නික්මයාම 37:1-9

නික්මයාම 37:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

බෙසලෙල්, අකේෂියා ලීයෙන් කරඬුව සෑදී ය. එය දිගින්, රියන් දෙකහමාරකි; පළලින්, රියන් එකහමාරකි; උසින්, රියන් එකහමාරකි. එහි ඇතුළු පැත්ත හා පිට පැත්ත අමිශ්‍ර රනින් වැසූ ඔහු, ඒ වටා රන් ලීස්තරයක් සෑදී ය. ඊට රන් වළලු හතරක් වාත්තු කළ ඔහු, එක් පැත්තට දෙකක් ද අනෙක් පැත්තට දෙකක් ද යන වශයෙන් ඒවා එහි කකුල්වල සවි කළේ ය. ඉන්පසු අකේෂියා ලීයෙන් පොලු සාදා, ඒවා රනින් වැසූ ඔහු, කරඬුව ඔසවාගෙන යෑම සඳහා, එහි දෙපස වළලු තුළට එම පොලු රිංගවී ය. ඔහු අමිශ්‍ර රනින් කරුණාසනය සෑදී ය. එය දිගින්, රියන් දෙකහමාරකි. පළලින්, රියන් එකහමාරකි. ඉන්පසු ඔහු කරුණාසනය දෙකෙළවර, තැලූ රනින් කෙරුබ්වරුන් දෙදෙනකු සෑදී ය. එක් කෙරුබ්වරයකු එක් කෙළවරක ද අනෙක් කෙරුබ් අනෙක් කෙළවරෙහි ද යන වශයෙන් කරුණාසනය හා සමඟ තනි නිර්මාණයක් වන පරිදි, එහි දෙකෙළවරේ ඔහු කෙරුබ්වරුන් සෑදී ය. කෙරුබ් පියාපත් ඉහළට විහිදී, ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය ආවරණ කර ගෙන තිබිණ. එකිනෙකාට මුහුණ ලා සිටි කෙරුබ්වරුන්ගේ මුහුණු, කරුණාසනය දෙසට යොමු වී තිබිණ.

නික්මයාම 37:1-9 Sinhala Revised Old Version (SROV)

බෙශලෙල් ෂිටිම් ලීවලින් පෙට්ටිය සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද විය. ඔහු ඒකේ ඇතුළත් පිටත් පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක්ද සෑදුවේය. ඔහු ඊට රන් වළලු සතරක් වාත්තුකර ඒකේ එක පැත්තක වළලු දෙකක්ද අනික් පැත්තේ වළලු දෙකක්ද බැගින් ඒකේ අඩි සතරෙහි තැබුවේය. ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසා, පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල වළලුවලට ඒ පොලු දැම්මේය. ඔහු පවිත්‍ර රනින් කරුණාසනයක්ද සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද විය. තලාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු සාදා එක් කෙරුබයෙක් එක් කෙළවරකද අනික් කෙරුබයා අනික් කෙළවරේද කරුණාසනය දෙකෙළවර පිහිටෙවුවේය. කරුණාසනය හා සම්බන්ධකොට ඒකේ දෙකෙළවර ඔහු කෙරුබ්වරුන් සෑදුවේය. කෙරුබ්වරු ඉහළට පියාපත් විදහා ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය වසාගනිමින් ඔවුනොවුන්ට මුහුණට මුහුණ ලා සිටියෝය; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට විය.

නික්මයාම 37:1-9 Sinhala New Revised Version (NRSV)

බෙශලෙල් ද ෂිටිම් ලීයෙන් ගිවිසුම් කරඬුව සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය. එහි ඇතුළත ද පිටත ද රන් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදී ය. එය උසුලාගෙන යනු පිණිස එහි කොන් සතරට රත්රන් වළලු සතරක් සාදා ඒවා එක පැත්තක දෙක බැගින් දෙපැත්තේ සවි කෙළේ ය. පසුව ඔහු ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවායේ ද රන් ගා, කරඬුව උසුලාගෙන යනු පිණිස කරඬුවේ දෙපැත්තේ මුදු තුළින් ඒවා දැමී ය. කරුණාසනය ද තනි රනින් සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය. තවද, ඔහු කරුණාසනයේ දෙකෙළවරේ එක්කෙනා බැගින් සවි කරනු පිණිස තළාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු නිර්මාණ කෙළේ ය. කරුණාසනය සමඟ ඒකාබද්ධ ව පවතින ලෙස එක් කෙනෙකු එක් කොනක ද එක් කෙනෙකු අනිත් කොනේ ද ඔහු ඔවුන් සෑදී ය. කෙරුබ්වරුන්ගේ ද පියාපත් උඩට විහිදී, කරුණාසනයට ඉහළින් එය වසා ගත්තාක් මෙන් තිබිණි. තවද, ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා සිටින පරිදි කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු හැරී තිබිණි.

නික්මයාම 37:1-9 Sinhala New Revised Version 2018 (SNRV)