac and the God of Jacob—has appeared to you.” Then the LORD said, “Put your hand inside your cloak.” So Moses put his hand into his cloak, and when he took it out, the skin was leprous—it had become as white as snow. “Now put it back into your cloak,” he said. So Moses put his hand back into his cloak, and when he took it out, it was restored, like the rest of his flesh. Then the LORD said, “If they do not believe you or pay attention to the first sign, they may believe the second. But if they do not believe these two signs or listen to you, take some water from the Nile and pour it on the dry ground. The water you take from the river will become blood on the ground.” Moses said to the LORD, “Pardon your servant, Lord. I have never been eloquent, neither in the past nor since you have spoken to your servant. I am slow of speech and tongue.” The LORD said to him, “Who gave human beings their mouths? Who makes them deaf or mute? Who gives them sight or makes them blind? Is it not I, the LORD? Now go; I will help you speak and will teach you what to say.” But Moses said, “Pardon your servant, Lord. Please send someone else.” Then the LORD’s anger burned against Moses and he said, “What about your brother, Aaron the Levite? I know he can speak well. He is already on his way to meet you, and he will be glad to see you. You shall speak to him and put words in his mouth; I will help both of you speak and will teach you what to do. He will speak to the people for you, and it will be as if he were your mouth and as if you were God to him. But take this staff in your hand so you can perform the signs with it.”