ද්වීතීය කථාව 15:1-6
ද්වීතීය කථාව 15:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සෑම හත් වසරක් කෙළවරදී ඔබ, ණය අවලංගු කළ යුතු ය. එය කළ යුත්තේ මෙසේයි: හැම ණය හිමියෙක් ම තම සහෝදර අසල්වැසියාට දී තිබූ ණය අවලංගු කළ යුතු ය. ස්වාමින්වහන්සේගේ ණය කපා හැරීම ප්‍රකාශ කර ඇති බැවින්, තම සහෝදරයාට, තම අසල්වැසියාට ණය ඉල්ලා බල කිරීම නො කළ යුතු ය. ණය ගෙවන ලෙස විදෙස්සකුට බල කිරීමට ඔබට පුළුවන. එහෙත් ඔබේ සහෝදර ජනයාගේ කෙනකුගෙන් ඔබට අය විය යුතු කවර ණයක් වුව ඔබ කපා හැරිය යුතු ය. කෙසේ වුව ද ඔබ අතරේ දිළිඳුන් නො සිටිය යුතු ය. මන්ද ඔබට උරුමයක් කොට හිමි කර ගන්නට, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙහි උන්වහන්සේ ඔබට මහත් සේ ආශිර්වාද කරන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට ඔබ සපුරාම කීකරු වෙමින්, අද මා ඔබට ආඥා කරන මේ සියලු ආඥා පිළිපැදීමට ඔබ පරෙස්සම් වුවහොත් පමණි. පොරොන්දු වූ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්, බොහෝ ජාතීන්ට ඔබ ණයට දෙනු ඇත. එහෙත් කිසිවකුගෙන්වත් ණයට ගන්නේ නැත. ඔබ බොහෝ ජාතීන් පාලනය කරනු ඇත. එහෙත් ඔවුන් ඔබ පාලනය කරනු නැත.
ද්වීතීය කථාව 15:1-6 Sinhala Revised Old Version (SROV)
හැම අවුරුදු සතක කෙළවරදී නුඹ විසින් මුදාලීමක් කළ යුතුය. මුදාලීමේ පිළිවෙළ මෙසේය: තමාගේ අසල්වාසියාට ණයට දුන් කවුරු නුමුත් ණයට දෙනලද්ද තමාගේ අසල්වාසියාගෙන්වත් සහෝදරයාගෙන්වත් අයනොකර මිදීමක් දෙන්ට ඕනෑය; මක්නිසාද ස්වාමීන්වහන්සේ දෙන මිදීම ප්‍රකාශකරනලද්දේය. පරදේශියෙකුගෙන් නම් ඒක අයකරන්ට නුඹට පුළුවන. එහෙත් නුඹට අයිති යමක් නුඹේ සහෝදරයා ළඟ ඇද්ද, නුඹ එය නිදහස්කර දෙන්න. කොයි හැටි වුවත් නුඹ වෙත දිළින්දෙක් නොසිටිය යුතුය; මක්නිසාද මා විසින් අද නුඹට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න හැටියට නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට මනාකොට ඇහුම්කන්දෙන්නෙහිනම්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකර ගැනීමට උරුමයක් කොට දෙන දේශයේදී ස්වාමීන්වහන්සේ නුඹට සැබවින් ආශීර්වාද කරනවා ඇත; එසේය, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවූ ලෙස නුඹට ආශීර්වාද කරන නිසා, නුඹ බොහෝ ජාතීන්ට ණය දෙන්නෙහිය, නුමුත් ණය නොගන්නෙහිය; නුඹ බොහෝ ජාතීන් කෙරෙහි අධිපතිකම්කරන්නෙහිය, නුමුත් ඔව්හු නුඹ කෙරෙහි අධිපතිකම් නොකරන්නෝය.
ද්වීතීය කථාව 15:1-6 Sinhala New Revised Version (NRSV)
“සෑම සත් අවුරුද්දක් අවසානයේ දී ඔබ ණය බරින් නිදහසක් දිය යුතු ය. ණයෙන් නිදහස දීම මෙලෙස විය යුතු ය. තම අසල්වැසියාට ණයට දෙන සෑම කෙනෙකු ම, ඒ තැනැත්තාට ණයෙන් නිදහස දිය යුතු වේ. තම අසල්වැසියාගෙන් හෝ මොහුගේ සොහොයුරාගෙන් හෝ ඔහු එය බලෙන් නොගත යුතු ය. මන්ද, මෙය වනාහි සමිඳාණන් වහන්සේ දානය කරන නිදහසකි. විදේශිකයෙකුගෙන් නම්, එය එකතු කරගත හැකි ය. එහෙත්, ඔබේ ම සහෝදරයෙකුට නම්, ණයෙන් නිදහස දිය යුතු ය. “කෙසේ වුවත් ඔබ අතර දිළිඳුන් නොසිටිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට හිමි කරදෙන දේශයෙහි උන් වහන්සේ ඔබ හට ඉමහත් ලෙස ආශීර්වාද කරන සේක. උන් වහන්සේ එසේ කරන්නේ මා ඔබට අද දින නියම කරන උන් වහන්සේගේ හඬට සාවධානයෙන් සවන් දී, මේ සියලු අණපණත් ඔබ ආරක්ෂා කොට ඒවා පිළිපැද්දොත් පමණක් ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා ඔබ බොහෝ ජාතීන්ට මුදල් ණයට දෙන්නහු ය. එහෙත්, ඔබ නම් මුදල් ණයට ඉල්ලා නොගත යුතු ය. ඔබ බොහෝ ජාතීන් පාලනය කරන්නහු ය. එහෙත්, ඔව්හු ඔබ පාලනය නොකරන්නෝ ය.
ද්වීතීය කථාව 15:1-6 Sinhala New Revised Version 2018 (SNRV)
“සෑම සත් අවුරුද්දක් අවසානයේ දී ඔබ ණය බරින් නිදහසක් දිය යුතු ය. ණයෙන් නිදහස දීම මෙලෙස විය යුතු ය. තම අසල්වැසියාට ණයට දෙන සෑම කෙනෙකු ම, ඒ තැනැත්තාට ණයෙන් නිදහස දිය යුතු වේ. තම අසල්වැසියාගෙන් හෝ මොහුගේ සොහොයුරාගෙන් හෝ ඔහු එය බලෙන් නොගත යුතු ය. මන්ද, මෙය වනාහි සමිඳාණන් වහන්සේ දානය කරන නිදහසකි. විදේශිකයෙකුගෙන් නම්, එය එකතු කරගත හැකි ය. එහෙත්, ඔබේ ම සහෝදරයෙකුට නම්, ණයෙන් නිදහස දිය යුතු ය. “කෙසේ වුවත් ඔබ අතර දිළිඳුන් නොසිටිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට හිමි කරදෙන දේශයෙහි උන් වහන්සේ ඔබ හට ඉමහත් ලෙස ආශීර්වාද කරන සේක. උන් වහන්සේ එසේ කරන්නේ මා ඔබට අද දින නියම කරන උන් වහන්සේගේ හඬට සාවධානයෙන් සවන් දී, මේ සියලු අණපනත් ඔබ ආරක්ෂා කොට ඒවා පිළිපැද්දොත් පමණක් ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා ඔබ බොහෝ ජාතීන්ට මුදල් ණයට දෙන්නහු ය. එහෙත්, ඔබ නම් මුදල් ණයට ඉල්ලා නොගත යුතු ය. ඔබ බොහෝ ජාතීන් පාලනය කරන්නහු ය. එහෙත්, ඔව්හු ඔබ පාලනය නොකරන්නෝ ය.
ද්වීතීය කථාව 15:1-6 New International Version (NIV)
At the end of every seven years you must cancel debts. This is how it is to be done: Every creditor shall cancel any loan they have made to a fellow Israelite. They shall not require payment from anyone among their own people, because the LORD’s time for canceling debts has been proclaimed. You may require payment from a foreigner, but you must cancel any debt your fellow Israelite owes you. However, there need be no poor people among you, for in the land the LORD your God is giving you to possess as your inheritance, he will richly bless you, if only you fully obey the LORD your God and are careful to follow all these commands I am giving you today. For the LORD your God will bless you as he has promised, and you will lend to many nations but will borrow from none. You will rule over many nations but none will rule over you.