දානියෙල් 5:22-28
දානියෙල් 5:22-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එහෙත් එම්බා බේල්ෂසර්, ඔහුගේ පුත්‍රයා වන ඔබ මේ සියල්ල දැන සිටි නමුත්, ඔබේ සිත යටත් කර ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔබ, ස්වර්ගයේ ස්වාමින්වහන්සේට එරෙහිව ඔබ ම උසස් කර ගත්තා. උන්වහන්සේගේ දේව මාලිග භාජන ඔබ වෙත ගෙන්වා ගත්තා. ඔබත්, ඔබේ වංශවතුන්, ඔබේ බිසෝවරුන් හා ඔබේ අතිරේක භාර්යාවන් ඒවායින් මිදි යුෂ බීවා; දකින්නට, අසන්නට හෝ වටහා ගන්නට හෝ බැරි, රිදී, රන්, ලෝකඩ, යකඩ, ලී හා ගල් දෙවිවරුනට ඔබ ප්‍රශංසා කළා. එහෙත් ඔබේ ජීවිතයත්, ඔබේ සියලු මාර්ගත්, තම හස්තයෙහි දරා සිටින දෙවියන්වහන්සේට ඔබ ගෞරව දැක්වූයේ නැහැ. මෙම සටහන ලියූ අත උන්වහන්සේ එවා ඇත්තේ එබැවිනි. “එහි ලියා ඇති සටහන මෙයයි: මෙනේ, මෙනේ, තෙකේල් උපාර්සීන්. “ඒ වචනවල තේරුම මෙයයි: “මෙනේ: දෙවියන්වහන්සේ ඔබේ රාජ්‍ය කාලය ගණන් කොට, එය කෙළවර කර ඇත. “තෙකේල්: තරාදියේ ලා ඔබ කිරනු ලැබ, ඔබේ අඩු බව පෙනී ගොස් ඇත. “පෙරෙස්: ඔබේ රාජ්‍යය බෙදනු ලැබ, මේදියානුවන්ට හා පර්සියානුවන්ට දී තිබේ.”
දානියෙල් 5:22-28 Sinhala Revised Old Version (SROV)
ඔහුගේ පුත්‍රවූ බේල්ෂශර් වන ඔබ මේ සියල්ල දැනගන සිටි නුමුත් ඔබගේ සිත යටත්කර නොගෙන, ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත. එවිට අතේ කොටස උන්වහන්සේ වෙතින් එවනු ලැබීය, මේ ලියවිල්ලද ලියනලද්දේය. ලියනලද ලියවිල්ල නම්: මෙනේ, මෙනේ, තෙකේල්, උපාර්සීන් යනුය. ඒකේ අර්ථය මෙසේය: මෙනේ යනු දෙවියන්වහන්සේ ඔබගේ රජකමේ කාලය ගණන්කර කෙළවරකළසේක යනුය. තෙකේල් යනු ඔබ තරාදියේ කිරනු ලැබ, අඩු බව පෙනුණේය යනුය. පෙරෙස් යනු ඔබගේ රාජ්‍යය බෙදා, මේදවරුන්ටත් පර්සිවරුන්ටත් දෙනලද්දේය යනුයයි කීවේය.
දානියෙල් 5:22-28 Sinhala New Revised Version (NRSV)
“ඔහුගේ පුත්‍රයා වන බෙල්ෂෙසර් නම් ඔබ මේ සියල්ල දැන ගෙන සිටි නමුත්, ඔබේ සිත යටත් කර නොගෙන, ස්වර්ගයේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව උසස් වී, උන් වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගෙන, ඔබ ද ඔබේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය. තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත. උන් වහන්සේ වෙතින් අතක් එවනු ලැබ මේ ලියවිල්ල ලියන ලද්දේ ඒ බැවිනි. “ලියන ලද ලියවිල්ල නම්: ‘මෙනේ, මෙනේ, තෙකේල් උ-පාර්සීන්’ යනු යි. එහි අර්ථය මෙසේ ය: ‘මෙනේ’ යන්නෙන් දෙවියන් වහන්සේ ඔබේ රජකමේ කාලය ගණන් කර එය කෙළවර කළ සේකැ යි අදහස් කර ඇත. ‘තෙකේල්’ යන්නෙන් ඔබ තරාදියේ දමා කිරනු ලැබ, බරෙන් අඩු බව අදහස් කෙරේ. ‘උ-පාර්සීන්’ යන්නෙන් ඔබේ රාජ්‍ය බෙදා, මේදවරුන්ටත්, පර්සිවරුන්ටත් දෙන ලදැ යි අදහස් කෙරේ.”
දානියෙල් 5:22-28 New International Version (NIV)
“But you, Belshazzar, his son, have not humbled yourself, though you knew all this. Instead, you have set yourself up against the Lord of heaven. You had the goblets from his temple brought to you, and you and your nobles, your wives and your concubines drank wine from them. You praised the gods of silver and gold, of bronze, iron, wood and stone, which cannot see or hear or understand. But you did not honor the God who holds in his hand your life and all your ways. Therefore he sent the hand that wrote the inscription. “This is the inscription that was written: mene, mene, tekel, parsin “Here is what these words mean: Mene : God has numbered the days of your reign and brought it to an end. Tekel : You have been weighed on the scales and found wanting. Peres : Your kingdom is divided and given to the Medes and Persians.”