ද්විතීය නීති සංග්‍රහය 15:1-6
ද්විතීය නීති සංග්‍රහය 15:1-6 NRSV
“සෑම සත් අවුරුද්දක් අවසානයේ දී ඔබ ණය බරින් නිදහසක් දිය යුතු ය. ණයෙන් නිදහස දීම මෙලෙස විය යුතු ය. තම අසල්වැසියාට ණයට දෙන සෑම කෙනෙකු ම, ඒ තැනැත්තාට ණයෙන් නිදහස දිය යුතු වේ. තම අසල්වැසියාගෙන් හෝ මොහුගේ සොහොයුරාගෙන් හෝ ඔහු එය බලෙන් නොගත යුතු ය. මන්ද, මෙය වනාහි සමිඳාණන් වහන්සේ දානය කරන නිදහසකි. විදේශිකයෙකුගෙන් නම්, එය එකතු කරගත හැකි ය. එහෙත්, ඔබේ ම සහෝදරයෙකුට නම්, ණයෙන් නිදහස දිය යුතු ය. “කෙසේ වුවත් ඔබ අතර දිළිඳුන් නොසිටිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට හිමි කරදෙන දේශයෙහි උන් වහන්සේ ඔබ හට ඉමහත් ලෙස ආශීර්වාද කරන සේක. උන් වහන්සේ එසේ කරන්නේ මා ඔබට අද දින නියම කරන උන් වහන්සේගේ හඬට සාවධානයෙන් සවන් දී, මේ සියලු අණපණත් ඔබ ආරක්ෂා කොට ඒවා පිළිපැද්දොත් පමණක් ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා ඔබ බොහෝ ජාතීන්ට මුදල් ණයට දෙන්නහු ය. එහෙත්, ඔබ නම් මුදල් ණයට ඉල්ලා නොගත යුතු ය. ඔබ බොහෝ ජාතීන් පාලනය කරන්නහු ය. එහෙත්, ඔව්හු ඔබ පාලනය නොකරන්නෝ ය.

