ද්විතීය නීති සංග්‍රහය 16
16
පාස්කු මංගල්‍යය
(නික්ම 2:1-20)
1 #
නික්ම 12:1-20; ලෙවී 23:5-8; ගණන් 28:16-25 “ආබිබ් මාසය අනුස්මරණය කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කු මංගල්‍යය පවත්වන්න. මන්ද, ආබිබ් මාසයේ දී එක් රාත්‍රියක උන් වහන්සේ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා බැවිනි. 2එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවන්නට තෝරාගන්න ස්ථානයේ දී එළු බැටළුවන්ගෙන් සහ ගවයන්ගෙන් පාස්කු යාගය පිදිය යුතු ය. 3ඔබ එය සමඟ මුහුන් මිශ්‍ර පූප නොකෑ යුතු ය. දින හතක් ම ඔබ දුක්ගැහැට සිහිපත් වන පූප එනම්, නුමුහුන් පූප කෑ යුතු ය. මන්ද, ඔබ මිසර දේශයෙන් පිටතට ලහි ලහියේ පැමිණි දින කෑවේ නුමුහුන් පූප ය. ඔබ මිසර දේශයෙන් පිටතට පැමිණි දින ඔබට දිවි ඇති තාක් සිහිපත් වනු පිණිස එලෙස කළ යුතු ය. 4දින හතක් ඔබේ මුළු දේශය තුළ ම කිසිවෙකු ළඟ මුහුන් රොටි තබා නොගත යුතු ය. පළමු වන දින හවස ඔබ පූජා කළ මස්වලින් කිසිවක් උදය දක්වා තබා නොගත යුතු ය.
5“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන හැම නගරයක දී ම ඔබ පාස්කු යාගය පූජා නොකළ යුතු ය. 6මිසර දේශයෙන් ඔබ නික්ම ආ කාලයේ දී, සවස ඉර බැස යන විට ඔබ පාස්කු යාගය පිදිය යුත්තේ, උන් වහන්සේ සිය නාමය පිහිටුවනු සඳහා තෝරාගත් ස්ථානයෙහි ය. 7ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී ඔබ එය පුළුස්සා අනුභව කර, උදය කාලයේ ආපසු හැරී ඔබේ කූඩාරම්වලට යා යුතු ය. 8දින හයක් ඔබ නුමුහුන් පූප කෑ යුතු ය. හත් වන දින දෙවි සමිඳාණන් වහන්සේගේ මහිමය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා එදින වැඩ නොකළ යුතු ය.”
අස්වැන්න මංගල්‍යය
(නික්ම 34:22; ලෙවී 23:15-21)
9 #
ලෙවී 23:15-21; ගණන් 28:26-31 “සති හතක් ගණන් කරගන්න. ධාන්‍ය නෙළීමට දෑකැත්ත යොදන දින පටන් ඒ සති හත ගණන් කරන්න පටන්ගන්න. 10ඉන්පසු දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන සැටියට, ඔබ උන් වහන්සේට ස්වේච්ඡා පූජා පඬුරක් පුදා උන් වහන්සේගේ ගෞරවය පිණිස අස්වැන්න මංගල්‍යය පැවැත්විය යුතු ය. 11මෙසේ කළ පසු දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීමට තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි, ඔබ ද ඔබේ පුතා සහ දුව ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඔබ සමඟ සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 12මිසරයේ ඔබ වහලෙකු මෙන් සිටි බව සිහි කොට, මේ නීති නොකඩා පිළිපැදිය යුතු ය.”
කූඩාරම් මංගල්‍යය
(ලෙවී 23:33-43)
13 #
ලෙවී 23:33-36,39-43; ගණන් 29:12-38 “ඔබේ ධනධාන්‍ය සහ මිදි ඔබ එකතු කළායින් පසු, දින හතක් ඔබ කූඩාරම් මංගල්‍යය පැවැත්විය යුතු ය. 14මෙසේ පවත්වන ඒ මංගල්‍යයේ දී ඔබ ද ඔබේ පුතා ද දුව ද ඔබේ දැසිදසුන් ද ලෙවීවරුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 15ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේගේ ගෞරවය පිණිස ඔබ ඒ මංගල්‍යය දින හතක් පැවැත්විය යුතු ය. සරු අස්වැන්නක් දීමෙන් ද ඔබේ සියලු වැඩ කටයුතු සඵල කිරීමෙන් ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කළ බැවින් ඔබ ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
16“දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් පූප මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය. 17දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන පරිදි තම තමාගේ පුළුවන්කමේ හැටියට පඬුරක් පිදිය යුතු ය.”
නඩු විසඳීම
18“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන සෑම නගරයක් තුළ ම, ගෝත්‍රයක් ගෝත්‍රයක් පාසා විනිශ්චයකාරයන් සහ නිලධාරීන් පත් කළ යුතු ය. ඔවුන් ද සාධාරණ ලෙස සෙනඟ විනිශ්චය කළ යුතු ය. 19#නික්ම 23:6-8; ලෙවී 19:15ඔවුන් අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතු ය. ඔවුන් මිනිසුන්ගේ තරාතිරම් නොබැලිය යුතු ය. අල්ලස් නොගත යුතු ය. අල්ලස් ගැනීමෙන් පැණවතුන්ගේ නෙත් අඳුරු වේ; දමිටුන්ගේ වචන පවා නොපිටට පෙරළේ. 20යුක්තිය, යුක්තිය පමණක් ම, අනුගමනය කළ යුතු ය. මෙසේ කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශය උරුම කරගෙන ඔබට එහි ජීවත් විය හැකි ය.
21 #
නික්ම 34:13
“දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කරන කල, ඒ අසල ලීයෙන් කළ රූපස්තම්භයක් සිටුවිය යුතු නොවේ. 22#ලෙවී 26:1අෂේරා කප් කණුවක් ද එහි ඉදි නොකළ යුතු ය. මෙසේ කිරීම දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.
දැනට තෝරාගෙන ඇත:
ද්විතීය නීති සංග්‍රහය 16: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න