දානියෙල් 2:29-36
දානියෙල් 2:29-36 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“අහෝ රජතුමනි, ඔබ ඔබේ යහනේ දිගා වී සිටියදී, ඔබේ සිතුවිලි, මෙයින් පසු සිදුවන දෑ වෙත හැරිණි. සිදු වන්නට යන දෑ කවරේදැයි අබිරහස් එළිදරවුකරුවාණන් ඔබට පෙන්වා දී ඇත. මේ අබිරහස මට එළිදරවු කරනු ලැබ ඇත්තේ, ජීවත් වන අනෙක් මිනිසුන්ට වඩා මහා ප්‍රඥාවක් මට ඇති නිසා නො වේ. අහෝ රජතුමනි, මෙහි අර්ථය ඔබ දැනගන්නා පිණිසත්, ඔබේ මනසේ මැවුණු දෑ කවරේදැයි ඔබ වටහා ගන්න පිණිසත් ය. “ඔබ බලා සිටින විට අහෝ රජතුමනි, මෙන්න විසල් පිළිමයක්! එම පිළිමය ප්‍රබල, අතිශය දීප්තියකින් යුතු ව ඔබ ඉදිරිපිට සිටගෙන. එහි පෙනුම භයංකරයි. පිළිමයේ හිස අමිශ්‍ර රනෙනි; එහි ළය හා අත් රිදීයෙනි; එහි උදරය හා කලවා ලෝකඩයෙනි. එහි කකුල් යකඩිනි. එහි පාද කොටසක් යකඩින් හා කොටසක් මැටියෙනි. ඔබ බලා සිටියදී මිනිස් අතින් තොර ව, කන්දෙන් ගල්-කුට්ටියක් කැපී අවුත්, යකඩ හා මැට්ටෙන් සැදුණු පිළිම-පාවලට ගසා, ඒවා පොඩි පට්ටම් කර දැමී ය. එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රන් ද එක ම විටෙක කැබලි කරනු ලදුව, ගිම්හානයේ කමතක බොල් පොතු මෙන් විණි. සුළඟ ඒවා ඉවත ගසා ගෙන ගියේ, එහි අංශු මාත්‍රයකුදු ඉතිරි නො කරමිනි. එහෙත් පිළිමයට ගැසූ ගල, මහා කන්දක් බවට පත් ව, මුළු පොළෝ තලය ම පුරවාලී ය. “සිහිනය වූයේ එයයි; දැන් අපි රජුට එහි අරුත පහදා දෙන්නෙමු.
දානියෙල් 2:29-36 Sinhala Revised Old Version (SROV)
රජ්ජුරුවෙනි, ඔබට වූකලී, මින්මතු සිද්ධවෙන්ට තිබෙන කාරණා ගැන ඔබගේ යහනේදී සිතිවිලි හටගත්තේය. රහස් එළිදරව්කරන තැනන්වහන්සේ සිද්ධවෙන්ට තිබෙන කාරණා ඔබට දන්වා තිබේ. මටත් මේ රහස එළිදරව්වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, අර්ථය රජුට දන්වනු සඳහාත් ඔබගේ සිතේ සිතිවිලි ඔබ දැනගන්නා පිණිසත්ය. රජ්ජුරුවෙනි, ඔබ මහත් රූපයක් දුටුවෙහිය. ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත්ව තිබුණේය, ඒක ඔබ ඉදිරියෙහි සිටියේය; ඒකේ පෙනීමද භයංකරය. ඒ රූපයේ හිස අනර්ඝ රත්රන්ව, ඒකේ ළය සහ අත් රිදීව, ඒකේ බඩ සහ කළවා පිත්තලව, ඒකේ කෙණ්ඩා යකඩව, ඒකේ පාදවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණේය. අතින් නොකැපූ ගලක් ගැළවී ඇවිත් රූපයේ යකඩ සහ මැටිවූ පාදවලට ගසා ඒ පොඩිකරන තුරු, ඔබ බලාසිටියෙහිය. එකල යකඩද මැටිද පිත්තලද රිදීද රත්රන්ද එකවිටම පොඩිවී, ග්‍රීෂ්ම කාලයේ පාවරවල බොල් මෙන් වී, ඒවා කිසිම ස්ථානයක නොතිබෙන ලෙස සුළඟට ගසාගනගියේය. රූපයට ගැසූ ගලද මහත් කන්දක් වී, මුළු පොළොව එයින් පිරුණේය. ස්වප්නය ඒකය; එහි අර්ථය රජු ඉදිරියේ කියන්නෙමුව.
දානියෙල් 2:29-36 Sinhala New Revised Version (NRSV)
“රජතුමනි, ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබට ඇති වූයේ, අනාගතයේ දී සිදු වන්න යන දේ පිළිබඳ සිතුවිලි ය. රහස් එළිදරව් කරන තැනැන් වහන්සේ සිදු වන්න යන දේ ඔබට දන්වා තිබේ. මේ අබිරහස මටත් එළිදරව් වී ඇත්තේ ජීවත් වී සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, ඔබේ ස්වප්නයේ තේරුම ඔබට දන්වන පිණිසත්, ඔබේ සිතේ ඇති සිතිවිලි ඔබ තේරුම්ගන්න පිණිසත් ය.” “රජතුමනි, ඔබ අතිවිශාල රූපයක් දුටුවෙහි ය. ඒ විශාල දීප්තිමත් රූපය ඔබ ඉදිරියෙහි තිබුණේ ය. එහි පෙනීම භයංකාර ය. ඒ රූපයේ හිස දඹ රනින් ද ළය සහ අත් රිදීයෙන් ද බඩ සහ කලවා ලෝකඩවලින් ද කෙණ්ඩා යකඩෙන් ද පාදවල කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද කරන ලදී. ඔබ බලා සිටිය දී මිනිස් අතින් නොකපන ලද ගලක් කන්දෙන් ගැලවී අවුත් රූපයේ යකඩ සහ මැටි පාදවල වැදී ඒවා පොඩි කරදැමී ය. එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රත්රන් ද එකට පොඩි වී ගිම්හාන කාලයේ කමතේ බොල් මෙන් සුළඟට ගසාගෙන ගියේ ය. ඒවායේ ශේෂමාත්‍රයක් වත් ඉතුරු නො වී ය. රූපයට වැදුණු ගල විශාල පර්වතයක් විය. එයින් පොළොව පිරී ගියේ ය. “එය ය, ඔබ දුටු ස්වප්න ය. දැන් එහි තේරුම රජ්ජුරුවන්ට මම කියා දෙන්නෙමි.
දානියෙල් 2:29-36 New International Version (NIV)
“As Your Majesty was lying there, your mind turned to things to come, and the revealer of mysteries showed you what is going to happen. As for me, this mystery has been revealed to me, not because I have greater wisdom than anyone else alive, but so that Your Majesty may know the interpretation and that you may understand what went through your mind. “Your Majesty looked, and there before you stood a large statue—an enormous, dazzling statue, awesome in appearance. The head of the statue was made of pure gold, its chest and arms of silver, its belly and thighs of bronze, its legs of iron, its feet partly of iron and partly of baked clay. While you were watching, a rock was cut out, but not by human hands. It struck the statue on its feet of iron and clay and smashed them. Then the iron, the clay, the bronze, the silver and the gold were all broken to pieces and became like chaff on a threshing floor in the summer. The wind swept them away without leaving a trace. But the rock that struck the statue became a huge mountain and filled the whole earth. “This was the dream, and now we will interpret it to the king.