ද්වීතීය කථාව 15:1-6
ද්වීතීය කථාව 15:1-6 SROV
හැම අවුරුදු සතක කෙළවරදී නුඹ විසින් මුදාලීමක් කළ යුතුය. මුදාලීමේ පිළිවෙළ මෙසේය: තමාගේ අසල්වාසියාට ණයට දුන් කවුරු නුමුත් ණයට දෙනලද්ද තමාගේ අසල්වාසියාගෙන්වත් සහෝදරයාගෙන්වත් අයනොකර මිදීමක් දෙන්ට ඕනෑය; මක්නිසාද ස්වාමීන්වහන්සේ දෙන මිදීම ප්‍රකාශකරනලද්දේය. පරදේශියෙකුගෙන් නම් ඒක අයකරන්ට නුඹට පුළුවන. එහෙත් නුඹට අයිති යමක් නුඹේ සහෝදරයා ළඟ ඇද්ද, නුඹ එය නිදහස්කර දෙන්න. කොයි හැටි වුවත් නුඹ වෙත දිළින්දෙක් නොසිටිය යුතුය; මක්නිසාද මා විසින් අද නුඹට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න හැටියට නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට මනාකොට ඇහුම්කන්දෙන්නෙහිනම්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකර ගැනීමට උරුමයක් කොට දෙන දේශයේදී ස්වාමීන්වහන්සේ නුඹට සැබවින් ආශීර්වාද කරනවා ඇත; එසේය, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවූ ලෙස නුඹට ආශීර්වාද කරන නිසා, නුඹ බොහෝ ජාතීන්ට ණය දෙන්නෙහිය, නුමුත් ණය නොගන්නෙහිය; නුඹ බොහෝ ජාතීන් කෙරෙහි අධිපතිකම්කරන්නෙහිය, නුමුත් ඔව්හු නුඹ කෙරෙහි අධිපතිකම් නොකරන්නෝය.

