නික්මයාම 10:13-28

නික්මයාම 10:13-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් මෝසෙස් ඊජිප්තු දේශය පිටට තම සැරයටිය දිගු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ ඒ දවස මුළුල්ලෙහිත්, රැය මුළුල්ලෙහිත් දේශය ඔස්සේ පෙරදිග සුළඟක් හමන්නට සැලසූ සේක. උදෑසන වන විට ඒ සුළඟින් පළඟැටි ගෙනැවිත් තිබිණි. උන් මුළු ඊජිප්තු දේශය ම ආක්‍රමණ කරමින්, දේශයේ හැම පෙදෙසක ම පැලපදියම් වූයේ ගණනින් අසංඛ්‍යව ය. ඒ සා පළඟැටි සේනා ඉන් පෙර කිසි කලෙක ඇති වූයේවත්, මතු ඇති වන්නේවත් නැත. පොළෝ තලය උන්ගෙන් කළු පැහැ ගන්වමින්, උන් මුළු පොළෝ තලය ම වසා ගත්හ. ගල් වැස්සෙන් පසු ඉතිරි ව තිබූ සියල්ල වන දේශයේ සියලු පැළෑටි ද ගස්වල වූ පල ද උන් කා දැමූහ. කෙත් වතුවල පැළෑටියක හෝ ගසක හෝ කොළ පැහැති කිසිවක් මුළු ඊජිප්තු දේශය තුළෙහි ම ඉතිරි නො වී ය. එවිට පාරාවෝ වහා මෝසෙස් හා ආරොන් කැඳවා, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිවත්, ඔබට එරෙහිවත් මම පව් කළෙමි. මේ වතාවටත් මගේ පාපයට කමා වී, මේ මරණීය ව්‍යසනය මා වෙතින් පහ කරන ලෙස ඉල්ලා ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට කන්නලව් කරන්නැ” යි ඉල්ලී ය. මෝසෙස් එවිට පාරාවෝ වෙතින් බැහැර ව ගොස්, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. එවිට ස්වාමින්වහන්සේ ඒ සුළඟ, අති ප්‍රබල අපරදිග සුළඟකට හැරවූ සේක. එම සුළඟින් පළඟැටි රතු මුහුදට ගසා ගෙන යන ලදහ. ඊජිප්තු දේශයේ කොතැනකවත් එක පළඟැටියකුදු ඉතිරි නො වී ය. එහෙත් ස්වාමින්වහන්සේ පාරාවෝගේ හදවත දැඩි කළ සේක. ඔහු ඉශ්‍රායෙල්වරුනට යෑමට ඉඩ දුන්නේ නැත. ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඊජිප්තු දේශය මත අන්ධකාරයක් පැතිරෙන පිණිස, අතගා බැලිය හැකි තරම් අන්ධකාරයක් පැතිරෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් අහස දෙසට තම අත දිගු කළේ ය. එවිට මුළු ඊජිප්තු දේශය ඝන අන්ධකාරයකින් තුන් දවසක් ම වැසී ගත්තේ ය. තුන් දවසක් ම කිසිවකුටත් එකිනෙකා දකින්නට හෝ හුන් තැනින් ඈත්-මෑත් වන්නට හෝ නුපුළුවන් විය. එහෙත් සියලු ඉශ්‍රායෙල්වරුනට ඔවුන් විසූ තැන්හි එළිය තිබිණ. එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, ඔහු අමතමින්, “යන්න; ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න. ඔබේ අඹු-දරුවන්ටත් ඔබ සමඟ යා හැකියි. ඔබේ එළු බැටළු හා ගව රංචු පමණක් නවතා යන්නැ” යි කීවේ ය. එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින්, “අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාග පූජා හා දවන යාග ඇති ව යන්නට ඔබ අපට ඉඩ දිය යුතුයි. එබැවින් අපගේ සත්ව සම්පත ද අප සමඟ යා යුතුයි. එක කුරයක්වත් තබා ගිය නො හැකියි. අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමේදී මුන්ගෙන් ඇතමකු අපට වුවමනා වනු ඇත. ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට උපයෝගී කර ගත යුත්තේ කවරක්දැයි අප එහි යන තෙක් ම දන්නේ නැතැ” යි පැවසී ය. එහෙත් ස්වාමින්වහන්සේ පාරාවෝගේ හදවත දැඩි කළ සේක. එබැවින් ඔවුනට යන්නට ඉඩ දීමට ඔහු කැමති වූයේ නැත. පාරාවෝ මෝසෙස්ට කතා කොට, “මගේ දෑහැට නො පෙනී යනු! ආයෙත් මා හමුවට නො ඒමට වග බලා ගනු! නුඹ යළි මගේ මුහුණ දකින දවසේ නුඹ නසිනු ඇතැ” යි කීවේ ය.

නික්මයාම 10:13-28 Sinhala Revised Old Version (SROV)

මෝසෙස් තමාගේ සැරයටිය මිසර දේශය කෙරෙහි දිගුකෙළේය, ස්වාමීන්වහන්සේ ද ඒ දවසේ දවාල හා රාත්‍රිය මුළුල්ලෙහි ඒ දේශය පිටට පෙරදිග සුළඟක් පැමිණෙවුසේක; පහන්වුණු කල පෙරදිග සුළඟින් පළඟැටියෝ ගෙනෙන ලද්දෝය. පළඟැටියෝ මිසර දේශය මුළුල්ලෙහි ගොස් මිසරයේ සියලු සීමාවල නැවතී සිටියෝය; උන් ඉතා භයානක වූය; ඊට පළමුවෙන් එබඳු පළඟැටියෝ නොවූහ, ඊට පසුවත් නොවන්නාහ. මක්නිසාද දේශය අඳුරුවෙන තරම් උන් මුළු පොළෝතලය වසාගෙන දේශයේ සියලු පලා ජාතිද ගල් වර්ෂාවෙන් ඉතිරි වූ ගස්වල සියලු ගෙඩිද කෑවෝය. මිසර දේශය මුළුල්ලෙහි කෙතේ ගසක්වත් පලා ජාතියක්වත් කිසි අමු දෙයක්වත් ඉතිරි නොවීය. එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් හණික කැඳවා: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ත් නුඹලාටත් විරුද්ධව පව්කෙළෙමි. එබැවින් මේ වර පමණක් මාගේ පාපයට කමාවී මේ මරණය පමණක් මාගෙන් පහකරන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්නැයි කීවේය. ඔහු ඵාරාවෝ වෙතින් ගොස් ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඉතා බලවත් හුළඟක් බස්නාහිරින් හැමවූසේක, පළඟැටියෝ ගහගන ගොස්, රතු මුහුදේ හෙළන ලද්දෝය; මිසරයේ මුළු සීමාව තුළ එක පළඟැටියෙක්වත් ඉතුරුනොවීය. එහෙත් ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් යන්ට නොහැරියේය. එකල්හි ස්වාමීන්වහන්සේ: අන්ධකාරය එනම් අතගා බලන්ට හැකිතරම් අන්ධකාරය මිසර දේශය පිටට පැමිණෙන පිණිස නුඹේ අත අහස දෙසට දිගුකරන්නැයි මෝසෙස්ට කීසේක. මෝසෙස් තමාගේ අත අහස දෙසට දිගුකෙළේය; එවිට මිසර දේශය මුළුල්ලෙහි තුන් දවසක් ඝනාන්ධකාරයක් වූයේය; ඔවුන් තුන් දවසක් එකිනෙකා දුටුවේවත් කිසිවෙක් තමාගේ ස්ථානයෙන් නැගිට්ටේවත් නැත. නුමුත් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වාසස්ථානවල එළිය තිබුණේය. එවිට ඵාරාවෝ මෝසෙස්ට හඬගසා: නුඹලා ගොස් ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න; නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද පමණක් නවතීවා. නුඹලාගේ බාලයෝද නුඹලා සමඟ යෙත්වයි කීවේය. මෝසෙස්: අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස ඔබ අපේ අත්වලට පූජාද දවන පූජාද දිය යුතුය. අපේ ගවයන් අප සමඟ යා යුතුය; එක කුරයක්වත් ඉතුරුකර යන්ට නුපුළුවන; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකිරීමට ගවයන්ගෙන් ගත යුතුය; කුමකින් ස්වාමීන්වහන්සේට මෙහෙකටයුතුදැයි එහි යන තෙක් නොදනිමුයයි කීය. එහෙත් ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ හිත දැඩිකළසේක, ඔහු ඔවුන් යන්ට හරින්ට නොකැමැතිවිය. ඵාරාවෝ: මා කෙරෙන් යන්න; තවත් මාගේ මුහුණ නොදක්නට බලාගන්න; මක්නිසාද මාගේ මුහුණ දක්නාවූ දවසේදී නුඹ නසින්නෙහියයි කීයේය.

නික්මයාම 10:13-28 Sinhala New Revised Version (NRSV)

මෝසෙස් ද මිසර දේශය දෙස තම සැරයටිය එසවී ය. එවිට සමිඳාණන් වහන්සේ එදින මුළු දිවා රෑ දෙක්හි මිසර දේශය පුරා පෙරදිගින් සුළඟක් හමන්නට සැලැසූ සේක. පහන් වූ විට පෙරදිගින් හැමූ සුළඟ පළඟැටියන් ගෙනාවේ ය. උන් මුළු මිසර දේශයට වැදී මුළු රට පුරා පැතිර ගියහ. එවැනි විශාල පළඟැටි රංචුවක් ඊට කලින් නම් නො වී ය; මතු ද නොවනු ඇත. උන් මුළු පොළෝ තලය ම වසාගත් බැවින් රට අඳුරු විය. උන් මිහි පිට වූ පැළෑටි සියල්ල ද ගල් වර්ෂාවෙන් බේරුණු ගස්වල ගෙඩි සියල්ල ද කාදැමූ හ. මෙලෙස මිසර දේශය පුරා ගසක අමු කොළයක් වත්, කෙතක පැළෑටියක් වත් ඉතිරි නො වී ය. එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් වහා කැඳවා, “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට ද, නුඹලාට ද විරුද්ධ ව මම පව් කෙළෙමි. දැන් ඉතින් කරුණාකර, මේ අන්තිම වතාවට මාගේ පාපයට කමා වී, මේ මාරක වසංගතය මගෙන් ඉවත් කරන ලෙස නුඹලාගේ දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය. මෝසෙස් ද පාරාවෝ වෙතින් ගොස් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. සමිඳාණන් වහන්සේ අපරදිගින් වේගවත් සුළඟක් හමන්නට සැලැසූ සේක. එය පළඟැටියන් ගසාගෙන ගොස් උන් රතු මුහුදට දැමී ය. ඉන්පසු මිසර දේශය පුරා එක පළඟැටියෙක් වත් ඉතිරි නො වී ය. එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඉශ්රායෙල් ජනයාට යන්නට අවසර නුදුන්නේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අහස දෙසට අත දිගු කරන්න. එවිට අන්ධකාරයක් - අතගා බලන්න හැකි තරම් ඝනාන්ධකාරයක්, මිසර දේශය වසාගන්නේ ය”යි වදාළ සේක. මෝසෙස් ද අහස දෙසට තම අත දිගු කළ විට තුන් දිනක් පුරා මුළු මිසර දේශයෙහි ඝනාන්ධකාරයක් ඇති විය. එවිට තුන් දිනක් පුරා ඔවුන්ට එකිනෙකා නොපෙනී ගොස් ඔව්හු සිටි තැන ම නොසෙල්වී සිටියහ. එහෙත්, මුළු ඉශ්රායෙල් ජනතාවට තමන් විසූ තැන්වල ආලෝකය ඇති විය. එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, “යන්න, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ දරුදැරියන්ට හා ස්ත්‍රීන්ට පවා යෑමට අවසර දෙමි. එළු බැටළු හා ගව පට්ටි පමණක් මෙහි නවතාලන්නැ”යි කීවේ ය. මෝසෙස් එවිට ඔහුට උත්තර දෙමින්, “අප දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා කරන පිණිස ඔබ අපට යාග හා දවන පඬුරු ද දිය යුතු ය. එබැවින් අපගේ ගවසම්පත ද අප සමඟ යා යුතු ය. එක සතෙකු වත් මෙහි ඉතුරු නොකරනු ඇත. අප එහි යන තෙක් සමිඳාණන් වහන්සේට කුමකින් වැඳුම්පිදුම් කළ යුතු ද කියා අපි නොදනිමු”යි කී ය. එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඔවුන්ට යන්න අවසර නුදුන්නේ ය. ඔහු මෝසෙස්ට කතා කොට, “මෙතැනින් පලා යන්න; මින්පසු නම් මා ඉදිරියට නොඑන්නට බලාගන්න, මා නුඹ දකින්නේ කවර දිනක ද එදින නුඹ නසිනු ඇතැ”යි කී ය.

නික්මයාම 10:13-28 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 10:13-28 New International Version (NIV)

So Moses stretched out his staff over Egypt, and the LORD made an east wind blow across the land all that day and all that night. By morning the wind had brought the locusts; they invaded all Egypt and settled down in every area of the country in great numbers. Never before had there been such a plague of locusts, nor will there ever be again. They covered all the ground until it was black. They devoured all that was left after the hail—everything growing in the fields and the fruit on the trees. Nothing green remained on tree or plant in all the land of Egypt. Pharaoh quickly summoned Moses and Aaron and said, “I have sinned against the LORD your God and against you. Now forgive my sin once more and pray to the LORD your God to take this deadly plague away from me.” Moses then left Pharaoh and prayed to the LORD. And the LORD changed the wind to a very strong west wind, which caught up the locusts and carried them into the Red Sea. Not a locust was left anywhere in Egypt. But the LORD hardened Pharaoh’s heart, and he would not let the Israelites go. Then the LORD said to Moses, “Stretch out your hand toward the sky so that darkness spreads over Egypt—darkness that can be felt.” So Moses stretched out his hand toward the sky, and total darkness covered all Egypt for three days. No one could see anyone else or move about for three days. Yet all the Israelites had light in the places where they lived. Then Pharaoh summoned Moses and said, “Go, worship the LORD. Even your women and children may go with you; only leave your flocks and herds behind.” But Moses said, “You must allow us to have sacrifices and burnt offerings to present to the LORD our God. Our livestock too must go with us; not a hoof is to be left behind. We have to use some of them in worshiping the LORD our God, and until we get there we will not know what we are to use to worship the LORD.” But the LORD hardened Pharaoh’s heart, and he was not willing to let them go. Pharaoh said to Moses, “Get out of my sight! Make sure you do not appear before me again! The day you see my face you will die.”