නික්මයාම 14:21-29

නික්මයාම 14:21-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෝසෙස් මුහුද දෙසට තම අත දිගු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ මුළු රැය පුරා පෙරදිග සැඬ සුළඟකින් මුහුද ආපසු ගලා යවා, මුහුද වියළි බිමකට හැරවූ සේක. මෙසේ ජලය දෙබෑ කෙරිණ. ඉශ්‍රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත්හ. මුහුදු ජලය ඔවුනට දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් පිහිටා සිටුයේ ය. ඊජිප්තුවරු ඔවුන් ලුහුබැන්දෝ, පාරාවෝගේ අශ්වයින් ද යුද්ධ රථ හා අසරුවන් ද ඔවුන් පසු පස මුහුදට වන්නෝ ය. අලුයම් යාමයේ ස්වාමින්වහන්සේ ගිනි හා වලා ටැඹ මතින් ඊජිප්තු හමුදාව දෙස බැලූ සේක්, ඔවුන් වියවුල් කළ සේක. රථ පැදවීම අසීරු වන පරිදි, උන්වහන්සේ ඔවුන්ගේ රථ රෝද බුරුල් කළ සේක. එවිට ඊජිප්තුවරු, “ඉශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් ව, පලා යමු. ස්වාමින්වහන්සේ ඔවුන් උදෙසා ඊජිප්තුවට එරෙහිව සටන් කරති” යි කීවෝ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “මුහුදට ඔබේ අත දිගු කරන්න; ඊජිප්තුවරුන් පිටත්, ඔවුන්ගේ යුද්ධ රථ හා අසරුවන් පිටත් ජලය ආපසු එන පිණිස යැ” යි කී සේක. එබැවින් මෝසෙස් තම අත මුහුදට දිගු කළේ ය. දවස උදා වෙද්දී මුහුද යළි පෙර තිබූ තැනට ම ගලා ආවේ ය. ඊජිප්තුවරුන් එයින් පලා යෑමට තැත් දැරූ නමුදු, ස්වාමින්වහන්සේ ඔවුන් මුහුද මැදට ගසා යැවූ සේක. ජල කඳ ආපසු ගලා අවුත්, යුද්ධ රථ හා අසරුවන් ද ඇතුළු පාරාවෝගේ සමස්ත හමුදාව යට කර දැමී ය. ඉශ්‍රායෙල්වරුන් පසු පස මුහුදට පැමිණි ඔවුන්ගෙන් එකකුවත් ඉතිරි නො වී ය. එහෙත් ඉශ්‍රායෙල් ජනයා තමන්ගේ දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් ජලය තිබියදී මුහුද මැද වියළි බිම දිගේ ගමන් ගත්තෝ ය.

නික්මයාම 14:21-29 Sinhala Revised Old Version (SROV)

මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේ ද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අශ්වයෝද ඔහුගේ රථද ඔහුගේ අසරුවෝද ලුහුබඳවා ඔවුන් පස්සේ මුහුද මැදට ගියෝය. තවද ස්වාමීන්වහන්සේ උදය යාමෙහි ගිනි සහ වලා ටැඹ මැදින් මිසර සේනාව දෙස බලා මිසර සේනාව වියවුල්කළසේක. උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ජලය මිසරවරුන් පිටද ඔවුන්ගේ රථ සහ අසරුවන් පිටද හැරී එන පිණිස නුඹේ අත මුහුද කෙරෙහි දිගුකරන්නැයි කීසේක. මෝසෙස් තමාගේ අත මුහුද කෙරෙහි දිගුකෙළේය, පහන්වූ කල මුහුද එහි නියම ස්වභාවයට හැරුණේය; මිසරවරු ඒ ඉදිරියට දිවගියෝය; ස්වාමීන්වහන්සේ මිසරවරුන් මුහුද මැද හෙළාදැමූසේක. ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය.

නික්මයාම 14:21-29 Sinhala New Revised Version (NRSV)

මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ ඒ මුළු රාත්‍රියේ ම පෙරදිගින් හැමූ සැඬ සුළඟක් මඟින් මුහුදු ජලය පසුබැස යාමට සලසා, මුහුද වියළි බිමකට හැරෙවු සේක. මුහුදු ජලය ද දෙබෑ විය. ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. මිසර වැසියෝ ලුහුබැඳ ගියහ; පාරාවෝගේ සියලු අසුන් ද රථ ද අසරුවන් ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ. එවිට උදය යාමයෙහි, සමිඳාණන් වහන්සේ ගිනි හා වලා ටැඹින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත් කරවූ සේක. උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ. උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මිසර වාසීන් පිට ද ඔවුන්ගේ රථ හා අසරුවන් පිට ද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුඹේ අත දිගු කරන්නැ”යි වදාළ සේක. ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක. ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය. එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.

නික්මයාම 14:21-29 Sinhala New Revised Version 2018 (SNRV)