ද්වීතීය කථාව 16:16-17
ද්වීතීය කථාව 16:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අවුරුද්දකට තුන් වතාවක් ඔබේ සියලු පිරිමින්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයෙහි උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ය. ඒ, මුහුන් නුමුසු රොටි මංගල්‍යයේදී, සති මංගල්‍යයේදී හා කූඩාරම් මංගල්‍යයේදී ය. කිසිවකු හෝ ස්වාමින්වහන්සේ ඉදිරියට හිස් අතින් නො පැමිණිය යුතු ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇති ප්රමාණානුකූල ව හැම කෙනෙක් ම තුටු පඬුරක් ගෙන ආ යුතු ය.
ද්වීතීය කථාව 16:16-17 Sinhala Revised Old Version (SROV)
අවුරුද්දට තුන් වරක් එනම් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද නුඹේ සියලු පිරිමි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය. ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිස් අතින් නොපෙනී, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දී තිබෙන ආශීර්වාදයේ හැටියට, එකිනෙකා තම තමාගේ පුළුවන්කම ප්‍රකාර දීමනාවක් ඇතුව පෙනී සිටීවා.
ද්වීතීය කථාව 16:16-17 Sinhala New Revised Version (NRSV)
“දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් රොටි මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන පරිදි තම තමාගේ පුළුවන්කමේ හැටියට පඬුරක් පිදිය යුතු ය.”
ද්වීතීය කථාව 16:16-17 Sinhala New Revised Version 2018 (SNRV)
“දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් පූප මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන පරිදි තම තමාගේ පුළුවන්කමේ හැටියට පඬුරක් පිදිය යුතු ය.”
ද්වීතීය කථාව 16:16-17 New International Version (NIV)
Three times a year all your men must appear before the LORD your God at the place he will choose: at the Festival of Unleavened Bread, the Festival of Weeks and the Festival of Tabernacles. No one should appear before the LORD empty-handed: Each of you must bring a gift in proportion to the way the LORD your God has blessed you.