දානියෙල් 5:22-28

දානියෙල් 5:22-28 NRSV

“ඔහුගේ පුත්‍රයා වන බෙල්ෂෙසර් නම් ඔබ මේ සියල්ල දැන ගෙන සිටි නමුත්, ඔබේ සිත යටත් කර නොගෙන, ස්වර්ගයේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව උසස් වී, උන් වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගෙන, ඔබ ද ඔබේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය. තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත. උන් වහන්සේ වෙතින් අතක් එවනු ලැබ මේ ලියවිල්ල ලියන ලද්දේ ඒ බැවිනි. “ලියන ලද ලියවිල්ල නම්: ‘මෙනේ, මෙනේ, තෙකේල් උ-පාර්සීන්’ යනු යි. එහි අර්ථය මෙසේ ය: ‘මෙනේ’ යන්නෙන් දෙවියන් වහන්සේ ඔබේ රජකමේ කාලය ගණන් කර එය කෙළවර කළ සේකැ යි අදහස් කර ඇත. ‘තෙකේල්’ යන්නෙන් ඔබ තරාදියේ දමා කිරනු ලැබ, බරෙන් අඩු බව අදහස් කෙරේ. ‘උ-පාර්සීන්’ යන්නෙන් ඔබේ රාජ්‍ය බෙදා, මේදවරුන්ටත්, පර්සිවරුන්ටත් දෙන ලදැ යි අදහස් කෙරේ.”

මෙයට අදාළ වීඩියෝ

දානියෙල් 5:22-28 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය