නික්මයාම 37
37
ගිවිසුම් පෙට්ටිය යනාදිය
1බෙශලෙල් ෂිටිම් ලීවලින් පෙට්ටිය සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද විය. 2ඔහු ඒකේ ඇතුළත් පිටත් පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක්ද සෑදුවේය. 3ඔහු ඊට රන් වළලු සතරක් වාත්තුකර ඒකේ එක පැත්තක වළලු දෙකක්ද අනික් පැත්තේ වළලු දෙකක්ද බැගින් ඒකේ අඩි සතරෙහි තැබුවේය. 4ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසා, 5පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල වළලුවලට ඒ පොලු දැම්මේය. 6ඔහු පවිත්‍ර රනින් කරුණාසනයක්ද සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද විය. 7තලාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු සාදා 8එක් කෙරුබයෙක් එක් කෙළවරකද අනික් කෙරුබයා අනික් කෙළවරේද කරුණාසනය දෙකෙළවර පිහිටෙවුවේය. කරුණාසනය හා සම්බන්ධකොට ඒකේ දෙකෙළවර ඔහු කෙරුබ්වරුන් සෑදුවේය. 9කෙරුබ්වරු ඉහළට පියාපත් විදහා ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය වසාගනිමින් ඔවුනොවුන්ට මුහුණට මුහුණ ලා සිටියෝය; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට විය.
10ඔහු ෂිටිම් ලීවලින් මේසය සෑදුවේය. ඒකේ දිග දෙරියනක්ද ඒකේ පළල එක්රියනක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වූයේය. 11ඔහු ඒක පවිත්‍ර රනින් වසා වටකරින් රන් ලීස්තරයක් සෑදුවේය. 12ඔහු එහි වටකරින් අල්ලක පළල ඇති පටියක්ද ඒ පටිය වටේ රන් ලීස්තරයක්ද සෑදුවේය. 13ඊට රන් වළලු සතරක් වාත්තුකර ඒකේ කකුල් සතරේ කොන් සතරෙහි ඒ වළලු දැමීය. 14මේසය ගෙන යන පිණිස පොලු දැමීමට වළලු, පටිය ළඟම තිබුණේය. 15මේසය ගෙනයන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වැසුවේය. 16ඔහු මේසය පිට තබන භාජන වන ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ පාත්‍රාද පාන පූජා වත්කරන පිණිස ඒකේ කෙණ්ඩිද පවිත්‍ර රනින් සෑදුවේය.
17ඔහු පවිත්‍ර රනින් පහන් රුකත් සෑදුවේය. තලාපු කර්මාන්තයෙන් පහන් රුක සෑදුවේය, ඒකේ අඩිය හා කඳද ඒකේ පෙති කුසලානද මොට්ටුද මල්ද ඊටම සම්බන්ධකොට සාදා තිබුණේය. 18ඒකේ පැතිවලින් නික්මෙන අතු සයක් විය; පහන් රුකේ එක් පැත්තක අතු තුනක්ය, පහන් රුකේ අනික් පැත්තේ අතු තුනක්ය. 19කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද එක් අත්තක විය; කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද අනික් පැත්තේ විය. පහන් රුකේ අතු හයේම එසේ තිබුණේය. 20පහන් රුකේ මොට්ටු සහ මල් සහිතව කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් සතරක් වූයේය. 21පහන් රුකින් නික්මෙන අතු හයට එහි අතු දෙකක් යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද එහි අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද විය. 22ඒවායේ මොට්ටුද අතුද ඊටම සම්බන්ධවූයේය. මුළු වැඩය තළනලද පවිත්‍ර රනින් කළ එකම කර්මාන්තයක් වූයේය. 23ඔහු ඒකේ පහන් සතද ඒකේ කතුරුද ඒකේ කතුරු තැටිද පවිත්‍ර රනින් සෑදුවේය. 24එයද ඊට ඇතුළත් සියලු භාජනද ඔහු පවිත්‍ර රන් තලෙන්තයකින් සෑදුවේය.
25ඔහු ෂිටිම් ලීවලින් දුම් පූජාසනය සෑදුවේය. ඒකේ දිග රියනක්ය; ඒකේ පළල රියනක්ය, එය සතරැස් විය; ඒකේ උස දෙරියනක් විය. ඒකේ අං ඊටම සම්බන්ධවිය; 26ඔහු ඒකේ මුදුනද හාත්පසින් ඒකේ පැතිද ඒකේ අංද පවිත්‍ර රනින් වසා ඒකේ වටේට රන් ලීස්තරයක් සෑදුවේය. 27ඒක ගෙන යන පිණිස පොලු තැබීමට ඒකේ දෙපැත්තේ ලීස්තරයට යටින් ඒකේ අංශ දෙකේ රන් වළලු දෙකක් සෑදුවේය. 28පොලුද ෂිටිම් ලීවලින් සාදා ඒවා රනින් වැසුවේය. 29ඔහු ශුද්ධ ආලේප තෛලයද පිරිසිදු සුවඳ ධූප ද්‍රව්‍යද තෛල මිශ්‍රකරන්නන්ගේ විධියට සෑදුවේය.
දැනට තෝරාගෙන ඇත:
නික්මයාම 37: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society