දානියෙල් 2:29-36

දානියෙල් 2:29-36 SROV

රජ්ජුරුවෙනි, ඔබට වූකලී, මින්මතු සිද්ධවෙන්ට තිබෙන කාරණා ගැන ඔබගේ යහනේදී සිතිවිලි හටගත්තේය. රහස් එළිදරව්කරන තැනන්වහන්සේ සිද්ධවෙන්ට තිබෙන කාරණා ඔබට දන්වා තිබේ. මටත් මේ රහස එළිදරව්වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, අර්ථය රජුට දන්වනු සඳහාත් ඔබගේ සිතේ සිතිවිලි ඔබ දැනගන්නා පිණිසත්ය. රජ්ජුරුවෙනි, ඔබ මහත් රූපයක් දුටුවෙහිය. ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත්ව තිබුණේය, ඒක ඔබ ඉදිරියෙහි සිටියේය; ඒකේ පෙනීමද භයංකරය. ඒ රූපයේ හිස අනර්ඝ රත්රන්ව, ඒකේ ළය සහ අත් රිදීව, ඒකේ බඩ සහ කළවා පිත්තලව, ඒකේ කෙණ්ඩා යකඩව, ඒකේ පාදවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණේය. අතින් නොකැපූ ගලක් ගැළවී ඇවිත් රූපයේ යකඩ සහ මැටිවූ පාදවලට ගසා ඒ පොඩිකරන තුරු, ඔබ බලාසිටියෙහිය. එකල යකඩද මැටිද පිත්තලද රිදීද රත්රන්ද එකවිටම පොඩිවී, ග්‍රීෂ්ම කාලයේ පාවරවල බොල් මෙන් වී, ඒවා කිසිම ස්ථානයක නොතිබෙන ලෙස සුළඟට ගසාගනගියේය. රූපයට ගැසූ ගලද මහත් කන්දක් වී, මුළු පොළොව එයින් පිරුණේය. ස්වප්නය ඒකය; එහි අර්ථය රජු ඉදිරියේ කියන්නෙමුව.