නික්මයාම 10:13-28
නික්මයාම 10:13-28 SROV
මෝසෙස් තමාගේ සැරයටිය මිසර දේශය කෙරෙහි දිගුකෙළේය, ස්වාමීන්වහන්සේ ද ඒ දවසේ දවාල හා රාත්‍රිය මුළුල්ලෙහි ඒ දේශය පිටට පෙරදිග සුළඟක් පැමිණෙවුසේක; පහන්වුණු කල පෙරදිග සුළඟින් පළඟැටියෝ ගෙනෙන ලද්දෝය. පළඟැටියෝ මිසර දේශය මුළුල්ලෙහි ගොස් මිසරයේ සියලු සීමාවල නැවතී සිටියෝය; උන් ඉතා භයානක වූය; ඊට පළමුවෙන් එබඳු පළඟැටියෝ නොවූහ, ඊට පසුවත් නොවන්නාහ. මක්නිසාද දේශය අඳුරුවෙන තරම් උන් මුළු පොළෝතලය වසාගෙන දේශයේ සියලු පලා ජාතිද ගල් වර්ෂාවෙන් ඉතිරි වූ ගස්වල සියලු ගෙඩිද කෑවෝය. මිසර දේශය මුළුල්ලෙහි කෙතේ ගසක්වත් පලා ජාතියක්වත් කිසි අමු දෙයක්වත් ඉතිරි නොවීය. එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් හණික කැඳවා: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ත් නුඹලාටත් විරුද්ධව පව්කෙළෙමි. එබැවින් මේ වර පමණක් මාගේ පාපයට කමාවී මේ මරණය පමණක් මාගෙන් පහකරන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්නැයි කීවේය. ඔහු ඵාරාවෝ වෙතින් ගොස් ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඉතා බලවත් හුළඟක් බස්නාහිරින් හැමවූසේක, පළඟැටියෝ ගහගන ගොස්, රතු මුහුදේ හෙළන ලද්දෝය; මිසරයේ මුළු සීමාව තුළ එක පළඟැටියෙක්වත් ඉතුරුනොවීය. එහෙත් ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් යන්ට නොහැරියේය. එකල්හි ස්වාමීන්වහන්සේ: අන්ධකාරය එනම් අතගා බලන්ට හැකිතරම් අන්ධකාරය මිසර දේශය පිටට පැමිණෙන පිණිස නුඹේ අත අහස දෙසට දිගුකරන්නැයි මෝසෙස්ට කීසේක. මෝසෙස් තමාගේ අත අහස දෙසට දිගුකෙළේය; එවිට මිසර දේශය මුළුල්ලෙහි තුන් දවසක් ඝනාන්ධකාරයක් වූයේය; ඔවුන් තුන් දවසක් එකිනෙකා දුටුවේවත් කිසිවෙක් තමාගේ ස්ථානයෙන් නැගිට්ටේවත් නැත. නුමුත් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වාසස්ථානවල එළිය තිබුණේය. එවිට ඵාරාවෝ මෝසෙස්ට හඬගසා: නුඹලා ගොස් ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න; නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද පමණක් නවතීවා. නුඹලාගේ බාලයෝද නුඹලා සමඟ යෙත්වයි කීවේය. මෝසෙස්: අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස ඔබ අපේ අත්වලට පූජාද දවන පූජාද දිය යුතුය. අපේ ගවයන් අප සමඟ යා යුතුය; එක කුරයක්වත් ඉතුරුකර යන්ට නුපුළුවන; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකිරීමට ගවයන්ගෙන් ගත යුතුය; කුමකින් ස්වාමීන්වහන්සේට මෙහෙකටයුතුදැයි එහි යන තෙක් නොදනිමුයයි කීය. එහෙත් ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ හිත දැඩිකළසේක, ඔහු ඔවුන් යන්ට හරින්ට නොකැමැතිවිය. ඵාරාවෝ: මා කෙරෙන් යන්න; තවත් මාගේ මුහුණ නොදක්නට බලාගන්න; මක්නිසාද මාගේ මුහුණ දක්නාවූ දවසේදී නුඹ නසින්නෙහියයි කීයේය.

