බෙශලෙල් ෂිටිම් ලීවලින් පෙට්ටිය සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද විය. ඔහු ඒකේ ඇතුළත් පිටත් පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක්ද සෑදුවේය. ඔහු ඊට රන් වළලු සතරක් වාත්තුකර ඒකේ එක පැත්තක වළලු දෙකක්ද අනික් පැත්තේ වළලු දෙකක්ද බැගින් ඒකේ අඩි සතරෙහි තැබුවේය. ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසා, පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල වළලුවලට ඒ පොලු දැම්මේය. ඔහු පවිත්‍ර රනින් කරුණාසනයක්ද සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද විය. තලාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු සාදා එක් කෙරුබයෙක් එක් කෙළවරකද අනික් කෙරුබයා අනික් කෙළවරේද කරුණාසනය දෙකෙළවර පිහිටෙවුවේය. කරුණාසනය හා සම්බන්ධකොට ඒකේ දෙකෙළවර ඔහු කෙරුබ්වරුන් සෑදුවේය. කෙරුබ්වරු ඉහළට පියාපත් විදහා ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය වසාගනිමින් ඔවුනොවුන්ට මුහුණට මුහුණ ලා සිටියෝය; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට විය.
නික්මයාම 37 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 37:1-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ