දානියෙල් 5:22-28

දානියෙල් 5:22-28 SROV

ඔහුගේ පුත්‍රවූ බේල්ෂශර් වන ඔබ මේ සියල්ල දැනගන සිටි නුමුත් ඔබගේ සිත යටත්කර නොගෙන, ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත. එවිට අතේ කොටස උන්වහන්සේ වෙතින් එවනු ලැබීය, මේ ලියවිල්ලද ලියනලද්දේය. ලියනලද ලියවිල්ල නම්: මෙනේ, මෙනේ, තෙකේල්, උපාර්සීන් යනුය. ඒකේ අර්ථය මෙසේය: මෙනේ යනු දෙවියන්වහන්සේ ඔබගේ රජකමේ කාලය ගණන්කර කෙළවරකළසේක යනුය. තෙකේල් යනු ඔබ තරාදියේ කිරනු ලැබ, අඩු බව පෙනුණේය යනුය. පෙරෙස් යනු ඔබගේ රාජ්‍යය බෙදා, මේදවරුන්ටත් පර්සිවරුන්ටත් දෙනලද්දේය යනුයයි කීවේය.

මෙයට අදාළ වීඩියෝ

දානියෙල් 5:22-28 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය